<b>෴බර්මියුඩා අභිරහස෴</b>

තවමත් නොවිසදුන අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්රිකෝණාකාර මුහුදු කලාපය තුල වර්තමාන වන විට අතුරුදහන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්රමාණය සියගණනකි'
බර්මියුඩා ත්රිකෝණය තියෙන්නේ බටහිර අත්ලාන්තික් මුහුදේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 20ක් උතුරෙන් තියෙන ලක්ෂ්ය තුනක් යා කරන වර්ග කිලෝමීටර් දහස් ගණනක් අයත් වන ප්රදේශයකය'

1945 සිට බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන දේවල් අතරට ගුවන් යානා 300ක් නෞකා 250ක් සහ මිනිසුන් දහස් ගණනක් වෙනවා.හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ අතුරුදහන් වුන කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් සොයාගන්න බැරිවුනාලු ඉන් සිදුවීම් කිහිපයක්'

<b>1945 දෙසැම්බර් 5 දින Flight-19 අතුරුදහන් වීම සහPBM Mariner යානාවක් පුපුරා යාම'

1948 ජනවාරි 29 දින KC-135 වර්ගයේ ගුවන් යාන 2ක් අතුරුදහන් වීම'

1999 ජුනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම'

1967දී අධිවේගී රේස් බෝට්ටුවක් කිට්ටුව වෙරළේ සිටි අය බලාගෙන ඉද්දීම අතුරුදහන් වෙලා තියෙනවා'

1973 මාර්තුවල ටොන් 20 000ක් බර භාණ්ඩ ප්රවාහන නැවක්'

1924දී ජපාන නැවක්'</b>

ඊටත් වඩා පුදුම දෙයක් නම් <b>1932දී නැව් දෙකක් අතුරුදහන් වෙලා පස්සේ හොයාගෙන තියෙනවා"</b>එත් ඒවායේ සේවය කරපු කෙනෙක්වත්" ගියපු මගියෙක්වත් සොයාගන්න බැරිවෙලා'

බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකන්ම  එක්ක රේඩියෝ  තියෙනව.මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්ලු.1995 වෙද්දී අතුරුදහන් වුන ගුවන් යානා 100කට වැඩියිලු' එයින් 35] කම තම ගුවන් යානා  කිට්ටුව අහසේ තිබුන යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියෙනවා' 25] ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා.අනිත් ඒවා එකපාරටම අතුරුදහන් වෙලා තියෙනවා'

බර්මියුඩ ත්රිකෝණයේ අභිරහස තවමත් නිසියාකාරයෙන් විසදී නොතිබුනත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට
<b>ඕස්ට්රේලියාවේ මොනෑෂ් සරසවියේ ඩේවිඩ් සහ ජෝශප් මොනගන් යන පරීක්ෂකයන් දෙදෙනෙකුට හැකි වී තිබෙනවා

ඩේවිඩ් සහ ජෝශප් මෝගන් පවසන්නේ මේ මුහුදු යාත්රා ගිලියාම පිලිබදව මුහුදු පත්ලේ මීතේන් සංචිතය වගකිව යුතු බවයි'</b>සාමාන්යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වෙන මීතේන් ,ගන්ධයක් රහිත වන අතර" එය පවතින්නේ වායුවක් ලෙසිනි.එහෙත් ගැබුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මීතේන් එකට කැටි වී අයිස් වැනි ඝන මීතේන් තැන්පතු හට ගන්නවා' මේවා හදුන්වන්නේ වායු හයිඩ්රේට ලෙසයි. මෙවැනි මීතේන් එකවරම පිපිරී විඝටනය වීම නිසා වායු බුබුළු"සාගරය මතු පිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල දමන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ යුරෝපා හා බ්රිතාන්ය මහද්වීප අතර උතුරු මුහුදේ මෙවැනි ප්රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ. මෙසේ මීතේන් අධිකව සංචිත වූ ප්රදේශයක සිදුවන පිපුරුමක් හා පිටවෙන වායු බුබුළු වල ප්රමාණය කවූරුවත් දැක නැහැ

එම ක්රියාවලියේ ආකෘතියක් ආශ්රයෙන්" මුහුදු යාත්රාවකට සිදුවිය හැකි හානිය සොයන්නටයි ඔවුන් උත්සහ දැරුවේ' ඔවුන්ගේ පරීක්ෂණ වලින් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගත හැකි වුන" එනම් නෞකාව ගිලි හෝ නොගිලී යාම තීරණයවෙන්නේ" වායු  සාපේක්ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා.මෙහි භයනකම ස්ථානය වන්නේ" වායු බුබුලේ ඉහලම පිහිටි අචල ලක්ෂය හා බුබුළු නිසාඉහළ නැගී තරඟයේ නග්ම ආරම්භ වන ස්ථානය අතර පිහිටීමයි'

එම ප්රදේශයේ පිහිටි යාත්රාවක් නිරුපද්රිතව පවතින්නේ බොහොම කලාතුරකින්"මෙසේ මීතේන් වායු බුබුලක් නිසා ගිලි යන නෞකාවක් මුහුදු පත්ලේ මීතේන් පිපිරී ගිය ප්රදේශය තුල රැදෙන ස්ථානය "මායාකරියන්ගේ කුහරය" ලෙස අද හදුන්වයි'

ඔවුන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වාභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් බහුල නිසා එයින් ජලයේ ඝනත්වය අඩු වෙනවා කියලයි.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නේ නැතුව ගිලෙනවා.ඒක නිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නැ,ඒක නැවු වලට ඇත්ත වෙන්න පුළුවන්,

<b>ඒ උනාට ගුවන් යානා වලට?
</b>

ඔවුන් කියන්නේ නම් අධික මීතේන් ප්රමාණය නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුළුවන් කියල.හැබැයි

<b>ඒ අයම පිලිගන්නවා එක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියල.අනිත් එක එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද?තවමත් බර්මියුඩ ත්රිකෝණය තුල සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක් වෙයි ද??</b>

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ