ඇන ගන්නේ නැතුව උ/පෙළ ට සාර්ථකව මුහුණ දෙමු.

A/L ගැන ඔබේ තිබුන උනන්දුව අඩුයි වගේද? එහෙම නැතිනම් කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බැරිවද ඉන්නෙ? සමහර කාල තියනව පාඩම් වැඩවලට අපේ තියන උනන්දුව අඩු වෙන එක. ඒකට විවිධ හේතු බලපානව. හැබැයි කල්පනා කරල වැඩ කලොත් වැටුන වලෙන් ගොඩ එන්න පුලුවන්. පොඩ්ඩක් මේක කියවල බලන්න, පාඩුවක් වෙන්නෙ නැහැ ඔයාට විනාඩි 5ක් වැයවුනා කියල.

01. විෂය නිර්දේශයට අදාළ කරුණු වලට කෙටි සටහන් ගහමු.

Image: startupdonut.co.uk

මේ ටික හරියට ගහ ගත්තා කියන්නේ ඉතිං ගොඩම තමයි. විෂය නිර්දේශම ගිරව් වගේ පාඩම් කරන්න කවුරුත් කැමති නෑ නේහ් ඉතිං. ඒ නිසා අදාළ ,වැදගත් කරුණු ටික අරගෙන කෙටි සටහන් ටිකක් ගහ ගත්තොත් වැඩේ ලේසියි නේද?. වරදවා වටහා ගන්න එපා කෙටි සටහන් ගහන්නේ හෙට විභාගය කියලා අද රෑ නම් නෙමෙයි හොදේ. විභාගයට මාස 4 , 5 කට කළින් වැඩේට බහින එක තමයි සාර්ථකම ක්‍රමය.

මෙහෙමයි,මුලින්ම කැමතිම විෂය අරගෙන ඔයාට පාඩම් කරන්න ආස විදියට කෙටි සටහන් ගහ ගන්න. ඒ විෂය ඉවර උනා කියලා දැන ගත්තාම අනිත් විෂයන් වලටත් කැමැත්තක් එනවා අනිවාර්යයෙන්ම. අතට ගත්තාම බලන්න කැමති විදියට හදා ගන්න එක ඔයාගේ වගකිම. ගැහැණු ළමයි නම් ඉතිං පොඩ්ඩක් කැටයම් වලට ආස නිසා පාට පාට පෑන් වලින් හැඩ වැඩ දාලා හදා ගත්තොත් හොඳයි ඉතිං .කොහොම හරි හදා ගත්තට පස්සේ මේ කාල සිමාව තුළ පාඩම් කරනවා කියලා හිතේ සැලසුමක් හදා ගන්න. නැත්තම් ඉතිං කෙටි සටහන් ගහ ගත්තා විතරක් වෙයි
නේද අන්තිමට?

02. විභාගය කට උඩ තියාගෙන පංති නම් කට් කර ගන්න එපා.

zabandownload.com

විභාගය ලං වෙද්දි ඉතිං සර්ලා පංති දානවා හෝ හෝ ගාලා. සමහර වේලාවට සතියම පංති යන ළමයිනුත් ඉන්නවා. එහේම නම් පංති යන්න එපා. උසස් පෙළට තියෙන්නේ හර විෂයන් තුනයි නේහ්. අඩුම ගානේ දවස් තුනක් පංති ගිහින් ඉතුරු දවස් හතර තියාගන්න පාඩම් කර ගන්න. රැල්ලට පංති ගියාට වැඩක් නෑ නේහ් යන වැඩේ හරියට කර ගත්තේ නැත්තම් නේද?

සාමාන්‍ය ඉංග්‍රිසි වලට පංති ගියත් ඔයාට දවස් තුනක් ඉතුරුයි පාඩම් කරන්න. කොහොම හරි පංති ගිය වේලේ ඉදන් යාළුවෝ එක්ක ඕපදුප කියවා කියවා ඉන්නේ නැතුව හොඳින් ඇහුම්කන් දෙන්න බලන්න. මොකද මේ දවස් වල කියලා දෙන දේවල් ගොඩක් වැදගත් විභාගයට .ඔයා කියවා කියවා ඉද්දි වැදගත් කරුණු මඟ හැරෙන්න පුළුවන් .එහෙම වුනොත් ඉතිං ලොකු අපරාදයක් නේද?.

සර් කියලා දෙන කොට ඔයාට මතක හිටින විදියට පොඩි පොඩි චිත්‍ර මවා ගෙන ඔළුවට දා ගන්න. එහේම කරාම විභාගයේදි ඒ කරුණු මතක් වෙන්නේ ඔයා නොහිතපු විදියට. කොහොමද කියනවා නම් ඔයාට හිතෙයි ඒක මැජික් බලෙන් උන දෙයක් ද කියලත්. අනික තමයි පංති ඉවර වුනාම යාළුවෝ එක්ක රස්තියාදුවේ යන්නයි, ගැහැණු ළමයි ෂොපිං යන්නයි තියා ගත්තොත් ඉතිං ඒ කාලෙත් අපරාදයක් වෙනවා. ඒ නිසා මේ දවස් වල පොඩ්ඩක් ඉක්මනටම ගෙදර යන්න බලන්න කොහොම හරි පංති යන එකත් සැලසුමකට කරොත් ඉතිං ගොඩම තමයි.

03. පාඩම් කරන එක පුරුද්දක් කර ගන්න.

Image: entrepreneur.com

ලබන මාසේ විභාගය කියලා මේ මාසේ ඉඳන් හරි හරියට පාඩම් කරනවට වඩා හොඳ නැද්ද මාස පහ හයක් තියලා දිනපතාම පාඩම් වැඩ කරොත්. ඒ කියන්නේ ඔයා දෛනිකව කරන වැඩ කොටසට පාඩම් කරන එකත් ඇතුළත් කර ගන්න. හරියට වේල් තුන වේලාවට කනවා වගේම අනිවාර්ය දෙයක් කර ගන්න. .

එහෙම කරාම විභාගය ලං වෙද්දි හිතට දැනෙන සැනසිම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ සතුට විදින්න නම් අද ඉදන්ම දෛනිකව පාඩම් කරන එක පුරුද්දක් කර ගන්න. 

04. පාඩම් කරන්න නිදහස්,සාමකාමී වටපිටාවක් තියෙන තැනක් තෝරා ගන්න.

Image: zmescience.com

පාඩම් කරන්න නම් ඉතිං නිදහස් සාමකාමී පරිසරයක් තෝරා ගන්න ඒක වඩාත්ම හොඳයි. හේතුව විෂය කරුණු පාඩම් කරද්දි අවධානය තියෙන්නේ ඕන විෂය කරුණු වලට පමණයි.

ඝෝෂාකාරී පරිසරයක නම් නිතර නිතර ශබ්ද ඇහෙන නිසා අවධානය අනිවාර්යයෙන්ම බිදෙනවා. රූපවාහිනියක්,ගුවන් විදුලියක් තියෙන තැනක පාඩම් කරනවා කියන්නේ ඉතිං කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්ම තමයි. 

අනිත් ඒක තමයි මොබයිල් එක ඔන් එකේ තියෙද්දි නම් පාඩම් කරන්න ටිකක් නෙමෙයි ගොඩක්ම අමාරුයි.
විනාඩියෙන් විනාඩියට කෝල්,මැසේජ් එනවා. ෆේස්බුක් එකේ නොටිෆිකේෂන් එනවා. අන්තිමේදි ඉතිං බුක් එක මේසේ ෆේස්බුක් එක අතේ තමයි.  

අපිළිවෙළ කාමරයක් කියන්නේ හිතට හරි වදයක්,නොසන්සුන් බවක් ඇති කරන දෙයක් කියලයි මං නම් හිතන්නේ. ඕක පොඩ්ඩක් ලස්සනට අස්කරලා බඩු මුට්ටු නියම තැන් වල තියලා ලස්සනට හදා ගත්තොත් හිතට දැනෙන්නේ ඉතිං පුදුම සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව පාඩම් වැඩ වලට ගොඩක් ම බලපානවා මගේ අදහස අනුව නම්.

05. පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියමු.

Image: rayaheen1.tk

පාඩම් කරලා විතරක් මදි ,පාඩම් කරපු දේ පොඩ්ඩක් පරික්ෂා කිරිමකුත් කරන්න ඕන ඉතිං. මොකද හොරට පාඩම් කරාද කියලා බලන්නත් ඕන නේහ්.   

ඒකට හොඳම දේ තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිම. පහුගිය වසර පහ හයක පේපර් අරගෙන, ඒ අදාළ කාලයට අනුව ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම වඩාත් සාර්ථක ක්‍රමයක් විභාගයට හොඳින් මුහුණ දීමේදී. තමන් තමන්ටම අවංක වී පිළිතුරු පරික්ෂා කර බලන්නත් පුළුවන්. එකේදී වෙන්නේ තමාගේ මට්ටම තමාටම හඳුනා ගන්න පුළුවන් වෙන එක.

කාල කළමනාකරණය කරන්නත් හොඳින් පුහුණු වෙන්න පුළුවන් මේ තුළින්. තුන් හතර පාරක් කරාම ඔයා හොඳ පුහුණුවක් ලබලා ඉන්නේ විභාගයට මුහුණ දෙන්න. ඒ හැගිම තමුන්ටම දැනෙන කම් මේ විදියට නැවත නැවත අභ්‍යාසයෙහි යෙදෙන්න.

06. පාඩම් කරලා මහන්සිත් ඇති නේහ් පොඩි විවේකයකුත් ගමුද ?

Image: fluentu.com

ඒක දිගට පාඩම් කරන ඒක නම් ඒ තරම් සාර්ථක නෑ. මනසට පොඩි විවේකයකුත් දෙන්න ඕන. එතකොටයි පාඩම් කරන දේ කෝන්ක්‍රිට් දැම්මා වගේ හොඳට මතක හිටින්නේ. ඉතිං අපි දැන් පොඩ්ඩක් විවේක ගමු? 

ඔයා ලස්සන , හිතට නිදහසක් දැනෙන සින්දු ටිකක් ඩවුන්ලෝඩ් කරලා අහන්න පුරුදු වෙන්න ,පාඩම් කරලා මහන්සි වුනාම. පොඩ්ඩක් එළියට ගිහින් වට පිටේ ඇවිදලා එන්න. ගෙදර අයත් එක්ක පොඩි චැට් එකක් දාන්න. ගිටාර් එකක්, ඕගන් එකක් තියෙනවා නම් පොඩි සිංදු කෑල්ලක් කිය කියා ප්ලේ කරලා බලන්න. ඔයාගේ මනසට ලොකු සැහැල්ලුවක් දැනෙයි.

මේ දේවල් හරියටම කරලා උනන්දුවෙන් පාඩම් වැඩ කරොත් ඉතිං අනාගතයේ දි ලැබෙන ප්‍රතිලාභ, කාපු කටු වලට වඩා සැපයි කියලානම් අනිවාර්යයෙන් ම හිතෙනවා හැමෝටම.

මේ ලිපිය කියවල ඔබේ ජීවිතයට යමක් ලැබුනා නම් යාලුවො එක්කත් share කරන්න.  

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ