නෙවර්ලන්තය’ අලුත් නමකින් එයි.



 

පොප් ගී ලොව කිරුළු දැරූ මයිකල් ජැක්සන් විසූ නෙවර්ලන්ඩ් නිවස සහ වතුයාය කලින් නම් කළ මුදලට වඩා බෙහෙවින් අඩු මුදලකට අලෙවි කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

නෙවර්ලන්ඩ් යන නාමය වෙනුවට සිකැමෝ වැලි යනුවෙන් නම් කර ඇමෙරිකානු ඩොලර් මිලියන 67කට විකුණා දැමීමටයි එම කටයුතු සිදු කරන දේපළ වෙළෙඳ සමාගම තීරණය කර ඇත්තේ. 2016 වසරේදී මෙහි විකුණුම් මිල ඩොලර් මිලියන 100ක් හැටියට සඳහන් වී තිබුණා. මයිකල් ජැක්සන් විසින් 1980 දී මිලදී ගන්නා ලද මේ ‘නෙවර්ලන්තය’ පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා ප්‍රදේශයේයි.

අක්කර 50ක වපසරියකින් යුතු මේ වතුයාය ඇත්තෙන්ම අපූර්වත්වයෙන් අනූන වූ තැනක්. කැලිෆෝනියාවේ තිබෙන සුඛෝපභෝගී, අතිවිශේෂ නිවසක් මෙහි පිහිටා තිබෙනවා.

මයිකල්ගේ දියණිය, පැරිස් මෑතකදී මෙම ස්ථානයට පැමිණ එහි සුන්දරත්වය නැවත අත්වින්දා. ඇය කුඩා කාලයේ හැදී වැඩුණේ මේ ‘නෙවර්ලන්ඩ්’ හි නොහොත්, ‘සිකුමෝ වැලි’ හිදීයි.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ