සාර්ථක විවාහ ජීවිතයකට වටිනා උපදෙස් 05ක්
ජීවිතේ සතුට කියන දේ කවුරුවත් අපිට ගෙනත් දෙන්නෙ නෑ.
අන්න ඒ වගේ තමයි විවාහ ජීවිතේ සතුටත් අපිම උත්සහ කරල ලබාගන්න ඕනෙ දෙයක්.
එහෙම නැති උනොත් කසාදය තිත්ත කසායක්.
විවාහ ජීවිතයක් සාර්ථකවෙන්නෙ එකිනෙකා අතර තියෙන ආදරය සහ අවබෝධය නිසා. ඒත් මේ කාරණා එක රැයකින් ගොඩදාගන්න පුලුවන් කියලනම් හිතන්න එපා.
01. 100% කියන්නෙ මිත්‍යාවක්
Image: Pinterest
මිනිස්සු හැමතිස්සෙම හැසිරෙන්නෙ ආත්මාර්ථකාමී විදිහට.
ඔවුන් නිතරම තමන්ගෙ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් අසීමිතව ආදරය බලාපොරොත්තු වෙනව. ඒත් අනෙකාත් ඒ දෙයම බලාපොරොත්තු වෙනව කියන එක අමතක වෙනව.
විවාහය කියන්නෙ නිරන්තරයෙන්ම සතුට රැඳිල තියෙන සුරපුරයක් කියල බොහෝ දෙනෙක් හිතනව සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනව.
නමුත් ඒ බලාපොරොත්තු උන සතුට ඒ ආකාරයෙන්ම නොලැබෙද්දි කලකිරෙනව.
අපි විවාහවෙන්නෙ 100%ක් සර්ව සම්පූර්ණ මිනිස්සු එක්ක නෙමෙයි. අඩුපාඩු ඉවසගෙන ජීවත්වෙන්නත් පුරුදු වෙන්න ඕනෙ.
02. 50/50 ඉල්ලන්න එපා
බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි විවාහයකදි ස්ත්‍රී පුරුෂ සබඳතාවය දෙපැත්තටම සමානව තියෙන්න ඕනෙ කියන එක.
Image: thebetterhalfseries.com
අන්න ඒක තමයි වැරදෙන තැන.
පණහට පණහ ඉල්ලන එක හොඳයි හැමදාම වලි දාගෙන ඉන්නනම්. කවදාවත් විවාහයකදි 50ට 50 ඉල්ලන්න එපා. සමහරවිට ඔබට 50 වෙනුවට 60, 70 දෙන්න වෙයි.
ඒ වගේම තමයි ඕකෙ අනිත් පැත්ත. ඔබ 30ක් විතර දුන්නොත් ඔබට 70ක් විතර ලැබෙන්නත් ඉඩ තියෙනව. මෙන්න මේ නිසා ඔබේ විවාහය ප්‍රීතිමත් එකක් වෙන්න නම් ඔන්න ඔය පණහට පණහෙ මතය ඔලුවෙන් අයින් කරගෙන ඉන්නම වෙනව.
03. එකිනෙකාව අගය කරන්න
හැම මොහොතකම තමන්ගෙ බිරිඳව, සැමියව අගය කරන්න.
Image: MindBodyGreen.com
විවාහ ජීවිතය කියන්නෙ 100%ක්ම සුන්දර දෙයක් නෙමෙයි. මේක ගෙනියන්න වෙන්නෙ විවිධ ප්‍රශ්න, අර්බුධ මැද්දෙ. ඒ වගේ වෙලාවට තමන්ගෙ ප්‍රතිවිරුද්ධ අනෙකාගෙන් පුංචි හරි හොඳක් අහන්න ලැබෙනවනම් අර ප්‍රශ්න සේරම මොහොතකට අමතකවෙනව.
කට ඇරල නොකිව්වට මේ අගය කිරීම අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්.
04. හොඳ සන්නිවේදනයක් පවත්වාගන්න
විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න අත්‍යාවශ්‍යම දෙයක් තමයි සැමියා සහ බිරිඳ අතර හොඳ සන්නිවේදනයක් තිබීම.
මේක දෙපාර්ශවයෙන්ම හරියාකාරව සිදු වෙන්න ඕනෙ. බොහොමයක් විවාහ ජීවිත කඩාගෙන වැටෙන්න මූලික හේතුවක් තමයි හොඳ අදහස් හුවමාරුවක් නොතිබීම.
Image: lifehacker.com
ඒ වගේම තමයි හොඳ සන්නිවේදනයක් කියන්නෙ තමන්ගෙ අදහස් කියන එක වගේම අනෙකාට සවන්දීමත් කියන දෙකේම එකතුවක් කියල මතක තියාගන්න.
ඔබ කොතරම් කාර්යබහුල උනත් අඩුම තරමෙ පැය භාගයක්වත් දෙදෙනා අතර කතාබහට වෙන් කරගන්න.
රටේ ලෝකෙ අනිත් මිනිස්සුන්ග ඕපදූප කතා නොකර තමන් ගැන, තමන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන්න. අනාගතය සැලසුම් කරන්න. ප්‍රශ්නයක් ආවම දෙන්න දෙපැත්තට වෙලා මූණ එල්ලගෙන ඉන්නෙ නැතුව දෙන්නම එකතුවෙලා ඒකට විසඳුම් සොයන්න.
05. තරහ උනත් එකට නිදියන්න
විවාහයෙන් පස්සෙ කවදාවත් ඇඳවල් දෙකක නිදාගන්න එපා.
Image: blog.derbund.ch
මධුසමය ගතකරපු දවසෙ ඉඳන් මැරෙන මොහොත දක්වාත්, දරුවන් ලැබිල ඔවුන් වැඩිවියට පත්වෙද්දිත් ඒ දෙයනම් අත්හැර ගන්න එපා.
එකම ඇඳක නිදාගන්නව කියන්නෙ ලිංගික ක්‍රියාවල යෙදෙනව කියන එකනම් නෙමෙයි.
දවල් වරුවෙ දෙන්නත් එක්ක පොඩි වලියක් දාගෙන හිටියනම් රෑට එකම ඇඳේ දැනෙන උණුසුමෙන් ඒ හැමදෙයක්ම මඟහැරිල යාවි.
හෙට අනිද්දට විවාහවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ දේවල් ගැන හොඳට හිතට ගන්න.
මේ මොන දේ තිබුනත් වැඩක් නෑ දෙදෙනා අතර හොඳ අවබෝධයක් නැත්නම්.
මොහොතකට ඔබ ඉන්න තැනින් බිමට බැහැල අනෙකාගේ මට්ටමට එන්න.
විවාහ ජීවිතය කොයිතරම් සුන්දරද කියල දැනෙන්න පටන් ගනී අන්න ඒ මොහොතෙදි.
Comments
Post a Comment