හරියටම ටොන් භාගයයි

                 Half-Ton-Killer

මයිරා රොසෙල් 34 හැවිරිදි ඉතාමත් තරබාරු
සිරුරකින් යුත් තැනැත්තියක් වුණා. ඇයගේ සිරුරේ
බර රාත්තල් 1000ක් .

හිතාගන්න පුළුවන් නේ
කොච්චර ලොකුවට ඉන්න ඇද්ද කියලා. මෙයා
ජිවත් වුනේ ටෙක්සාස් වල. මෙයාව ‘Half-ton
killer’ නමින් හඳුන්වන්න හේතුවක් වුනේ මෙයා
තමන්ගේ සොහොයුරියගේ දරුවාගේ මරණ
සම්බන්ධයෙන් වැරදිකාරිය ලෙස බොරුවට
වැරැද්ද පිළිගැනීම නිසයි.

මෙයා එහෙම කරේ
තමන්ගේ නංගිව බේරගන්න.මොකද අවුරුදු 2ක් වයස
ඒ දරුවා මියගියේ ඇගේ නැගණිය මේ දරුවාගේ
හිසට එල්ල කල පහරකින්. කොහොමහරි තමන්ගේ
තරබාරු කමත් එක්ක ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු
මයිරා මේ වරද තමන් කල බවට පිළිගත්තත් මර
පරීක්ෂණ වාර්තාවෙන් එය අසත්යක් බවට තහවුරු
වුනා.

අන්තිමේදී මයිරා ඇත්ත කතාව උසාවියේදී
හෙලිකලා. ඊටපස්සේ අගේ සොහොයුරියට වසර
15ක සිරදඬුවමක් ලැබුණා. මේ සිදුවීමත් සමඟම
මයිරා තමන්ගේ නැගණියගේ දරුවන් ආදරයෙන්
රැකබලාගැනීම සඳහා කෙසේ හෝ ජීවිතය
මුහුණදෙන බවට අධිෂ්ඨාන කරගත්තා. 2011 වසරේ
සිට ඇය සැත්කම් 11කට ම භාජනය කෙරුණා.

ඒවගේම අමතරව එල්ලා වැටෙන සමත් ඉවත්
කෙරුණා. ඒ වගේම කෑම ගැන එයා හිතන විදියත්
එයා වෙනස් කරගත්තා. “ඉස්සර මම හිතුවේ ජිවත්
වෙන්නේ කන්න කියලා. ඒ වුනාට දැන් මන්
හිතන්නේ කන්නේ ජිවත් වෙන්න කියලා” ඇය
පවසා සිටියා.

මැය සම්බන්ධයෙන් කටයුතු කල වෛද්ය Younan
Nowzaradan මහතා පවසා සිටියේ ඇයගේ වෙනස
සැබවින්ම පුදුමාකාර බවයි. එකතැනකට වෙලා
ඉද්දි ජිවිතේ එපා වෙලා හිටියේ. එත් ටික ටික මේ
දේවල් වෙනස් වෙලා ඇවිදින්න පටන්ගත්තම
එයාගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු ලැබුණා.

මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙන ආකාරය හරිම
පුදුමාකාරයි. ඔහු පවසා සිටියා.
මයිරාට ක්රියාකාරී Facebook ගිණුමක් තිබෙන
අතර ඇයට රසික රසිකාවියන් 18,000ක් පමණ
ලැබෙනවා. ඒ වගේම ඇය තම Facebook ගිණුම
හරහා තරබාරු බවින් පෙළෙන පුද්ගලයන්ට
උපදේශණ සේවයත් ලබාදෙනවා.

ඇයගේ ශරීරයේ බර මේ වන විට රාත්තල් 200ක්
තවත් රාත්තල් කිහිපයක් අඩු කරගැනීමට
කැමැත්තෙන් සිටිනවා. බර අඩුවීමත් සමඟ ඇයගේ
ශරීරයේ ඉන්ද්රියන් ද යහපත් සෞඛ්ය තත්වයෙන්
පසුවන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම
ඇයට දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිරුධිර
පීඩනය වැනි ලෙඩ රෝග නොමැති බවත් සතුටින්
කියා සිටියා.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ