3D තාක්ෂණය
වර්තමානයේ ඉතා පෙරළිකාර තාක්ෂණයක් වන
3D තාක්ෂණය අද වනතුරුත් භාවිතා නොවන
උපකරණ ඇත්නම් ඒ ඉතාමත් අතලොස්සකි.
දිග, පළල හා ගැඹුර යන මාන තුනෙහි
සංකලනයන්ගෙන් යුත් දර්ශන අඩංගු 3D (Three
Dimensional) රූප, අපගේ ඇසට සෘජුවම හඳුනාගත
නොහැක.
ඒ වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය
කරන ලද ඇස පළඳනා භාවිතා කෙරේ.බැලු
බැල්මට එක ඇසකට නිල් වර්ණයත්, අනෙක් ඇසට රතු
වර්ණයත් අඩංගු වන සෙල්ලම් කන්නාඩියක් ලෙස
මේවා දිස්වේ.
පිටතින් සරලව දිස්වනවාක් මෙන්ම එහි
ක්‍රියාකාරිත්වය ද පහසුවෙන් වටහා ගත හැකි
එකකි.
3D උපැස් යුවලක් මගින් මූලිකව සිදු කරන්නේ යම්
ඡායාරූපයකින් සකසා ගත් එකිනෙකට වෙනස් රූප
දෙකක්, අපගේ ඇස් දෙකට වෙන වෙනම ලඟා
කරවීමයි.
ඇස් එකිනෙකින් වෙන්ව පැවතීම නිසා, අප
සාමාන්යයෙන් ඇස් දෙකෙන්ම වස්තුවක් දෙස
බැලීමේදී එම වස්තුවේ ඡායාවන් දෙකක් ඇස්
දෙකට වෙන වෙනම ලැබේ. මේ හේතුවෙන් එම
වස්තුවේ දිග,පළල,ගැඹුර පමණක් නොව එය චලිත වන
වේගය පිළිබඳවද නිවැරදි අවබෝධයක් අපට ගත
හැක. එය තනි ඇසකින් යමක් නිරීක්ෂණය කිරීමෙන්
අපට ලබාගත නොහැකි අත්දැකීමකි.
3D තාක්ෂණයට පදනම් කරගෙන ඇත්තේද මෙම
ස්වභාවික සංසිද්ධියම ය. අප කලින් සඳහන් කල රූප
දෙක සකස් කරගන්නේ මෙලෙස සජීවී බවක් එම
රූපයට එක්වන ලෙසටය.
සකසා ගත් රූප දෙක වෙන වෙනම ඇස් වෙත සමීප
කරවීමට මිනිසා සොයාගත් අතිශය සරල උපකරණය
ලෙස මෙම 3D උපැස් යුවල හැඳින්විය හැක. පළමුව
වෙන වෙනම ලැබිය යුතු රූප, නිල් හා රතු යන වර්ණ
දෙකෙන් වෙන වෙනම සකස් කර, එකම රූපයක්
ලෙස ඒවා එක්කාසු කරනු ලැබේ. මෙවිට එය පියවි
ඇසින් නිරීක්ෂණයේදී ඉතා අපැහැදිලි ස්වරුපයක් ගනී.
නමුත් 3D උපැස් යුවල තුලින් බැලීමේදී එහි අඩංගු
රතු පටලය මගින් නිල් දර්ශනය පමණක් ද, එසේම නිල්
පටලය මගින් රතු දර්ශනය පමණක් ද විනිවිද යාමට ඉඩ
සලස්වයි. මෙනිසා නිරායාසයෙන්ම ඇස දෙකට
ලැබෙන්නේ එකිනෙකට වෙනස් දර්ශන දෙකය.
3D රූපවාහිනී, චිත්‍රපට යනාදී විවිධ 3D දර්ශනයක්
නැරඹීම සඳහා මෙම සරල උපකරණය අත්‍යාවශ්‍ය
මෙවලමක් වී ඇත්තේ ඇයි දැයි දැන් ඔබට
වැටහෙනු ඇත.
Comments
Post a Comment