>> අළු කෙසෙල් <<

☀. පිෂ්ඨය, මෙිදය, කැල්සියම්, යකඩ, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් සැදි ඇති අළු කෙසෙල් පළතුරක් මෙන්ම එළවලුවකි. එපමණක් නොව මෙහි ඇති ඖෂධීය ගුණය නිසා මෙය දේශීය වෛද්‍ය කර්මයේ නොයෙකුත් ප්‍රතිකාර සදහා ගනී. ඇතැමුන් තුල අළු කෙසෙල් ගැන මිත්‍යා මතද පවතී. එනම් පිරිමින් මෙය ආහාරයට ගත් විට දරුඵල හීන වී යන බැව් කියන මතයයි. මෙතුවක් කල් මෙය ආහාරයට ගත් විට එකී බලපෑමක් සිදු නොවන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. මෙය මුලේ සිට දළු දක්වාම ඖෂධයක් ලෙස ගනී. මෙයට ශරීරයේ ඇති විෂ නැසීමෙි ගුණයක් ඇති අතර මුත්‍රා රෝග හා ශරීරයේ විෂ ඉවත් කිරීමෙි ප්‍රතිකාර සදහා මෙය යොදා ගනී.

★.  බහුමුත්‍ර  බස්නයට.

අළු කෙසෙල් ගෙඩියක් උණාළුවෙන් තම්බා එහි මදය රැගෙන එපමණ විලද, කිතුල් හකුරු දමා අඹරා තැඹිලි ගෙඩියක ඇස්ස කපා ඔසු ඇතුලට දමා තැඹිලි වතුර මදක් අඩුකොට ඇස්සෙන් වසා වැටකෙයියා බඩ මිරිකා යුෂ භාජනයකට දමා එහි තැඹිලි ගෙඩිය තබා ගිනි දමා තම්බා උදේ - සවස බොන්න. ගෙඩි 7 ක් දින 7 ක් බොන්න.

★.  කාය ශක්තියට හා ඉන්ද්‍රීය ප්‍රබෝධනයට.

ඉදුණු අළු කෙසෙල්, නාමල් රේණු, නෙළුම් රේණු සමග කලවම් කර මී පැණි සමග මුසු කොට දිනපතා මෙිස හැදි 4 ක ප්‍රමාණයක් ගැනීමෙන් කායික ශක්තිය වැඩි  වේ

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ