ගුගල් Bookmark ගැන දැන ගනිමු.


වර්ෂ  1997 දී ආරම්භ කරන ලද ගූගල් සමාගම නොමැති අන්තර්ජාලයක් ගැන සිතා ගැනීමට නොහැකි තරමටම කෙටි කලක් තුල එය සමස්ථ ලෝක වාසීන්ගේ සුබසෙත වෙනුවෙන් දායක වී ඇති ප්‍රමාණය අපමණය. ලාංකිකයින් වශයෙන් ගුගල් සමාගම විසින් ලෝක වාසීන්වෙත නොමිලේ ලබාදෙන සියගණනක් වු සේවාවන්ගෙන්  හරිහැටි ප්‍රයෝජනයක් ගැනීමට දන්නවාද යන්න සැක සහිතය. ඒවා සියල්ලක්ම භාවිත කිරීමට තරම් අපේ අවශ්‍යතා නොගැලපුනද කිසිදු පිරිවැයකින් තොරව අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගැනීමට දායක කරගත හැකි සේවාවන් ගණනාවකි. Google Bookmark යනු ගුගල් සමාගම විසින් අපට සපයා ඇති තවත් එවැනි සේවාවකි.

Google Bookmark යනු කුමක්ද?

ගුගල් බුක්මාර්ක් වැඩ සටහන ඔවුන් විසින් අද ඊයේ අපට හදුන්වාදුන් යෙදවුමක් (Application)  නොවේ. එය පළමු වරට දියත් කෙරුනේ 2005 වර්ශයේදිය. එදිනෙදා අන්තර්ජාල භාවිතයේදී අපිට හමුවන වැදගත් වෙබ් අඩවි පිලිබද සටහන් තබා ගැනීමටත් නැවට ඒවාට පිවිසීමට අවශ්‍ය විටක පහසුවෙන් ඒ වෙත පිවිසීමටත් අප භාවිතා කරන web browsers තුල ඇති පහසුකම Bookmark ලෙසින් හදුන්වයි. එහිදී සිදුවන්නේ අදාල වෙබ් පිටුවට අයිති සබැදිය (Link) වෙබ් බ්‍රවුසරය තුල save විමයි. ගූගල් සමාගම විසින් හදුන්වා දුන් Google bookmark වැඩසටහන තුලින් සිදුවන්නේද මේ කාරියම උවත් එය ඉතා වැදගත් සාධනීය ලක්ෂණ ගණනාවකින්ම යුක්තය

Google Bookmark සාපේක්ශව වැදගත් වෙන්නේ කොහොමද?

පෞද්ගලිකත්වය (Privacy)

Image: ThingLink.com

අපි එදිනෙදා භාවිත කරන වෙබ් බ්‍රවුසර් තුල බුක්මාර්ක් සටහන් කිරීමෙන් අපට ගැටලු කිහිපයකටම මුහුණ දීමට සිදුවෙනවා ඉන් පළමුවැන්න නම් පෞද්ගලිකත්වයට (Privacy) හානි සිදුවීමයි. ඔබ විසින් බුක්මාර්ක් තබා ඇති ඕනෑම වෙබ් අඩවියකට හෝ පිටුවක් එම වෙබ් බ්‍රවුසරය භාවිතා කරන වෙනත් ඕනෑම අයෙකුට දැකිය හැකි මෙන්ම විසිමටද හැකි වෙනවා. මෙය ඔබේ පෞද්ගලිකත්වයටත් ආරක්ෂාවටත් තර්ජනයකි. නමුත් ගුගල් බුක්මාර්ක් හී ඔබ සටහන් කර ඇති බුක්මාර්ක් වලට පිවිසිය හැක්කේ ඔබේ Gmail ගිනුම හරහා Log විමෙන් පමනී එම පිවිසුම් දත්ත (login data) දන්නේ ඔබ පමණක් නමි ආරක්ෂාව 100% කි.

සංචරණ හැකියාව (Portability)

Image: Copy9.com

දෙවැන්න නමි සංචරණ හැකියාවයි (Portability). හිතන්න, ඔබ ඔබේ පෞද්ගලික පරිගණකයේ බ්‍රව්සරය තුල සටහන් තබා ඇති බුක්මාර්ක් වලට ඔබට වෙනත් ස්ථානයක ඇති වෙනත් පරිගණකයකින් පිවිසීමට හැකියාව තිබෙනවාද? නැත. නමුත් ගුගල් බුක්මාර්ක් වැඩසටහන තුල ඔබ සටහන් තබා ඇති ඕනෑම වෙබ් පිටුවකට ඔබේ Gmail ගිනුම හරහා ලොග් වීමෙන් ලොව ඕනෑම තැනක සිට පිවිසිය හැකිය.

කලමණාකරණය (Bookmark management)

Image: .ipcoweb.co.za

තෙවැන්න නම් සටහන් තබන වෙබ් අඩවි මනා ලෙස කලමණාකරණය කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබිමයි. ඔබ වෙබ් අඩවි දහස් ගණනක් පිලිබදව සටහන් තැබුවට ඒවා විවිධ ප්‍රවර්ග අනුව (categories) වර්ග කර මනා ලෙස කලමණාකරණය කරගැනීමට මින් හැකියාව ලබා දී තිබේ.

Bookmark භාවිතා කිරීම

Google bookmark යනු ඉතාම සරල යෙදවුමකි. ඔබ කලයුතු වන්නේ ඔබගේ Gmail ගිණුම හරහා ලොග්වී www.google.com/bookmarks වෙත පිවිසීම පමණි. Gmail ගිණුමක් භාවිත කරන ඔබට මෙම සරල වැඩසටහන භාවිතකරන ආකාරය පිලිබද ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත.

Comments

  1. කැමැත්ත වූයේ සුරක්ෂිත තවයක් හා අනිකා සමග අදස් හුවමාරු වයි ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ