මිහිමතින් සැඟව ගිය භූමිය “ඇට්ලන්ටිස්” මිථ්‍යාවක්ද?
ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති පැරණි ශිශ්ටාචාරයන් සියල්ලටම පෙර අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව ශිශ්ටාචාරයක් පැවති බවට මතයක් පවතී. මෙය අතිශයින් දියුණු එහෙත් ගුප්ත ස්වභාවයක් ඉසිලූ බව සඳහන් වේ.
කෙසේ නමුත් ගිණිකඳු පිපිරීමක් නිසා මෙම කුඩා පාරාදීසය අත්ලාන්තික් සාගරය පත්ලෙහි සදහටම සැඟව ගොස් තිබේ. ඇට්ලන්ටිස් පිළිබඳව ලෝකයා උනන්දුවූයේ වසර දහස් ගණනකට පෙරදීය.
Image: www.unilad.co.uk
මුල්වරට මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබෙන්නේ ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝ විසිනි. එහෙත් ඇට්ලන්ටිස් පිළිබඳව කිසිදු ඓතිහාසික සාධකයක් මෙතෙක් හමුවී නොමැත.
Image: wikipedia
අදින් වසර දහස් ගණනකට පෙර උදා වූ සරත් සෘතුවක එක්තරා දිනයක අඩි 5000ක් පමණ උස ගිනිකන්ද විදාරණය වීමේ ප්‍රථිඵලයක් ලෙස ඇට්ලන්ටිස් සාගර ජලයෙන් යටවී ගියේය. 1883දී ක්‍රකටෝවා දිවයින විනාශ වී ගියේද මේ ආකාරයෙන්මය. ඇට්ලන්ටිස් පුපුරා යාමේදී පිටවූ ශක්ති ප්‍රමාණය පරමාණු බෝම්බ 500කට අධික සංඛ්‍යාවක් එකවර පුපුරායාමේදී ඇතිවන ශක්තියට සමානබව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.
පැරණි ග්‍රීකයින් විසින් කැලිස්ටේ යනුවෙන් හඳුන්වා තිබෙන්නේ මෙම ගිනිකන්ද පුපුරා යාම නිසා ඒජියන් මුහුදට වැටුණු පාෂාණ කැබලිය. ප්ලේටෝ පවසන මෙම කතාවේ සත්‍ය අසත්‍යතාවය සොයා යාමේදී ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් සහ භූ විද්‍යාඥයින් සතුව ඇති එකම සාධකය වන්නේද මෙයයි.
Image: weknowyourdreams.com
ප්ලේටෝ පවසන ආකාරයට ඇට්ලන්ටිස් විනාශ වීමට පෙර අලි ඇතුන් වැනි දැවැන්තයින්ද ඇතුලුව විවිධ වර්ගයේ සතුන් රැසක් එහි වාසය කර තිබේ. සශ්‍රීක කෘෂිකර්මාන්තයක්ද, පතල් හා ලෝහ කර්මාන්තද මෙහි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වී තිබේ. නගරය කොටස්වලට බෙදා සංවිධානාත්මකව නිර්මාණය කර තිබේ. දියුණු ඇළ මාර්ග පද්ධතියක් හා වරායවල් ඔවුන් සතු විය. රනින් කළ දේව ප්‍රතිමාවක් සහිත පූජනීය ස්ථානයක්ද එවැනිම වූ රාජකීය මන්දිරයක්ද මෙහි පැවතුණු බව ප්ලේටෝ සඳහන් කර තිබේ.
Image: collective-evolution.com
ග්‍රීක දේව පුරාණය තුළද ඇට්ලන්ටිස් පිළිබඳව සඳහන් වේ. ග්‍රීක දෙවියෙකු ලෙස සැලකෙන ඇට්ලස් මෙහි පළමු පාලකයා ලෙස සැලකේ. මෙහි සියලු සංවර්ධන කටයුතු සිදු වූයේ යුධ ජයග්‍රහණ මගින් අත්පත් කරගත් වස්තූන්ගෙනි. ඔවුන්ගේ කෲරකම්, යුද්ධ හා ඝාතනවලට දඬුවම් දීමක් ලෙස දෙවියන් විසින් නිරන්තර ගිනිකඳු පිපිරීම්, ජල ගැලීම්, භූ කම්පන ඇතිකළ බව පැරණි ග්‍රීකයින්ගේ විශ්වාසයයි.
Image: wikimedia.org
ප්ලේටෝ සඳහන් කරන ආකාරයට ඇට්ලන්ටිස් පිහිටා තිබී ඇත්තේ වර්තමානයේ ස්පාඤ්ඤයට ආසන්න ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය පිහිටි ප්‍රදේශයේය. කෙසේ නමුත් මානව පරිණාමය සහ ඇතන්ස් නගරයේ බිහිවීම යන කරුණු සැසඳීමේදී ප්ලේටෝ සඳහන් කරන කාලය සහ සිදුවීම් පිළිගත නොහැකි බව ඉතිහාසඥයින්ගේ මතයයි.
Image: trvl-media.com
ප්ලේටෝගේ මෙම කතාව මුඛ පරම්පරාගතව පැවතෙන්නකි. ක්‍රි: පූ: 640 සිට ක්‍රි: පූ: 558 අතර කාලයේ විසූ සුප්‍රකට බුද්ධිමතෙක් වූ සෝලාන් විසින් මෙම පුවත මිසරයේ පූජකයෙකුගෙන් අසා තිබේ. පසුව ප්ලේටෝ ගේ මස්සිනා වූ ක්‍රිතියාස් මෙම කතාව සෝලාන්ගෙන් මෙන්ම තම සීයා වූ ඩ්‍රොපිඩෙස්ගෙන් දැනගෙන පසුව එය ප්ලේටෝ හට පවසා තිබේ. කෙසේ නමුත් මෙම කතාවට කිසියම් මූලාශ්‍රයක් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්ලේටෝගේ ශිෂ්‍යයන් වූ පොසිඩෝනියස් සහ ක්‍රැන්ටර් වැනි පිරිස් මෙහි සත්‍යාසත්‍ය බව පිළිබඳව වාද කරගත් බවද සඳහන් වේ.
Image: crystalinks.com
විද්‍යාඥයින් මේ පිළිබඳව දක්වන්නේ මෙවැනි මතයකි. මිහිතලයේ වත්මන් මහද්වීපකරණය සිදුවන්නට ප්‍රථම පැන්ජියාව බිඳී ගොස් මහද්වීප වෙන් වෙමින් පැවති යුගයේ අත්ලාන්තික් සාගරය මධ්‍යයේ මහද්වීපයක් පැවති බව සොයාගෙන තිබේ. පසුකාලීනව මෙය ගිලී ගොස් එහි වූ උස් කඳු මුදුන් පමණක් දූපත් ලෙස ඉතිරි වූ බවයි.
Image: .posterlounge.co.uk
කේප්වර්ඩ්, කැනරි, මැඩීරියා යනු එවැනි දූපත්ය. එහෙත් මහද්වීප ප්ලාවිතකරණය අනුව වර්තමාන ලෝකය සකස්වී ඇති ආකාරය දෙස බැලූවිට ඇට්ලැන්ටිස් පිළිබඳව වටහාගැනීම දුෂ්කර නිසා මෙය අදටත් අභිරහසක් ලෙස ඉතිරිව තිබේ.
Comments
Post a Comment