ග්ලුටන්(Gluten )

ග්ලූටන් (Gluten)
ග්ලූටන් යනු මොනවාද? නමට ගැලපෙන සේම ග්ලූ යනු ගම් වර්ගයකි. ග්ලූටන් වලින් සිදු කරන්නේ ඇමයිනෝ අම්ල එකට බැඳ තැබීමයි. අප විසින් ගනු ලබන ආහාර වල පෝෂණ සංඝටක මෙසේ එකට බැදී තිබීම සාමාන්‍ය දෙයකි. උදාහරණයක් ලෙස ග්ලූකෝස් ගත හැකිය. ග්ලූකෝස් අනු රාශියක් එකට එක්වී සුක්රෝස් සාදයි. අප විසින් ආහාරයට ගන්නා සීනි සුක්රෝස් වේ. නමුත් ආමාශයේ ඇති අධික ආම්ලික තාවය මගින් මෙම සුක්රෝස් ග්ලූකෝස් වලට පෙරලයි. නැතිනම් සුක්රෝස් වල ඇති බන්ධනය බිඳ දමයි. මෙම ග්ලූකෝස් කුඩාන්ත්‍රයේදී රුධිරයට අවශෝෂනය වේ. අප ගන්නා ආහාර වල ඇති ප්‍රෝටීන ඇත්තේ ඇමයිනෝ අම්ල ලෙසිනි. මෙම ඇමයිනෝ අම්ල එකට බැඳී ඇත්තේ ඉහත කී ග්ලූටන් මගිනි. මෙම ග්ලූටන් වල බන්ධනය ඉතාමත් ශක්තිමත්ය. මෙම බන්ධනය ආමාශයේ ඇති හයිඩ්‍රො ක්ලෝරික් අමිලයට බිඳ දමන්නට නොහැකිය. මේ නිසා අදාල ඇමයිනෝ අම්ල බිඳ නොදමාම කු‍ඩාන්ත්‍ර කරා යොමුවේ. මෙසේ යොමුවන ග්ලූටන් සහිත ඇමයිනෝ අම්ල ප්‍රමාණයෙන් විශාල නිසා අන්ත්‍ර වල ඇති පෝෂණ ආශෝෂක ලෙස ක්‍රියා කරන අංගුලිකා වලට නොහැකිය. නමුත් කෙසේ හෝ අදාල ප්‍රෝටීන ආවශෝෂනය කරගැනීමට යෑම නිසා අදාල අංගුලිකා විනාශ වේ. ග්ලූටන් වල ඇති ඇලෙන සුළු ස්වභාවය මීට ප්‍රධාන වශයෙන් හේතු වේ.
අප කුඩා කල සිටම දන්නා හොඳම ගම් වර්ගයක් ඇත. පාප්ප ඔබ සියළු දෙනාම දන්නවා ඇත. පාප්ප සෑදීමට අපි කිසිදිනක හාල් පිටි ගන්නේ නැත. බඩඉරිඟු පිටි ගන්නේ නැත. කුරක්කන් පිටි ගන්නේද නැත. මීට හේතුව කුමක්ද? මෙම පිටි වල ඇළෙන සුළු භාවය නොමැති විමයි. නොඑසේනම් ග්ලූටන් නොමැති වීමයි. මා දැන් මේ කියන්නේ කුමක්ද යන්න ඔබට පැහැදිලි ඇතැයි සිතමි. පාන් පිටි යනු ග්ලූටන් ඉතාමත් අධික ආහාරයකි. පාප්ප මේතරම් හොඳින් ඇලවෙන්නේ මේ නිසාය. කුඩා බඩවැලේ ඇති අංගුලිකා විනාශ වීම මෙම ඇළෙන සුළු ග්ලූටන් නිසා සිදුවේ. මේ නිසා කල් යත්ම පෝෂණ උෟණ තාවයකට අපට මුහුණ දීමට සිදුවේ. පෝෂණ ඌණතාවයන් නිසා දියවැඩියාව , පිළිකා. චර්මරෝග, වකුගඩු රෝග වැනි දහසකුත් එකක් බෝ නොවෙන රෝග ඇතිවේ. අප පරිභෝජනය කරන ආහාර වල පෝෂණ ගුණයද ඉහත කී කරුණු නිසා ඉතා අවම මට්ටමක පවතී. ඉතා අවම මට්ටමකින් ලැබෙන පොෂණයද ග්ලූටන් නිසා විනාශ වී යන බව ඔබට තේරුම් ගත හැකියැයි සිතමි. මෙයින් මිදීමට ඔබ කල යුතු වන්නේ ග්ලූ‍ටන් අඩංගු ආහාර අනුභවය නැවැත්වීම පමණි. ග්ලූටන් අඩංගු ප්‍රධාන ආහාර වර්ග 4කි.
1. තිරිඟු ( පාන් පිටි )
2. ඕට්ස්
3. රයි
4. බාර්ලි
මෙම වර්ග අතරින් ශ්‍රී ලාංකික අපට වැඩිම බලපෑමක් එල්ල කරන්නේ තිරිඟු වලිනි. තිරිගු පිටි වලින් සෑදූ ආහාර අනුභවය නැවැත්වීමම ඔබට බොහෝ ලෙඩරෝග වලින් වැලකීමට හේතු වනු ඇත. මෙය ඔබට කුඩා පර්යේෂණයක් මගින් සිදු කල හැකිය. ඔබගේ ආහාර වේලට තිරිඟු පිටි වලින් තැනූ ආහාර එක් කර ගැනීම දින 15 ක පමණ කාලයකට නවතා දමන්න. 16 වන දින උදේ දවල් රාත්‍රී තුනටම පාන් පිටි වලින් තැනූ ආහාර අනුභව කරන්න. උදරය කෙතරම් අසහනකින් පෙලෙනවාද යන්න ඔබටම තේරුම් ගත හැකිය. මේ නිසා මුළු ජීවිත කාලය පුරාවටම තිරිඟු පිටි ආහාරයෙන් වැලකීම ඉතාම හොඳ පුරුද්දක් බව සිතට ගන්න.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ