නිහතමානී ඔබ

ඔබත් සඳුන් ගසක් මෙන් වැඩිය යුතුය.
පළමුව ගස තෙමේම ශක්තිමත්ව
වර්ධනය විය යුතුය. ඉන් අනතුරුව
සියලුම අයට රැකවරණය, ආරක්ෂාව,
ආහාර ලබා ගැනීමට හා සෙවන ලබා
ගැනීමට පහසුව ලබා දිය යුතුය.

ඵල බරින් යුක්ත වූ ගස් නිහතමානීව
තම අතු පහත් කරගෙන සිටී. වැහිබර
වූ වලාකුළු පොලවට සමීප වෙති. ධනය,
බලය හා උගත් කම ඇති උතුම් මනුෂයෝ
අන් අය සමඟ සහයෝගි වෙති. සේවා ලැදි
මිනසිකත්වයක් ඇති උතුම් මිනිසුන්ගේ
ස්වභාවය මෙයයි.

උගත්කම, ධනය, බලය ලැබෙත්ම
උතුම් මිනිස්සු පල බරවු ගසක් මෙන්
නිහතමානී වෙති. ඇතුළත හිස් උණ ගස්
අහසට හිස දල්වා ගෙන සිටින අතර
පිරුණු ඇට වලින් බර වී කරල් පොළවට
තම හිස පහත් කරති. වැහි වලාකුළුත්
මිනිසාට සේවය කිරීමට පොළවට සමීපයි.

සෑම අයකුම මෙම සොබා දහමෙන්
ගස් වලින්, වළාකුළු වලින් පාඩමක් උගත යුතුය.
තමා ධනයෙන්, උගත් කමින් ශක්තිමත්
වූ කල්හි අන් අයට උදවු කල යුතුය.

ධනය කියන සල්ලි ගොඩට යට නොවි එහි අභියස හිඳ සැබෑ මනුෂ්‍යයෙක් ලෙස ජිවත් වන්න.උගත්කම ලබන්න පින් ලද ඔබ එහි ආනිශංශය අනෙකා හා බෙදා ගන්න ලොභකම් නොකරන්න.දන්නා දෑ දන්නා ලෙසින් තවකෙකුට කියා දෙන්න.එයයි උගත් ඔබගේ සැබෑ මනුශ්‍යත්වය.අනෙකාට සිනහා නොවෙන ඉදිරියට යන්න වචනයකින් හෝ උදව්වක් කරන කෙනෙකුන් වන්න.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ