ජිවිතය
ජීවිතය වෙනස් කරන පොතකින්
ජීවිතය වෙනස් කරන කතාවක්
අපි වයසට ගියත් අපේ හැඟීම් සහ දැනීම් වයසට
යන්නේ නැහැ කියලා ඔබ දන්නවාද? ඇට, ලේ,
මස් වැනි භෞතික දේවල්වලට අමතරව ආදරය,
කරුණාව, වෛරය, තරහා, ශෝකය ආදී
නොයෙකුත් හැඟීම් දැනීම් පදමට මුසුවෙලා තමයි
මේ අරුම පුදුම සත්ත්වයා හැදිල තියෙන්නේ.
ඔයා
ආදරය, කරුණාව, සෙනෙහස නැති ශරීර කූඩුවක්
විතරක් නම් රෙදි සාප්පුවල ලස්සනට ඉදිරිපිට තියලා
තියෙන ඩමිවලට දෙවැනි නැහැ නේද? ඇත්තටම
එහෙම මිනිස්සු ලෝකේ නැහැ. දරුණුම
මිනීමරුවෙක් තුළ වුණත් බුද්ධාංකුරයක් තියෙනවා.
අංශක 180කින් ඔයාගෙ ජීවිතේ වෙනස් කරන මේ
කතාවත් අපේ ජීවිත කාලය පුරාම අපි විඳින සහ
විඳවන හැඟීම් සහ දැනීම් ගැනයි.
ඔයා
ආදරය, කරුණාව, සෙනෙහස නැති ශරීර කූඩුවක්
විතරක් නම් රෙදි සාප්පුවල ලස්සනට ඉදිරිපිට තියලා
තියෙන ඩමිවලට දෙවැනි නැහැ නේද? ඇත්තටම
එහෙම මිනිස්සු ලෝකේ නැහැ. දරුණුම
මිනීමරුවෙක් තුළ වුණත් බුද්ධාංකුරයක් තියෙනවා.
අංශක 180කින් ඔයාගෙ ජීවිතේ වෙනස් කරන මේ
කතාවත් අපේ ජීවිත කාලය පුරාම අපි විඳින සහ
විඳවන හැඟීම් සහ දැනීම් ගැනයි.
ඔන්න දවසක් සියලුම හැඟීම් සහ වස්තූන් එකම නැවක
නැඟලා දිගු චාරිකාවක් යන්න පටන් ගත්තා. ආදරය,
සෞභාගය, දැනුම, අභිමානය, සතුට සහ දුක කියන
ඔක්කොම හැඟීම් චාරිකාවට එකතුවෙලා හිටියා.
මෙහෙම දිගු දුරක් යද්දි අහස කළු කරගෙන හෝ
හෝ ගාලා වහින්න පටන් ගත්තා. සතර අතින්
හමාගෙන ආව දරුණු සුළඟ කිව්වේ ළඟ එන
කුණාටුවක සලකුණු, දරුණු කුණාටුව අත ළඟටම ඇවිත්
තියෙන්නේ සතුට, දුක, සෞභාගය කියන සියලුම
දෙනා තම තමන්ට පුළුවන් විදියට ආරක්ෂිත බෝට්ටුවල
නැඟලා පිටවෙන්න පටන් ගත්තා. එහෙත් ආදරය
කිසිම ගාණක් නැතිව ඔහේ තමන්ගේ පාඩුවේ
සින්දුවක් කියාගෙන හිටියා. එකපාරටම හමාගෙන
ආව චණ්ඩ මාරුතයට හසුවුණු නැව මුහුද මැදදීම
පෙරළුණා. කිසිම ගානක් නැතිව හිටිය ආදරයට දවල්
තරු පෙනුණා. බේරිලා යන්න ක්රමයක් හොයද්දි
එයාගේ අනෙක් යහළු හැඟීම් සහ දැනීම්
බෝට්ටුවල නැඟලා යනවා එයා දැක්කා.
කරන්න දෙයක් නැති තැන ආදරයත් මුහුදට පැනලා
එයාට පුළුවන් විදියට පිහිනන්න පටන් ගත්තා.
බෝට්ටුවක නැඟලා යන සෞභාගය එයාට මුලින්ම
හමුවුණා.
"අනේ සෞභාගය මට පුළුවන් ද ඔයාගේ
බෝට්ටුවට එන්න" ආදරය ඉතා බැගෑපත්ව එහෙම
සෞභාගයෙන් ඇහුවා.
"මට සමාවෙන්න. මගේ බෝට්ටුව වටිනා කියන
වස්තුවලින් පිරිලා. ඒක නිසා ආදරය ඔයාට මෙතැන
ඉඩක් නැහැ" සෞභාගය එහෙම කිව්වා.
ආදරය කනගාටුවෙන් වටපිට බලද්දී අභිමානය ලස්සන
බෝට්ටුවක නැඟලා ඉන්නවා. ආදරය ඉතා
බැගෑපත් වෙලා අභිමානයෙන් උදවු උපකාර
ඉල්ලුවා.
"මට බැහැ ඔයා වගේ කෙනෙක් බෝට්ටුවට
අරගෙන මෙතැන කැත කරගන්න. ආදරය ඔයා
හොඳටම තෙමිලා, ඇඟ පුරාම වැලිත් ගෑවිලා.
ඒක
නිසා ආදරය මට ඔයාට උදවු කරන්න බැහැ"
අභිමානය එහෙම කියාගෙන එයාගේ ලස්සන
බෝට්ටුව වේගයෙන් පදවාගෙන ඉදිරියට ගියා.
ආදරය මේ වෙලාවෙදි තමයි දුක දැක්කේ. ආදරය
බැරිම තැන දුකෙන්ද උදවු උපකාර පැතුවා. "මම
ගොඩක් දුකෙන් ඉන්නේ. ඒක නිසා ආදරය මට
තනියෙන් මගේ පාඩුවේ මගේ ගමන යන්න ඕන"
දුකත් එහෙම කියලා ආදරය මඟ ඇරියා. ආදරයට සැඩ
පරුෂ මුහුදත් එක්ක සටන් කරලා දැන් හොඳටම
මහන්සියි. මුහුදු දියේ ගිලෙන්න ඔන්න මෙන්න
තියෙද්දි සතුට බෝට්ටුවක නැඟලා යනවා ආදරය
දැක්කා. ආදරය හයියෙන් කෑ ගහලා සතුටට කතා
කළා. එහෙත් නැව ගිලුණත් බෑන්ඩ් චූන් කියන
මානසිකත්වයේ හිටිය නිසා ආදරයේ ශබ්දය සතුටට
යාන්තමින්වත් ඇහුණේ නැහැ.
ආදරය සෙමින් සෙමින් මුහුදු පත්ලට ගිලෙන්න පටන්
ගත්තා. ආදරයේ දෑස් ලුණු වතුරට පෙඟිලා බොඳ
වෙන්න පටන් ගත්තා. එහෙත් එක පාරටම අදිසි අතක්
ඇවිත් ආදරය බෝට්ටුවකට දා ගත්තා. මුහුදු පත්ලේ
ගිලෙන්න ගිය ආදරය යාන්තමින් බේරුණා. කළු පාට
වලාකුළු මුසු අහස නිසා ආදරයට මොකුත් පෙනුණේ
නැහැ. ඒක නිසා ආදරය කවදාවත් නැති සතුටක් මුසු
දිගු නින්දකට වැටුණා. ආදරය පරිස්සමින් වෙරළට
ළඟා වෙනතුරුම ඇහැරුණේ නැහැ. වෙරළට ඇවිත්
ආදරය වට පිට බලද්දි එතැන කවුරුවත් හිටියේ නැහැ.
කවුද මම බේරාගත්තේ? ආදරයට දැන් මේක
ලොකු ප්රශ්නයක්.
"දැනුම මාව බේරාගත්ත කෙනා ඔයා
දන්නවාද?" එතැන හිටිය දැනුමෙන් ආදරය ඇහුවා.
"හිතවත් ආදරය ඔයා බේරාගත්තේ කාලය" දැනුම
එහෙම කිව්වා. ආදරයට හරිම පුදුමයි. ඔහු හීනෙන්වත්
නොහිතපු කාලය තමයි අන්තිමේට ආදරයට උදවු
කරලා තියෙන්නේ.
"ආදරයේ වටිනාකම හරියටම දන්නේ කාලය විතරයි.
ධනය තියෙන වෙලාවට ධනයට ආදරය අමතක
වෙනවා. දුකේදීත්, සතුටේදීත් කාට කාටත් ආදරය
අමතක වෙනවා. ආදරයේ වටිනාකම කාලය හරියටම
දන්න නිසා කාලයට ඉඩදෙන්න. එතකොට කාලය
ආරක්ෂිත තැනකට ආදරය එක්ක ගෙන යනවා.
කාලයක් ගත වුණාම ආදරයේ පැරැණි මතකයන්
විඳවමින් කවුරු කවුරුත් සතුටු වෙන්නේ ඒ නිසයි."
දැනුම ආදරයට එහෙම ආදරයෙන් කිව්වා.
ඒක එහෙමද? ඔයා මොකද ඒ කතාව ගැන
හිතන්නේ.
එම අපූරු කතාව උපුටා ගත්තේ කැලුම් වැලිගම
රචනා කළ ජීවිතය "වෙනස් කරන කතා" කෘතියෙනි.
එම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක
සිනාවෙන්ද, විටෙක ආදරයෙන්ද, විටෙක
බුද්ධියෙන්ද, තවත් විටෙක අසීමිත
බලාපොරොත්තුවෙන්ද ඔබේ ජීවිතය පුරවනු ඇත.
Comments
Post a Comment