ඉලක්කය කරා
ඉලිනොයිස් කියන ජනපදයේ එක්තරා උද්යෝගිමත්
ලාබාල තරුණයෙක් හිටියා. ඔහු පාසැලෙන්
අස්වෙලා මාස හයකට විතර පස්සේ පළාත් ආණ්ඩු
සභාවක උපදේශක ධූරයක් සදහා තරග කරන්නට
ඉදිරිපත් වුනා. නමුත් ඔහුට ඉන් ජයගන්නට හැකියාවක්
ලැබුනේ නැහැ. හැබැයි ඔහු ඒ පරාජය
බලාපොරොත්තු වෙලා හිටියා වෙන්නත් පුළුවන්
තියෙන තරග කාරීත්වය නිසාම.
ඉන්පස්සේ ඔහුට උවමනා වුනා වෙළද ව්යාපාරයක්
ආරම්භ කරන්න.
ඉතින් තවත් යාළුවෙකුත් එකතු
කරගෙන ව්යාපාරයක් පටන් ගත්තා. නමුත් ටික
කාලෙකින් ඒ ව්යාපාරයත් බංකොලොත් වෙලා
ගියා. දන්නවද අනෙක් කොටස් කරුවාගේ කොටස්
වල මුදල් ගෙවන්නට ඔහුට වසර 17ක් ගත වෙලා
තියෙනවා.
ඊටත් ටික කාලෙකට පස්සේ ඔහුට සුන්දර තරුණ
කාන්තාවක් මුණ ගැහුනා. ඔහු ඇයට පෙම් කලා.
ඇය සමග විවාහ ගිවිස ගත්තා. නමුත් ඇයත් මරණයට
පත්වුනා. මේ සිද්ධි වලින් පසුබට නොවුන මේ
පුද්ගලයා ඇමරිකාවේ කොන්ග්රස් සභාවට තරග
කරලා එයිනුත් පරාජයට පත්වුනා.
ඉන්පස්සේ ඔහු එයින් නතර වුනේ නැහැ. එක්සත්
ජනපදයේ ඉඩම් කාර්යාලයේ රක්ෂාවක්
ලබාගන්නට උත්සාහ කලා. ඒ වුනාට ඒකත්
අසාර්ථක වුනා. නමුත් ඔහු යළිත් වරක්
අමෙරිකාවේ උප ජනාධිපත්කම සදහා තරග කලා.
එහෙත් අවාසනාවකට ඔහු එයිනුත් අසමත් වුනා.
නැවතත් අවුරුදු දෙකකට පස්සේ එම ධූරයටම තරග
කලා. එයිනුත් ජයගන්නට ඔහුට හැකියාවක් තිබුනේ
නැහැ. දිගින් දිගටම ලද මේ පරාජයන් හමුවේ ඔහු
නොසැලී හිටියා. ඔහු හැම වෙලාවෙම හිතුවේ
නැවත නැවත උත්සාහ කිරීමෙන් ජයගන්නට හැකි
බවකුයි.
ඉතින් නැවත වාරයක් එහු තරගයකට ඉදිරිපත් වෙලා
අවසානයේදී ජයග්රහණය කළා. දන්නවද මම මේ
තරම් වෙලාවක් කවුරු ගැනද කිවුවේ කියලා. ඔහු
නමින් ඒබ්රහම් ලින්කන්ය!!!!!!
Comments
Post a Comment