වයස්ගතවීම නවතාලිය හැකි විශ්මිත ඖෂධයක් සොයා ගැනේ !

 

වයස්ගත වීම වැළැක්වීම සඳහා නව ඖෂධයක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙන බව වාර්තා වේ. 

මෙම නව ඖෂධය මඟින් හානි වූ DNA අණු නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා ගගනගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. පර්යේෂකයන් මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා  හානිවන DNA අණුව සෘජුවම නැවත පිළිසකර කරන බව අනාවරණය වී තිබේ.

මාස හයක කාලයක් සදහා මෙම  ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිත අතර එය සාර්ථක වුවහොත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පර්යේෂකයන් පවසයි.

නව ඖෂධය සොයාගැනීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇති බව වාර්තා වන අතර මෙම වසරේදී බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහල් වලදී  මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිත බව වාර්තා වෙයි.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ