විද්යාඥයකු නොවු විද්යාඥයෙක්.

          
                       
බොහෝ අය හිතාගෙන ඉන්නේ ආතර් සී
ක්ලාක් කියන්නේ විද්යාඥයකු ලෙසයි, නමුත්
ඔහු යම් විද්යාත්මක පදනමක් මත විද්යා ප්‍රබන්ධ
ලියූ දක්ෂ ලේඛකයෙක්. විසිවන සියවසේ සිටි
දක්ෂම විද්යා ප්‍රබන්ධකයෙක් ලෙස මෙතුමා
හදුන්වන්න පුලුවන්. ඔහුගේ විද්යා ප්‍රබන්ධ
මිත්‍යාවන්ට නොව යම් විද්යාත්මක පදනමක්
මත විද්යාඥයන්ගේ සහාය ඇතිව ලියන ලදි.

1917 දී දෙසැම්බර් 16 වන දින එංගලන්තයේ
මයින් හෙඩ් යන ගම්මානයේ උපත ලද
මෙතුමා ගේ නිවස පිහිටා තිබුනේ මුහුදට
ආසන්නව යි. ඒ නිසා නිතරම මුහුද , අහස
නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුනු අතර ඔහු
දක්ෂ පිහිනුම් ශූරයෙක්. පාසල් කාලයේදී ද
විද්යා සගරා වලට විද්යා ප්‍රබන්ධ ලිවීමට හුරුවූ
ඔහුට පසු කලෙක දක්ෂ විද්යා ප්‍රබන්ධකයෙක්
වීමට එය බලපාන්නට ඇති.

1941 දී බ්‍රතාන්ය රාඡකීය ගුවන් හමුදාවේ
තාක්ෂණික ඉංඡිනේරු වරයෙක් වශයෙන්
කටයුතු කිරීම නිසා තාක්ෂණික නිමැයුම්
කෙරෙහි අවධානය ඇතිවුනි. 1948 දී ගණිතය
හා හෞතික විද්යාව පිළිබද පළමු පෙල
උපාධිය ලබා ගත් ඔහු Science Abstract නම්
ප්‍රකාශනයේ සහය කතුවරයෙක් වශයෙන්
කටයුතු කරන ලදී.

1954 දී ඔස්ට්රේලියාවේ සිට ලංකාව දක්වා
මුහුදේ කිමිදෙන අතර තුර ලංකාව පිළිබද
ආසාවක් ඇති වූ අතර ඔහු 1956 දී ශ්රී ලංකා
පුරවැසි බලය ලබා ගන්නා ලදී. ශ්රී
ලංකාවේ ප්‍රථම සම්මානනීය පුරවැසියා
වීමේ ගෙෳරවයද ඔහුට හිමිවේ.

ශ්‍රි ලංකාවේ නිපදවූ රන් මුතු දූව චිත්‍රපටියේ
එක් නිෂ්පාදක වරයෙක් ලෙස කටයුතු කරන ලදී.
බැද්දේගම චිත්‍රපටියේ ලෙනාඩ් වුල්ෆ් චරිතය
රග දක්වන ලද්දේ මොහු විසිනි. 1984 දී
මොරටුව විශ්ව විද්යාලය අසල ප්‍රථම
තාක්ෂණික මධ්යස්ථානය පිහිට වීමට ද
පූරෝගාමී වූයේ මෙතුමාය.ශ්‍රි ලංකාවේ
වීශාලම දූරේක්ෂය පිහිටා ඇත්තේ ද මෙම
ස්ථානයේය. කලක් මොරටුව විශ්ව
විද්යාපයේ උප කුලපති ලෙස කටයුතු කළ
මොහු 1986 දී ඡනාධිපති විද්ය සම්මානයෙන්
පුදන ලද්දේ ශ්රී ලංකාව වෙනුවෙන් කරන ලද
අප්‍රමාණ සේවාව වෙනුවෙනි.

ඔහු විසින් ලියන ලද විද්යා කෘති හා අනෙකුත්
නිර්මාණ වලින් ඔහු ප්‍රකාශ කළ අනාගතය අද
වනවිට යථාර්තයක් වෙමින් පැවතීම
සූවිශේෂය. ඉන් සමහරක් නම්, 2000 දී පමණ
තරුණයන් උපකරණයක් මගින් කථා කරමින්
පාරේ එහා මෙහා ගමන් කරන බව , 2020
පමණ වනවිට Artificial Intelligent යන
සංකල්පය ඇතිවන බවත් තමාගේ 100 වන
උපන්දිනය අභ්‍යවකාශගත හෝටලයක සමරන
බවත් ප්‍රකාශ කර ඇත.
අවසාන කාලයේදී පශ්චාත් පෝලියෝ
ලක්ෂණ වලින් පෙලුනු ඔහු කොළඹ රෝහලකදී
2008 මාර්තු 19 වන දින අපෙන් සමු ගන්නා
ලදී………………

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ