<<<‘වෙරළට සේදී ආ මිනිසත් බව’>>>

තුර්කියේ මුහුදු වෙරළකට ගසාගෙන ආ කුඩා
දරුවෙකුගේ මළ සිරුරක් හේතුවෙන් යුරෝපය වෙත පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ වෙනස්ම ආකාරයේ කතාබහක් සමාජජාල තුළ නිර්මාණය වෙමින් පවතී.

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා පළා යමින් සිටි අයිලන් කුර්දි නම් මේ තුන් හැවිරිදි දරුවාත්, ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා වන ගාලිප් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරළීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ.

එමෙන්ම, මේ ඛේදවාචකයෙන් ඔවුන්ගේ මව වූ රිහාන් ද මියගිය අතර, පියා වූ අබ්දුල්ලා කුර්දි පමණක් දිවි ගලවා ගැනීමට සමත් විය.

දේශපාලන රැකවරණය පතා කැනඩාවට යාම වෙනුවෙන් ඥාතියෙකු විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙසේ අනාරක්ෂිත මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට ළඟාවීමට ඔවුන් උත්සාහ කර ඇත.

කෙසේ වෙතත්, මෙම දරුවාගේ සිරුරු වෙරළේ වැටී ඇති ඡායාරූපය තුර්කි පුවත් සේවා ලොව පුරා ප්‍රචාරය කර තිබුණේ ‘වෙරළට සේදී ආ මිනිසත් බව’ යනුවෙනි.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ