ටයිටැනික් නැව බලන්න යමු ද?
අත්ලාන්තික් සාගරයේ මුහුදු පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යෑමට එංගලන්තයේ සංචාරක ආයතනයක් සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
20 වැනි සියවසේ සිදුවූ වඩාත් ප්‍රසිද්ධම නාවික අාපදාව ලෙස සැලකෙන්නේ ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමයි. සාගරය මතුපිට සිට සැතපුම් දෙකක් පමණ ගැඹුරු මුහුදේ ඇති ටයිටැනික් නෞකාවට සංචාරකයන් රැගෙන යෑම 2018 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් වේ.
එංගලන්තයේ බ්ලූ මාබල් ආයතනය විසින් මෙම කාර්යය ආරම්භ කර ඇති අතර මෙම සංචාරය සඳහා එක්පුද්ගලයෙකුගේ පිරිවැය ඩොලර් 105,129 ක් බවට ගණන් බලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්වලින් මෙම ගමන ආරම්භ කිරීමට නියමිත අතර එය දින අටක චාරිකාවක් ලෙස සකසා තිබේ. මෙම සමාගම ඒ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ විශේෂිත යානාවක්ද නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇති බවද සඳහන්.
එහි පළමු චාරිකාව සඳහා වන ආසන සියල්ල මේ වනවිටත් අලෙවි කර අවසන්ව ඇතැයිද සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.
අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ටයිටැනික් නෞකාව ආපදාවට පත් වූ අතර, එයින් පුද්ගලයෝ 1,500 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්විය.
Comments
Post a Comment