John Keels විශාල සමාගමේ සභාපතිගේ ජීවිත කතාව
• අවුරුදු 145 ක් පැරණි ‚ කීර්තිමත් සමාගමක තුන්වැනි ශ්‍රී ලාංකික සභාපතිවරයා කැමැතියි ඔබ ගැන දැනගන්න
මං බොහොම සරල චාම් මනුෂ්‍යයෙක්. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක් දිහා මං බලන්නෙ සරල මනසකින් එතකොට උත්තර හොයන්න ලේසියි
• මේ වගේ දැවැන්ත සමාගම් සමූහයක තීන්දු තීරණ ගනිද්දීත් ඔබට පුළුවන් ද එහෙම හිතන්න
ඒ වගේ ව්‍යාපාරික තීරණ බොහෝ විට සමූහ විධායක කමිටුවේ මිස මගේ තනි තීරණ වෙන්නෙ නැහැග මේක විශාල කණ්ඩායමක් එක්ක යන ගමනක් වරායවල් තියෙනල සොසේජස් හදනල බැංකුල ඉන්ෂුවරන්ස්ල සුපර් මාකට් වගේ එකිනෙකට වෙනස් දැවැන්ත ව්‍යාපාර තියෙන සමාගමක ප්‍රශ්නත් එකිනෙකට වෙනස් ‘තියරි’ දාලා ඒවට විසඳුම් හොයනවට වඩා සරල ප්‍රායෝගික විසඳුම් තමයි සාර්ථක වෙන්නෙ
• ඔබ වඩා සතුටු වෙන්නෙ අලූතින් ව්‍යාපාර ආරම්භ කරන කොට ද නැතිනම් තිඛෙන ව්‍යාපාර පවත්වාගෙන යෑමෙන් ද?
අපි බිස්නස් අලූතින් අරගෙනත් තියෙනවාග තියෙන ඒවා විකුණලත් තියෙනවා. මේ වගේ දැවැන්ත ව්‍යාපාරවලදී ඒවා සාමාන්‍ය දේවල්.
• තියෙන ව්‍යාපාර වැහෙන එක ආයතනයකට හොඳ දෙයක් ද?
ඉස්සර අපිත් එහෙම හිතුවාග ඒත් එහෙම හැඟීම්බර වෙලා බිස්නස් කරන්න බැහැ. මිලියන – බිලියන ගණන් එහා මෙහා වන ව්‍යාපාරවලදී සමාගමක් තීන්දු තීරණ ගන්නෙ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි වැයවන කාලයල සම්පත්ල ලාභයල බිස්නස් එකේ විශාලත්වය තමයි වැදගත්ග බිස්නස් එකක් අත්හරිද්දි හිතට අමාරු එකම දෙයක් ගැන විතරයිග ඒ මානව සම්පතල නැතිනම් මිනිසුන්ගේ රස්සා… කියන සිතිවිල්ල පමණයි
• ජෝන් කීල්ස් කියන්නෙ 100% ශ්‍රී ලාංකික සමාගමක් ද?
1870 පටන් මේක ශ්‍රී ලාකික සමාගමක් තමයිග හැබැයි විදේශීය පුද්ගල සහ ආයතන 50% ක් පමණ තිඛෙනවා කොටස් අයිතිය තිඛෙන ඒ කාටවත් මේ සමාගමේ අයිතියක් නැහැ ඔවුන් කොටස්කරුවො පමණයි
• ඒ කියන්නෙ ලාභාංශ ලෙස මේ රටින් සල්ලි යනවා?
එතකොට ඒ මිනිස්සුන්ගෙ සල්ලි ගැන මොකද කියන්නෙ… ඒ අය මුදල් දමන නිසා තමයි අපේ ව්‍යාපාර මේ රටේ අති දැවැන්ත වෙන්නේග පුළුල් වෙන්නේග අනික වැඩිම කොටස් අයිතිය තිඛෙන කෙනාටත් 10% කොටස් පමණයි තියෙන්නේ හුඟක් දෙනාට අපෙන් යන බව මතකයිග නමුත් අපේ රටට ඊට වඩා සල්ලි එන බව අමතකයි
• අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්… තීන්දු තීරණ ලාභ, වත්කම්, ශේෂ මේ දේවල් එක්ක ගෙවන ජීවිතේ වෙහෙසක් නැද්ද?
මොකද නැත්තෙග දමලා ගහලා යන්න හිතුණු වෙලාවල් ඕනේ තරම්ග කොච්චර හිතුණත් ඉතින් එහෙම කළේ නැහැග වැඩ කිරීමම තමයි සතුටත්
• හොඳ නායකයෙක් නැතිවුණොත් දැවැන්ත ආයතන වුණත් කඩා වැටෙනවා ඔබ මොකද ඒ ගැන හිතෙන්නේ?
නායකයා හොඳ වුණාට වැඩක් නැහැල හොඳ කණ්ඩායමක් නැතිනම්ග ජෝන් කීල්ස් කියන්නෙ මහ විශාල Public ආයතනයක් මේ ආයතනයේ සාර්ථකත්වයට මූලිකවම බලපෑ හේතුව තමයි කණ්ඩායමක් ලෙස වැඩ කිරීම
එම්. සී. බොස්ටොක්, ඩී. ජේ. එම්. බ්ලැක්ලර්, කෙන් බාලේන්ද්‍ර සහ වී. ලින්තොටවෙ මේ අයගෙන් ඔබේ ජීවිතයට ලැබුණු දේ මොනවද?
පිළිවෙළින් ඔය මං වැඩ කළ මගේ සභාපතිවරු හතර දෙනාග සුදු ජාතික බොස්ටොක් මහතාගෙන් පටන් ගත්තම ලින්තොටවෙල මහතා දක්වා මේ චරිත හතරම මට මහා දැවැන්ත චරිත හතරක්ග ඔවුන්ගේ එකිනෙකට වෙනස් පෞරුෂත්වය තුළ ඉගෙන ගැනීමට දේ බොහෝ තිබුණා හොඳ නායකයෙක් වෙන්නල මොනවද නොකළ යුතු කියන එකයි මං ඉගෙන ගත් වැදගත්ම දේ
• ඔබ කී දෙනෙක් පාලනය කරන බොස් කෙනෙක් ද?
මම බොස් කියලා ඔළුවට අරන් පැත්තකට වෙලා ඉන්න යුගයක් නෙවෙයි මේග අපි හැමෝම සමානව වැඩ කරනවාග අනෙක් අතට සුළු සේවකයාගේ පටන් සභාපති දක්වාල අපි හැමෝම සමාගමකට වැඩ කරන අයග කොහොම වුණත් 13ල000 ක සේවක පිරිසක් වැඩ කරන දැවැන්ත සමූහයක් මේ ආයතනයග
• ඔබ කොම්පැනි 70 ක නායකයෙක්ග ඉඳහිටවත් මේ තැන්වලට ගොඩවදිනව දරෑ
අද තාක්ෂණයත් එක්කල ඔෆිස් එකේ ඉඳන් ඕන දෙයක් බලන්න පුළුවන් තමයිග ඒත් ඉඩ ලැඛෙන විදිහට මං ඔය හැම තැනකටම ගොඩවදිනවාග කීල්ස් සුපර් මාකට්වලට පවා යනවාග හැමදේම දකිනවා – බලනවාග හැබැයි ඇඟිලි ගහන්න යන්නෙ නැහැග
• සභාපතිවරයකුට බැරි නම් කාට ද පුළුවන් ඕනෑම තැනකට ඍජුව මැදිහත් වෙන්නරෑ
මං ඒ ගැන හිතන්නෙ වෙනස් විදියකටග එක තැනකට බොස්ලා දෙන්නෙක් අවශ්‍ය නැහැග අඩුපාඩුවක් ඇත්නම් පෙන්නුවට කමක් නැහැග බලපෑම් කළ යුතු නැහැග
• විශ්වාසය සහ ආත්ම ශක්තිය ජීවිතයට ගෙනෙන ප්‍රබෝධය ඔබට දැනිලා තිඛෙනව දරෑ
අනේක වරග අපි වරාය ව්‍යාපෘතියට අත ගැහුවේ ඩොලර් මිලියන 245 කටග ඒ කාලෙ සමහරු කිව්වේ ජෝන් කීල්ස් සමාගමේ අවසානය තමයි කියලාග ඒත් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණාල කණ්ඩායමක් හැටියට අපි වැඩ කළාග සාර්ථක වුණාග ලොකු ව්‍යාපෘති කරන්න පුළුවන් බව අපි ඔප්පු කළාග 2002 කසබබදපදබ ඨර්බා එකයිල කසබබදපදබ ඛ්නැිසාැ එකයි දෙකම ගන්නකොටත් මිනිස්සු අපිට හිනා වුණාග ඒ හෝටල් දෙකම ගත්තෙ ඩොලර් මිලියන 60 කටග අද මේවායේ වටිනාකම දහ ගුණයක්ග
• ඔබේ දැනුමෙන් අත්දැකීම්වලින් රටට යමක් කරන්න රජයෙන් ආරාධනා ලැබුණොත්රෑ
ඒක මට නුපුරුදු දෙයක් නෙවෙයිග රජය මගෙන් අහලත් තියෙනවාග මං උපදෙස් දීලත් තියෙනවාග හැබැයි ඒ එකක්වත් දේශපාලනිකව නෙවෙයිග රටේ ආර්ථීකයට වැදගත් ක්‍රම සම්පාදන සහ උපාය මාර්ග පිළිබඳ උපදෙස්ග නමුත් ඒවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනව ද කියන එක මට ප්‍රශ්නයක්ග
• ජීවිතයේ හැම දේම දිනන්නම ඕනේරෑ ඔබත් මෙහෙම හිතන කෙනෙක් දරෑ
කරන්න ඕනෙ දේ වෙනුවෙන් උපරීමය කිරීම මගේ සිරිතග කොහොම හරි දිනන්න ඕනෙ ය කියන එක මගේ ළඟ නැහැග අත්හැරිය යුතු දේ අත්හරින එක ජීවිතයට වගේ ම දැවැන්ත ව්‍යාපාරවලදිත් අත්‍යවශ්‍ය දෙයක්ග
• ලංකාවේ දැවැන්තම සමාගම් සමූහයක සභාපතිවරයාරෑ ඇයි ඔබ මාධ්‍යයෙන් ඈත්වෙලා ඉන්නෙරෑ
මාධ්‍යයෙන් ඈත් වෙලාම නැහැග නමුත් පත්තරවලල ටී වී වලල ඉන්ටවීව්ස්වලට මං කැමැතිම නැහැග ඒ මගේ හැටිග මොකද පෞද්ගලික නිදහස මට හුඟක් වටිනවාග ඊටත් වඩා මං ප්‍රසිද්ධියට අකැමැති කෙනෙක්ග 2006 සභාපති වුණාම තමයි මං අන්තිමට පත්තරවලට කතා කළේග
• එතකොට සිංහල පුවත්පත් එක්ක ඔබේ සබඳතාවක් ඇත්තෙම නැද්ද
එහෙම කිව්වොත් වැරැදියිග නමුත් මේ වගේ දිග ඉන්ටවිව් එකක් සිංහල පත්තරේකට දෙන පළමු වතාවග කවුරු කතා කළත් මං කිව්වෙ බැහැ කියලා
• පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද
අනෙක් හැම ළමයෙක් වගේම නටපු දඟලපුල ඇති තරම් සෙල්ලම් කරපු සහ දඟ වැඩ කරලා ගුටි කාපු ළමා කාලයක් මටත් තිබුණා
• පවුලේ ඔබ කී වැනිය ද
අයියලා තුනයිල අක්කයිග මං පස්වැනියාග මට පස්සෙ මල්ලි
• දරුවකුගේ ජීවිතයට වැටෙන හොඳ පදනම ඔහු හුඟක් දුර රැගෙන යනව දිනක ජිවිතය ඔසවා තබන්නෙත් ඒ පුරුදුරෑ ඔබ මොකද ඒ ගැන හිතන්නෙ
මගේ ජීවිතයට පදනම වැටුණෙ අම්මා අප්පච්චිගෙන්ග නිතරම හරි දේ කරන්නල නිදහසේ හිතන්න පුරුදු පුහුණු කළේ ඒ දෙන්නාග පුංචි කාලෙවත් මේක කරන්නල අරක කරන්න කියලා අපිට බලපෑම් කළේ නැහැග වැරැදි තැනෙකදි හැදුවාග අපිල අපි හැටියට නිදහසේ වැඩුණාග
• පුංචි පුතාලගේ වීරයා තාත්තාග ඔබේ වීරයා
තාත්තා රස්සාව නිසා රටපුරා ගියාග මං හුඟක් ළංවුණේ අම්මටග හැබැයි අපි දරුවො හැමෝම අම්මා අප්පච්චිට සමීප වුණාග ගෙදරින් ඉස්කෝලෙටග ඊළඟට සෙල්ලමග ආයේ ගෙදරටග ඔය රාමුව ඇතුළේ තමයි අපි හැදුණේග
• උඩරට සල්ලි බාගේ ඇති පවුලක දරුවෙක්රෑ කවදාවත් ඔබට දුක් අමාරුකම් කියන දේ දැනුණ ද
අපි සාමාන්‍ය පවුලක්ග මගේ අප්පච්චි මාසෙ පඩියක් ගත් රාජ්‍ය නිලධාරියෙක්ග අම්මා කළේ අපිව බලා ගත් එකග දරුවො හය දෙනෙක් කියන්නෙ ලොකු පවුලක්ග අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි අම්මා අප්පච්චි අපිටල ජීවිත අත්දැකීමෙන්ම හුරු කළා
• ඒ කොහොම ද
අයියලා ඇඳපු ඇඳුම් පොඩි වුණාම මල්ලිලා අඳින්න ඕනේග අයියලා පාවිච්චි කළ පොත් තමයි මල්ලිලාට ලැබුණේග මං පස්වැනියා නිසා හැම වෙලාවෙම මට ලැබුණෙ අයියලා පාවිච්චි කළ දේවල්ග අපි ආසා කළ හැම දේම ඉල්ලන පරක්කුවෙන් අපිට ලැබුණේ නැහැග ඉතින් ඒ ජීවිතයට පුරුදු වුණාග ඒ ගැන ප්‍රශ්න කරපු හෝ මවුපියන්ට කරදර කළ දරුවො නෙවෙයි අපි
• කොල්ලො පස් දෙනෙක් ඔය තරම්ම නිවුණු තාලෙට හැදුණ ය කියන එක අද කාලෙට විස්මයක්
ඒත් ඒ තමයි ඇත්තග ඒ කාලෙ අපිට පොකට් මනි කියලා දෙයක් ලැබුණා නම් ඒ රුපියලයිග ඊට වැඩි යමක් ලැබුණානම් ඒල අත්තා හරි අත්තම්මාගෙන් හරි විතරයිග දැඩි නීති රීති ගෙදර නොතිබුණාට අපි හැඩගැහුණු විනයක් තිබුණාග අප්පච්චියි අපි අතරෙ ‘ගැප්’ එකක් තිබුණෙ නැහැග අදටත් අපේ ඒ පවුල් බැඳීම ඒ වගේග අප්පච්චි නැති වුණාට අම්මා තමයි අදත් අපි මුදුනෙ තියලා සලකන්නෙ
• එතකොට ඔබ ඉගෙන ගත්තෙ
අපි නුවරග මං ගියේ ට්‍රිනිටි කොලේජ් එකටග ඕ ලෙවල් සමත් වෙලා තාත්තා මාව කොළඹ රෝයල් එකට දැම්මාග ඒ එක්කම මුළු පවුලම කොළඹ පදිංචියට ආවාග ට්‍රිනිටි එකේදි ඉගෙනුමට වඩා මගේ හිත ගියේ ක්‍රීඩාවටග රග්බියි ක්‍රිකටුයි තමා මගේ ජීවිතේ වුණේ
• රාජකීය විදුහලට පැමිŒමල ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා ද
ඉස්කෝලෙ මාරු කළාට මං මංමයිග එහෙදිත් කළේ ක්‍රිකට් ගහපු එකග රග්බි සෙල්ලම් කළ එකග අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැග අප්පච්චි මට හොඳටම බැන්නාග ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණාග ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය
• උසස් පෙළ කරන වයසෙදි රස්සාවකට යන්න තරම් ඔබ සුදුසුයි කියලා හිතුණ ද
මගේ බුද්ධිමත් භාවය පිළිබඳ මට යම් විශ්වාසයක් තිබුණාග සුදු ජාතිකයන් එක්ක හරි හරියට වැඩ කරන්න අවශ්‍ය හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබුණාග මං කොහොමත් අවදානම් තීන්දු තීරණ ගන්න දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයිග
• අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් වෙච්චි ඔබේ පියාල රස්සාවකට යන්න ගත් ඔය තීන්දුවට අවසර දුන්න ද
නැහැග මං ජෝන් කීල්ස් ආවේ අම්මා – අප්පච්චිගේ දැඩි විරෝධය මැද්දේග රස්සාව කරන ගමන් විභාගේ කරනවා කියලා පොරොන්දු වෙලාග හැබැයි මං ඒ පොරොන්දුව කඩ කළාග එතැන් පටන් මං වැඩකළේ පුදුම කැපවීමකින් අසාවකින්ග උනන්දුවකින්
• වෘත්තීය ජීවිතේ ඉහළට යන්න ඔය කියන ගුණාංග විතරක් සෑහෙනව ද
තමන්ට උඩින් හොඳ බොස් කෙනෙක් ඉන්නත් ඕනේග මං වෘත්තිය ජීවිතේ ගොඩනඟා ගත්තෙ ප්‍රායෝගිකව අත්දකිමින්ග වැඩ කරමින්ග විශ්ව විද්‍යාල ගණනාවකට ගිහින් ගත්තා වගේ දැනුමක් මට ලැබුණේ වැඩ කිරීමෙන්මයිග අද මේ සමාගමේ විධායක තනතුරකට එන්න බැහැ අදාළ උපාධියක් හෝ දෙකක් නැතිවග මට විශ්ව විද්‍යාලය වුණේ ජෝන් කීල්ස් සමාගම
• ඔබ අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි බසින් ද
නැහැග සිංහල මාධ්‍යයෙන්ග නමුත් පුංචි කාලෙ පටන් අපේ ගෙදර කතා කළේ ඉංග්‍රීසි භාෂාවග අම්මා අප්පච්චි බොහොම ඕනෑකමින් ඒ දේ කළේග මට දෙමළ භාෂාවත් පුළුවන්ග ඒ කාලේ මං දෙමළ වගේම ලතින් භාෂාවත් විෂයක් හැටියට ඉගෙන ගත්තාග
• ජෝන් කීල්ස් සමාගමේ ඔබේ පළමු රස්සාව මතක ද
පුහුණුවන විධායක නිලධාරියෙක්ග මගේ පුහුණු කාලය අවුරුද්දක් තිබුණාග නමුත් හය මාසෙකින් මං විධායක ශේ‚යට උසස් වුණාග මං ඉතා හොඳින් වැඩ කළාග සුදු ජාතිකයන් කොහොමටත් පර්ෆෝමන්ස්වලට තැන දෙන අයග මං වැඩ කළ මැකිනොන්ස් ට්‍රැවල්ස් සමාගමල එයාර්ලයින් ටිකටින් සමාගමක්ග
• පුංචි තැනෙකින් පටන් ගත් සේවකයෙක් සභාපති පුටුව දක්වා යන්නෙ බොහොම කලාතුරකින්
මාත් ඒ විරල අවස්ථාව හෝ වාසනාව විඳපු කෙනෙක්ග අවුරුදු 19 දී පුහුණුවන නිලධාරියා හය මාසෙකින් විධායක වෙනවාග ඊළඟට මැනේජර්ග ඊළඟට මැක් එයාර් කොම්පැනිය බාර අධ්‍යක්ෂවරයාග ඊළඟට ආයතන සමූහයක අධ්‍යක්ෂවරයෙක්ග ඔය විදියට අවුරුදු 47 දී සමාගමේ ඉහළම පුටුවටග අවංකව මහන්සියෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වීම හැර එතැන වෙන රහසක් නැහැග
• වෘත්තීය ජීවිතේ ලබා ගන්න තව දෙයක් තියෙනව ද
හුඟක් අය හිතන්නෙ සමාගමේ ඉහළම පුටුවට ආවම සේරම හරි කියලාග නමුත් මමයි දන්නේ මේක මහා තනි පාළු හුදෙකලා තනතුරක්ග මට අතීතයට යන්න පුළුවන්නම් මං ගිහින් විධායක ශේ‚යේ තනතුරේ නැවතිලා වැඩ කරනවාග
• ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කියන්න
කාලය කළමනා කිරීම සහ වෙලාවට වැඩ කිරීමග මං වෙලාවට වැඩ කරන කෙනෙක්ග වෙලාව කියන්නෙ වෙලාවග දවසක් මම තේ මණ්ඩලයේ මිටිමකට ගියාග මම විතරයි කවුරුත් නැහැග අහලා බලපුවම කියන වෙලාවට කවදාවත් මිටින්ස් පටන් ගන්නෙ නැති නිසා හැමෝම එන්නෙ පමා වෙලාලූග මේවා මගේ ජීවිතයේ නැති දේවල්ග කාට වුණත් මං කියන්නෙ වේලාවට වැඩ කරන්න එතකොට හැම දේම සරලව පැහැදිලිව හිතන්න කතා කරන්න පුළුවන්
• විශ්‍රාම ගිය දවසක ඔබ මොනවා කරයි ද
විශ්‍රාම යනකල් ජීවත්වෙලා හිටියොත් මං ජෝන් කීල්ස් සමාගමට අවුරුදු 40 ක් වැඩ කරලාග උදේ හතට වැඩට ඇවිත් රෑ හතට ගෙදර යන මංල උදේ දවල් ගෙදරදි දකින්න ලැබුණොත් ඒක නම් මගේ බිරිඳට නුපුරුදු දෙයක් වේවිග මටත් නුපුරුදු ඒ ජීවිතේටල කොහොම මුහුණ දෙන්න ද කියන එක මමත් තවම හිතලා නැහැ
• ඔබට තියෙන්නෙ ‘සීරියස්’ පෙනුමක්ග ඒත් හිනා වෙනකොට ප්‍රසන්න මිනිසෙක් මතු වෙනවාග ඔබ තුළ ඉන්න ඇත්ත කෙනා කවුද
මං හිතන්නෙ හිනාවෙලා ඉන්නකොට මතු වෙනවා ය කියන ඔය ප්‍රසන්න පුද්ගලයා
• කෝ දැන් ඔබ තුළ හිටි ක්‍රීඩකයා
ජෝන් කීල්ස් ආවට පස්සෙ ටික කලක් ක්‍රිකට් ගැහුවාග දැන් ඒවත් නැහැග හැබැයි අදටත් අත්හරින්නැතිව මැචස් බලන්න යනවාග
• ඔබ නියෝජනය කරන සමාජ තලයත් ව්‍යාපාරික ලෝකයේ සබඳතාත් නිසා නිතර ‘පාටි’ වලට යන්න වෙනවා
හැම රාත්‍රියකම එහෙම පාටි තුන හතරකට ආරාධනා ලැඛෙනවා තමයිග ඒත් පහුවෙනිදා මං ආපහු රස්සාවට යන්න ඕනේග ඒ නිසා අත්‍යවශ්‍යම දේකට හැර රාත්‍රී ගමන් බිමන් දැන් අඩුයි
• ඔබ ෆැෂන්වලට හුඟක් වියදම් කරන කෙනෙක් ද
පිළිවෙළකට අඳින්න පලඳින්න මං හුඟක් කැමැතියිග ඒත් ෆැෂන් කියලා පන්නන සිරිතක් මගේ නැහැ
• ඒත් හුඟක් සභාපතිවරු ‘ඊර්බාැා’ දේයිල අඳින්නෙ පලඳින්ෙ
එහෙම කරදරයක් මට නැහැග මේ ජීවත් වෙන විදිය මට පහසුවක්
• ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් හොඳම සිතිවිල්ල කුමක් ද
මගේ සමාගමටත් රටටත් යමක් කළා ය කියන සතුට මට තියෙනවාග ඒක මං හිත යටින් විඳින දෙයක්
• ජීවිතය යහපත් කරන්නෙ ප්‍රතිපත්තිරෑ ඔබේ ජීවිතය ඇසුරින් ඒ ගැන යමක් කියන්න
ප්‍රතිපත්ති මටත් තියෙනවාග ‘සරලව හිතන්නල පුළුවන් තරම් සරලව ජීවත් වෙන්න…’ මේ තමයි මගේ ප්‍රධානම ප්‍රතිපත්තිය
• ඔබේ කසෙැ ිඑහකැ එක ගැනත් දැනගන්න කැමැතියි
මං පාන්දර පහට නැගිටලා පත්තර ටික බලනවාග ෆොරින් නිවුස් බලනවාග උදේ හත වෙද්දි වැඩට යනවාග ආයේ රෑ හතට ඔෆිස් එකෙන් යනවාග නාලා කාලා 9ග30 වෙද්දි නිදියනවාග මේ තමයි කියන්න පුළුවන් සරලම විදිය
• දවසේ වැඩි කාලයක් ඔබ ඔෆිස් එකේරෑග බිරිඳගෙන් දොසක් නැද්ද
පිරිමි ඉතින්ල වයිෆ්ලගෙන් හැමදාම දොස් අහනවා තමයිග :සිනා- එයා මගේ රස්සාවට බලපෑම් කරන කෙනෙක් නෙවෙයිග ඇයටත් තියෙනවා ජීවිතයක්ග පිළිකා සංගමය වගේ හුඟක් සමාජ සේවා ආයතන එක්ක වැඩ කරන කෙනෙක්
• ඔබ රස්සාවටම කැප වෙලාරෑ බිරිය සමාජ සේවයට කැප වෙලාරෑ ගෙදර ජීවිතය විඳින්න කෝ වෙලාවක්
මොන තරම් වැඩ කළත් පවුලක් හැටියට අපි රාත්‍රී ආහාරය එක්ව ගන්නවාග මම ගෙදර නම්ල එයා වැඩ සියලූ කටයුතු සැලසුම් කරලා කොහොම හරි ගෙදර ඉන්නවාග අවබෝධය කියන දේයිල පවුල් ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍යම සැමියකුට හොඳ මානසික නිදහසක් ලබා දෙන එක හොඳ බිරියකගේ ගුණයක් ඒ අතින් මං වාසනාවන්තයි
• මොන තරම් පිරිසක් පාලනය කරන ඊදිි කෙනෙක් වුණත් තාත්තෙක් හැටියට නම් ඔබ බොහොම සංවේදී හැඩයි
ඔව්ග මගේ ලෝකෙ තමයිල මගේ දූග වයස 24 යිග එයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ එයා නැතිව හුඟක් පාළුයි
• ඔබ හොඳ බෞද්ධයෙක් ද
එහෙම වෙන්න උත්සාහ කරනවාග බෞද්ධ ධර්මය තුළ ජීවත් වීම සතුටක්ග ඒත් මට පන්සල් බෞද්ධයෙක් වෙන්න උවමනා නැහැ
• පුංචි කාලෙ නම් අත්තම්මගේ වදේටවත් සිල් ගන්න ඇති
නැහැග මං කවදාවත් සිල් අරගෙන නැහැග ඒ දේවල් නොකළට යහපත්ව ජීවත් වීමත් බෞද්ධකමට අදාළයි
• සම්මානයක් ගත්තත් වැඩිය කතා නොකරන ඔබල සිළුමිණ පාඨකයන් වෙනුවෙන් කතා කිරීම අපිට සතුටක්
මේ මං අකැමැතිම දෙයක්ග ඒ වුණාට ඔබත් බැහැයි කියන දේ හඳුන්නැති කෙනෙක් වෙන්න ඇති
Comments
Post a Comment