තිත්ත උනත් කරවිල ගුණයි
කරිවිල බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකැමැත්තද හිමිවන එළවළුවකි. එහෙත් කරිවිලවල තිබෙනා අපූරු පෝෂ්‍යදායී බව ඔබව රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරිවිල වැවේ. momordica Charantia යන විද්‍යාත්මක නාමයෙන් කරිවිල හැඳින්වේ.
කරිවිල ව්‍යංජනයක්, බැදුමක්, සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට ගෘහනියෝ විමසිලිමත් වෙති. කරිවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝදෙනෙකු මෙම එළවළුව කෑමට ප්‍රිය නොකරනා නමුත් කරිවිල කැබැලි ලෙස කපා ඇට ඉවත් කර ලුණුවතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩුකර ගත හැකිය.
කරිවිලවල හිතකර ගුණ
* ඖෂධීය ගුණ බොහොමයකින් සපිරි කරිවිලවල කොළ, ඇට, මුල් ඖෂධ සඳහා යොදා ගැනේ.
* රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමට කරිවිලවලට ඇත්තේ පුදුමාකාර ශක්තියකි. මේ නිසා දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට කරිවිල ආහාරයට ගැනීම ගුණදායකය.
* ලේ පිරිසිදු කිරීමේ ගුණයක් කරිවිලවල ඇති නිසා සමේ කැසීම්, පලු දැමීම වැනි සමේ රෝගවලට වඩාත් හිතකර වේ.
* රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකිරීමට කරිවිලවල අඩංගු පෝෂණ අගයන්ට හැකියාව ලැබේ.
* ඔබත් අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක්ද ? එසේනම් ඔබගේ කෑම වේලට කරිවිල එළවළුවක් ලෙස එකතු කර ගන්න.
* කිරිදෙන මවක ලෙස, ඔබගේ මව්කිරි වඩවන අපූරු එළවළුවක් ලෙස කරිවිල ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.
* යමෙක් ප්‍රතිශක්තීකරණයෙන් තොරව සිටින්නේද ශරීරයේ ප්‍රති ශක්තීකරණය වැඩිකර ගැනීම සඳහා ඔබත් කරිවිල ආහාරයට නිතර එක්කර ගන්න.
* ආහාර රුචිය වැඩිකිරීමේ අපූරු ගුණයක් කරිවිලවල අඩංගුය.
* හෘදයට හිතකර එළවළුවකි.
* අකලට හිසකෙස් පැසීමේ රෝගයෙන් ඔබත් පීඩා විඳින්නේ නම් කරිවිල ඊට නියම ප්රතිකර්මය වේ.
* දෙනෙත්වල ඇති දීප්තිමත් භාවය රැක ගැනීමත්, දෙනෙත්වල පෙනීම වර්ධනය කරගැනීමටත් ගුණදායකය.
* අත්පාවල හිරිගතියක් ඇතිවී ඇත්නම් කරිවිල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයන්ගෙන් වැළැක්වීමට හැකිය.
* මලබද්ධයට බෙහෙවින් ගුණදායක වේ.
* අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට වඩාත් හිතකර ය.
* පණුරෝග නසනා නිසා පණුරෝගයෙන් පෙළෙන ඔබට හිතකර ඖෂධයකි.
* දිලීර , ආසාදන සුවකරයි.
* අධික තරබාරු බවින් පෙළෙන අයෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් සැලසෙනුයේ යහපතකි.
* පීනසට, ඇදුමට, හිසරදයෙන් පෙළෙන අයට ගුණදායකය.
* සෙංගමාලයට, සරම්ප, පැපොල වැනි රෝගවලට ගුණදායක ය.
* හන්දි රෝගවලින් ඔබ වළක්වාලයි.
* මුත්‍රා ගල්වලින් පීඩා විඳින යමෙකුට කරිවිල ආහාරයට ගැනීමෙන් එම පීඩාවෙන් ඈත්වීමට හැකිවේ.
* පුරස්ථි ග්‍රන්ථි පිළිකා, බඩවැලෙහි ඇතිවිය හැකි පිළිකා පියයුරු පිළිකා වැනි පිළිකාවන්වලින් ආරක්ෂාව ලබාදේ.
Comments
Post a Comment