සුවය දෙන කොහිල ගුණ
කටු පිටින් කොහිල පිසදීමෙන් කුකුල් කේන්තිකාරයන්ගේ කෝපයපහව යතැයි පැරැන්නන් සරදමට කී කතාවක් ඇත. ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවට අනුව නම්"කොහිල" දිව්‍ය ඔෟෂධයකි. සුපිරි පෙළේආහාරයක් නොවුවද උදරයට ඉමහත් වූ සුවයක් ගෙනදෙන කොහිල ගැන අගේ ඇති තොරතුරු පෙළකි මේ.
ඖෂධීය ගුණ සුමුදායකට හිමිකම් කියන කොහිල උෂ්ණ, වියළි තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයකි. කොහිල ඖෂධීය මෙන්ම ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වන අතර ජලජ වගුරු බිම් වල සාර්ථකව වගා කළ හැකි ශාඛයකි. මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර කොහිල කැද ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්‍යදායී බව විද්වත් මතයයි.
එහෙත් කොහිල දළු කිරට ඉවීම, කොහිල අල කටු සහිත පොත්ත ඉවත්කර අල සිහින්ව ලියා පොල් ගා දමා එයට රතු ළුෑණු, උම්බලකඩ එක්කර, දෙහි ස්වල්පයක් දමා සම්බල් වශයෙන් ආහාරයට ගැනීමද පැරැන්නන්ගේ කොහිල සැදීමෙහි එක් ක්රමයකි.එසේම කොහිල ව්‍යංජනය ද රසවත් ආහාරයකි.Lasiaspinosa උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම ශාකය සෙ.මී 4 ක් පමණ ඝනකම් කටු සහිත කදකින් යුක්තය. පත්‍ර වෘන්තය මීටර් 1 ක් පමණ දිගැති අතර ඊතලයක හැඩයෙන් හා තද කොළපැහැයකින් යුක්තවන අතර දල්ල ළා කොළ පාටින් යුක්ත වේ.පුෂ්ප බොහෝ විට ද්විකලාපිකය.ඇන්තූරියන් මලට සමාන තැඹිලි හා රතුපාටමලකි. මෙහි කොපුව දුඹුරු හා කහ පාටින් යුක්ත වේ.ඵලයේ අග්‍රයේ ඉන්නන් වැනි ව්‍යුහ දැකිය හැකිය. කිරි කොහිල, ගුරු කොහිල, වැල් කොහිල, කලු කොහිල, රටකොහිල,සිංහල කොහිල, ගොඩ කොහිල ආදී වශයෙන් කොහිල ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය.දේශීය වෛද්‍ය විද්‍යාවේ සහ පාරම්පරික වෙදකම තුළ කොහිල ශාකය අද්විතීය ස්ථානයක් ගනු ඇත. අර්ශස් රෝගයට විශේෂයෙන් ගුණදායකය. ග්‍රහණි රෝග, මූල ව්‍යාධී, රක්තාර්ශස්, රත් පිත්, ආදී රෝගවලට ප්රත්යක්ෂය.කොහිල පත්‍ර උදරශූල ප්‍රතිකාර සදහා භාවිත වේ. කොහිල අල හා දලු වල ඇති අධික කෙදි ප්‍රමාණය නිසා මළ පිටවීම ඉතා පහසු කරයි. එසේම අන්ත්‍රවල රෝග සදහා ප්රත්යක්ෂ ඖෂධයකි. මේනිසා අජීර්ණ අතීසාර තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනෙන ඖෂධයකි. ආහාර රුචිය ඇති කරයි. ශුක්‍ර දාහය සමනය කරයි. දියවැඩියාව සමනය කිරීමටද වැදගත් වනු ඇත.
Comments
Post a Comment