ආදරය ගනුදෙනුවක් නෙවෙයි•••••••
මහා චණ්ඩ මාරුතයන් තුළින් වුවද නැවක් යාත්‍රා
කොට එහි ගමනාන්තය දක්වා පැමිණීමට එකී
නෞකාව සවිශක්තිමත් විය යුතුය. එමෙන්ම මහා මඩ
වගුරක වුවද ගඩොලින් බිත්ති බැඳ අලංකෘත
ගොඩනැඟිල්ලක් සෑදීමට එහි පාදමද අත්තිවාරමද
ශක්තිමත් විය යුතුය.එකින් එක සිද්ධීන් එකිනෙකට
ගැළපෙමින් නිර්මාණය වන සිද්ධි ජාලයට අපි ජීවිතය
කියනවා. එකී ජීවන චක්‍රය තුළ සුවිශේෂී පුද්ගල
ඇසුරකින් අපි ආදරය හොයනවා. එකී ආදරයට ද නිසි
අඩිතාලමක්, පදනමක් තිබීමෙන් එය මඟදී සුනුවිසුනු වී
කැඩී බිඳී ඉරිතළා පොළොවට පතිත වීමේ
අවදානමක් හට නොගන්නා බව නම් විශ්වාසය.
ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් ආදරය තුළින්
බලාපොරොත්තු වන්නේ සුවිශේෂී වූ පරිත්‍යාගයකි.
රැකවරණයකි, ජීවිත ආරක්ෂාවකි. එමෙන්ම තවදුරටත්
ඔවුන් සොයන්නේ අසංතෘප්ත වූ ආදරණීය
පාරමිතාවක් නොවන්නේද? සුවිශේෂී වූ විවරණයන්
මැද එකිනෙකාට සුවිශේෂ වූ ආදරය, ප්‍රේමය
එකිනෙකා අතර දෝලනය වන්නේය. කවියක
එකිනෙකට වෙනස් පද පේළියක් මෙන් ආදරයද
එකිනෙකාට වෙනස් වන්නේය. යමකුට නිරතුරුවම තම
ප්‍රේමය ලැබෙන්නේය. තවකකු ප්‍රේමය
යාදින්නෙක් වන්නේය. එමෙන්ම තම සිත්ගත්
ප්‍රේමය කිසිදිනක නොලැබෙන්නටද පූර්විකාව
සෑදෙන්නේය.
ආදරයට ආදරය කිරීමත්, ප්‍රේමයට ප්‍රේම කිරීමත්
අසම්පූර්ණතාවකින් තොරව එකිනෙකාට
සාධාරණීකරණය වීමකින් සිදුවිය යුතුය. එවිට ආදරය,
ප්‍රේමය, සෙනෙහස සුන්දරය, කඩවසම්ය. එමෙන්ම
එහි නිසි වටිනාකමක් ඇත්තේය. ශෘංගාරාත්මක
පෙම් කවක් තරම් සොඳුරු වන්නේද ස්වර මාධුර්ය හා
ඒ අනුව මිනිස් සිතෙහි ඇතිවන ස්වභාවයන්ගේ
වින්දනාත්මක එකමුතුකමක් වූ රාග මාලාවක්
ලෙසින්ය. මිනිස් චිත්ත අභ්‍යන්තරයේ පැලපදියම් වූ
එකිනෙකාට වෙනස් වූ එකිනෙකාට ආවේණික වූ
ප්‍රේම සංකල්පනා ගොඩනැඟෙන්නේය. එකී
සංකල්පනාවන් මත යාත්‍රා වන සිතුවිලි අතර සිහින
ඉපදෙන්නේය. අරමුණු හටගන්නේය. එමෙන්ම
තමන්ට ඇවැසි ස්වකීය ආදරය සොයන්නේය. එකී
ආදරය තුළ ඇය ඔහුගෙන් බලාපොරොත්තු වන දේ
අපමණය. ඔහු ඊට දෙවැනි නොවන්නේ නිව්ටන්ගේ
නියමයන්ට අනුවය.
ඇය වරෙක ගිරවියක් මෙන් කියවන්නීය. තවත් විටෙක
මුනිවත රකින්නීය. එමෙන්ම මුවපොව්වෙක් තරම්
අහිංසක ලයාන්විත වන්නේය. සැණෙකින් කොටි
දෙනක් සේ සැර පරුෂද වන්නේය. එකිනෙකාට
වෙනස් වූ ක්රියාකලාපයන්ට ප්‍රති උත්තර ලෙසින්ය.
ස්ත්‍රිය පුරුෂ පාර්ශ්වයට වඩා ප්‍රේමය, ස්නේහය
සොයන්නේය. එමෙන්ම එය නැවුම්ව විඳීමටත්
සංතෘප්ත වීමටත් වින්දනයටත් කැමැතිය.
පුරුෂ මනෝභාවයන් තුළ භෞතිකත්වය පමණක් හඹා
යෑමේදී ඇය මඟහැරෙන්නේද ඇය කියවා තේරුම්
නොගත් නිසාවෙනි.
ඇය පතන ආදරයත්, ඇයට
ඇවැසි රිසි ස්නේහයත් ඔහුගෙන් නොලැබීම
හේතුකොටගෙන ඇයගේ සිත ඔහු කෙරෙන් පලා
යෑමට අවකාශය සොයන්නේය. භෞතිකත්වය
පමණක් හඹා යෑම තුළින් ඔහුට ඔහු මෙන්ම ඔහුගේ
ජීවිතයෙන් ඇයත් මඟහැරෙන්නේය. අවසන් ඉලක්කය
සැපිරීමේදී හිමිවන්නේ භෞතිකත්වයත්, තනිකමත් මත
පදනම් වූ හිස් බවකි.
ප්‍රේමයේ අඩිතාලම ශක්තිමත් විය යුතුය. ශක්තිමත්
අඩිතාලම මත ඉදිවන ගොඩනැඟිල්ලද ගඩොලින්
බැඳ කපරාදු කොට වර්ණ ගන්වන්නේය. විටෙන් විට
එය අලුත් කරන්නේය. ප්‍රේම අඩිතාලම ශක්තිමත් කර
ආදර මාලිගාව සෑදූ පමණින්ම එය සුන්දර
නොවන්නේය. විටින් විට එය සාධාරණීයකරණය කළ
යුතුය. එමෙන්ම වර්ණක රූපක එක් කළ යුතුය.
සෑම
දිනකම එය අලුත් කළ යුතුය. එවිට "ටජ්මහල" තරම්
සුන්දරව චිරාත් කාලයක් එය පවතින්නේය.
ඇයට ඔබ ආදරය කරන්න. ළංවී කතා කරන්න.
ආදරයෙන් සවන් දෙන්න. එවිට ඇය පෙරට වඩා ඔබට
ළං වේවි. එමෙන්ම ෙදාඩමලු වේවි. නොසඟවා
සියලු තතු පවසාවි. හුදෙක් මෙය ගනුදෙනුවක්ම
නොවුණද ඔහුද ඔබගෙන් එය බලාපොරොත්තු
වන්නේය. අරමුණු කරා වේගයෙන් දිවෙන
තරගකාරී ජීවිත රාමුව තුළ ඇය ඔබ අසලින් සිටීම ඔබට
ශක්තියක් නොවන්නේ යැයි ඔබට හදවතට එකඟව කිව
හැකිද? එමෙන්ම සුන්දර ගැහැනියකට ආරක්ෂාව,
ආදරය සපයන ඔහු අසලින් ගැවසීම ඔබටද දිරියක්
නොවන්නේද?
සියලු තාර්කික ප්රශ්නයන් හමුවේ එකිනෙකාට
එකිනෙකාගේ ඇල්ම බැල්ම ස්පර්ශය මෙන්ම
ස්නේහය එකිනෙකාට නොදෙවැනිව අවශ්‍ය
වන්නේය. නිරවද්‍ය වූ සත්‍ය එයම වුවද ඔවුනොවුන්ගේ
අනවබෝධය හා අනෙකාගේ අවශ්‍යතාව හඳුනා
නොගැනීම මත ආදර පදනම බිඳී යන්නේ එක්
තත්පරයකින්, එක් වචනයකින් විය හැකිය.
ඇය හෝ ඔහු ටජ්මහල තරම් ආදර ස්මාරක සිහිවටන
ඔබගෙන් බලාපොරොත්තු නොවන්නේය. කුස රජු
තරම් දාසකම් බලාපොරොත්තු වන්නේද නැත.
එහෙත් ඇය ඔබ තුළින් ඔබ ඇසුරින් ආදරය
සොයන්නේය. ඇයට එක රතු රෝස මලක්,
සෙනෙහෙබර වදනක් ටජ්මහල තරම් වටින්නේය.
ඇය
දෙස බලන්න එක්වරක් නොව ඔබට හැකිතරම් ඇයව
කියවන්න. හොඳින් තේරුම් ගන්න. එවිට ඔබට ඇයව
වටහා ගැනීමට හැකි වන්නේය. ඇය හා ජීවන ගඟ
තරණය කිරීමට හැකි වන්නේය.
ප්‍රේමවන්තයන්ව සිටින අවධියේ එකිනෙකාගේ
පාරමිතාවන් තුළින් ප්‍රේමය, ආදරය සුන්දර කර
ගැනීම අපගේ වගකීමය. එකී ප්‍රේමය අතිසුන්දර අවධිය
කරගත යුත්තේ විවාහය පදනම් කරගෙනය.
ප්‍රේමයේ සොඳුරු සිතුවම නිර්මාණය වන්නෙත්
හැඩ වන්නෙත් ඔවුනොවුන්ගේ හෘදස්පන්දනය
එකිනෙකා හඳුනා ගැනීමෙන් නොවන්නේද?
Comments
Post a Comment