බටහිර හීන රැල්ලට හසුව……………<><><><><>


අද ශ්රී ලංකාවේ දෛනික ජීවිතයේ එක් සුළු
මොහොතකි මෙය. ශ්රී ලංකාවද ඇතුළු බොහෝ
තෙවන ලොව රටවල් ද සමග මේ ලෝකය
ශීඝ්රයෙන් බටහිර සංස්කෘතියට නතුවන යුගයයි. මේ.

බටහිර සංස්කෘතියට බුවල්ලකු සේ අපගේ සෑම
අංශයක්ම වෙලාගන්නා අවධියක, මෙය පුද්ගල
සෞඛ්යයට කෙතරම් බලපෑමක් එල්ල කරන්නේ දැයි
මොහොතකට විමසීම වටියි.

දිළිඳුකම, මුදල් බෙදීයැමේ අසමානාත්මතාව
වෙනුවට සමාජයක ඉතිහාසය, සංස්කෘතිය,
දේශපාලන, ආර්ථිකය, කාන්තාවන්ගේ තත්ත්වය සහ
ජාතිය යන සියලු සාධක එකතු වී සෑදෙන සංකීර්ණ
පරිසරයත් පුද්ගල සෞඛ්යයට බලපායි. දෙවන
වැදගත්ම කරුණ පුද්ගලයන්ගේ මනෝභාවයයි.
මානසික පීඩනය, මානසික ආතතිය, බිය, වෙන්වීම,
කොන්වීම, සමාජ අනාරක්ෂිතභාවය, වෙනස්වන
සමාජයට ආගන්තුක වීම, තමන්ගේ ජීවිතය තමාට
පාලනයක් නොමැති වීම වැනි කරුණු රාශියක් සමග
විශාල මානසික වෙනස්වීම් මේ නව සංස්කෘතිය
තුළ සිදුවෙයි. මෙහි ප්රතිඵලය ලෙස පුද්ගල ශරීර තුළ
හෝර්මෝනමය, ස්නායුමය හා ප්රතිශක්තිමය
වෙනස්කම් සිදුවන අතර මෙය සෞඛ්ය කෙරෙහි
බලපායි.

ජීවිතයට දරාගත නොහැකි බලාපොරොත්තු හා
ආශාවන් බටහිර සංස්කෘතිය මගින් අප වෙතට ගෙන
එන අතර මෙය නොසන්සුන්කම මෙන්ම ජීවිතයේ
ගුණාත්මකභාවය පහළ හෙළීමට ද කටයුතු කරයි. අපට
අප කැමැති ආකාරයට නිදහසේ ජීවත් වීමට
අවස්ථාවක් මෙහි නොමැත. එය අපව
බලහත්කාරයෙන්ම අතරමං කරවා ඇත. අප සෑම
දෙයක්ම තෝරා ගන්නේ අනුන්ගේ සිත් සතුටු කිරීමට
මිස මම මාගේ සිත සැනසීමට නොවෙයි. බටහිර
සංස්කෘතිය අපගේ නිදහස අනන්යතාව
කැබලි කර දමා ඇත.

නවතම විද්යාත්මක පර්යේෂණ වලින් අනාවරණය වන
ආකාරයට ලොව සුලභතම රෝගී තත්ත්වය මානසික
ආතතිය  වෙයි. මානසික ආබාධිත
තත්ත්වයට සහ මරණවලට හේතුවන සාධක අතර හතර
වන ස්ථානයේ පසුවූ මානසික ආතතිය 2020 පමණ
වන විට දෙවන ස්ථානය දක්වා පෙරමුණට
පැමිණෙන බව සඳහන්ය.

ලොව දියුණු වූ රටවල් අතර
හෘද රෝග හෝ පිළිකා රෝග පරාජය කර
භයානක රෝගී තත්ත්වයක් බවට මානසික ආතතිය පත්
වෙමින් පවතියි.

උසස් අධ්යාපනය ලබන නැතහොත්
සාර්ථක විවාහ ජීවිත ගෙවන පිරිස් 
සියයට අඩු පිරිසකි.
බටහිර සංස්කෘතියේ වෙනස්වීම් අපගේ මානසික
සෞඛ්යයට බලපාන ආකාරයට අමතරව එය කායික
ජීවිතයට සිදු කරන අනතුරද විමසීම ඉතා වටී.

පෙර
සඳහන් කළ අන්දමට මානසික විපර්යාස සිදුවන විට ඒ
හරහා චර්යාත්මක හෝ කායික පරිවෘත්තීන් වල බිඳ
වැටීමක් සිදු වෙයි.

මානසික ආතතිය සමාජ සම්බන්ධතා බිඳ වැටීම මේ
තරගකාරි සමාජය තුළ කොන්වීම වැනි හේතු
සාධක හා හෘදයාබාධ ඇතිවීම අතර සෘජු
සබඳතාවයක් පවතින බව දැන් හෙළී වී ඇත.

හෘදයාබාධ ඇති වීම කෙරෙහි දුම්පානය අධි රුධිර
පීඩනය හා අධික කොලෝස්ටරෝල් ප්රමාණයට
සමාන බලපෑමක් ඉහත මානසික සාධක වලින් ද සිදු
වෙයි. පවුල් පරිසරයක් තුළ ඉතා හොඳ
සබැඳියාවකින් ජීවත්වන්න වූවන්ට වඩා තනි තනිව
ජීවත් වන්නවුන්ට මිස යැමට දෙගුණයේ සිට පස්
ගුණයක පමණ අවදානමක් පවතියි.

පාරිභෝගිකවාදී බටහිර සංස්කෘතීම බලපෑම
යටතේ රට තුළ විශාල ඇති නැති පරතරයක් සමාජ
ආර්ථක විෂමතාවක් ඇති කර ඇත. මේ සමාජ
විsෂමතා අපරාධ රැල්ලක් නිර්මාණය කර ඇත.
බොරුව, අසාධාරණය, අල්ලස, දූෂණය, වංචාව
තොග පිටින් පැටව් ගසමින් විශාල සමාජ ආර්ථික
අර්බුදයක් නිර්මාණය කර තිබෙන්නේ එහෙයිනි.

සුපිරි සිහින රැල්ලකට නතු වෙමින් සුරංගා ලෝක
වල ජීවත් වන රටේ තරුණ පිරිස මේ සුරංගා මැදුරු
වලින් බැස පොළොවේ පය තබන මොහොත වන
විට ජීවන යථාර්ථය තේරුම් ගැනීම ප්රශ්නවලට විසඳුම්
සෙවීමට අපහසු තත්ත්වයට පත්ව ඇත. එතනදී ඔවුන්ගේ
අවසාන විසඳුම වන්නේ සියදිවි නසා ගැනීමයි.

මේ වන විට ලොව පුරා තරුණ ජනගහනය විශාල
වශයෙන් සියදිවි නසා ගැනීමට යොමු වන්නේ
එහෙයිනි. ආදායම දිළිඳුකම, විරැකියාව සමාජ
අසාධාරණය හෝ දික්කසාද වීම වැනි කරුණුවලට
වඩා සමාජ ස්ථරයේ බිඳ වැටීම සියදිවි නසා
ගැනීමට හේතුවී ඇත. තනිව ජීවත් වීම, අවිවාහකත්වය,
නිදහස වැඩිවීම, ජීවිතය පාලනය කරගත නොහැකි වීම
ආදිය ඒ කෙරෙහි බලපා ඇත.

සමාජයකට තනිව ඉදිරියට යා නොහැකිය. සමාජය
තුළ සිටින තනි තනි පුද්ගලයන් සියල්ලක්ම එකතුව
ශක්තිමත් අත්තිවාරමක් තනයි. මේ අනුව තනි තනි
පුද්ගලයාගේ සමාජ මානසික දියුණුව කෙරෙහි
රාජ්යයක් අවධානය යොමු නොකළ හොත්
වක්කඩේ හකුරු හැංගුවා වැනි තත්ත්වයක් ඇති වේ.
බටහිර සංස්කෘතිය තුළ අලෙවිකරණයට ඉතා ඉහළ
ස්ථානයක් හිමි වෙයි. ඇමෙරිකාව තුළ පමණක්
ව්යාපාරික ආයතන වෙළෙඳ ප්රචාරණයට,
අලෙවිකරණයට වසරකට ඩොලර් බිලියන 1000 කට
අධික ප්රමාණයක් වැය කරන අතර මෙය එරට
අධ්යාපනය, මහජන සුබ සාධනය ආදියට වෙන් කරන
මුදල මෙන් දෙගුණයට වැඩි මුදලකි.


පාරිභෝගිකයන්
උගුල්වල දමා විශාල ලාභ ලැබීම මෙහි අරමුණයි.
අපි කොතරම් බුද්ධිමත් වූවත් අවධානයෙන් පසු වූවත්
මේ වාණිජවාදී බටහිර සංස්කෘතික රැල්ලෙන්
නොතෙමී හානියක් නොවී සිටීම අසීරු බව
විශ්ලේෂක මතයයි. එබැවින් මේ රැලි පිට එන රැලි
වලින් මිදීමට ඒවාට එරෙහිව ප්රතිරෝධයක්
නිර්මාණය කරන්නට ඔවුන්ගේ දුර්වල තැන්
හඳුනාගෙන අපේ සංස්කෘතිය රැක ගැනීමට අප
ඉගෙන ගතයුතු මොහොත එළඹී ඇත.

අප තවම ඒ ගැන සිතා නොතිබුණ ද මේ බටහිර
සංස්කෘතිය නිසා වන අනතුර මේ වන විට බටහිර
දියුණු රටවල ජනතාව හොඳින් තේරුම්ගෙන සිටිති.
ඔවුහු අද මේ දැලෙන් බේරී එළියට පැමිණීමට මාන
බලයි. තමන්ට ආවේණික පෞරුෂත්වයත්, හැඟීමත්,
ජීවිතයට පෙර තිබුණට වඩා වටිනාකමක් ලබා දීමට
උත්සාහ දරණ බව සමාජ විද්යාඥයෝ පවසති.

ජීවිතයට නව වටිනාකමක් නිර්මාණය කර ගැනීමට
බටහිර වැසියෝ උත්සාහ දරති. අපි සිහින ගංගාවල
පිනමින් උඩු ගම් බලාගොස් අතපය කඩා ගෙන
අබ්බගාතයන් ලෙස සමාජ පරිහානියට අත්උදව්
සපයන්නෙමු.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ