ඔස්කා සම්මාන ඉතිහාසයේ සිදුවූ ලොකුම අත්වැරැද්ද මෙවර සම්මාන උළෙලින්
හොලිවුඩ් ෆිල්ම්ස් ගැන උනන්දුවෙන් ඉන්න අයටනම් වැදගත් දෙයක් තමයි ඇකඩමි සම්මාන උළෙලඑහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට කිව්වොත් ඔස්කා සම්මාන උළෙල. මෙවර සම්මාන උළෙල පෙබරවාරි මස 26 වෙනි දින රාත්‍රියේදි ලොස් ඇන්ජලිස් නගරයේ හොලිවුඩ්වල ඩොල්බි රංගශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. ඒ 89 වන වරට. මෙවර සම්මාන උළෙල ඉදිරිපත් කළේ සුප්‍රකට ජිමී කිමල් විසින්.
මෙවර සම්මාන උළෙලෙදි සමහරුන්ගෙ බලාපොරොත්තු බොහොමයක් ඉටුවෙද්දි සමහර ඒව බිඳ වැටුන. ඒ වගේම තමයි ඔස්කා සම්මාන ඉතිහාසයේ සිදු නොවුනු අනපේක්ෂිත දේවලුත් සිදු උනා. කොහොම නමුත් නිර්දේශ 14ක් අතුරින් 6ක්ම දිනාගත් “La La Land ” චිත්‍රපටය වැඩිම සම්මාන දිනාගත් චිත්‍රපටය බවට පත්වෙද්දි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්න සමත්වුණේ “Moonlight” චිත්‍රපටයයි.
අවසන් සම්මානය වන හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලබා දෙද්දි හරි අපූරු දෙයක් සිදු උනා. අත්වැරදීමකින් හොඳම චිත්‍රපටය ලෙස ප්‍රකාශ කළේ ” La La Land” චිත්‍රපටයයි. සුලු මොහොතකට La La Land හොඳම චිත්‍රපටය උනත් මොහොතකින් ඒ සියල්ල වෙනස් කරමින් සිදුවූ වරද නිවැරදි කරමින් හොඳම චිත්‍රපටය ලෙස “Moonlight” චිත්‍රපටයට සම්මානය ලබා දෙනව.
මෙය මෙතෙක් ඔස්කා සම්මාන ඉතිහාසයේ සිදුවූ විශාලතම අත්වැරදීමයි.
බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවිධ අදහස් පළ කරල තියෙනව දකින්න ලැබුන. නමුත් අවසානයේදී සියල්ලන්ටම සතුටුවෙන්න පුලුවන් විදිහට ඒ වැඩේ ගොඩදාගන්න හැකිවුනු බවක් තමයි පෙනුනෙ.
සම්මාන දිනාගත් සහ නිර්දේශිත නාමයන් සියල්ල මෙන්න තියෙනව පහළින්.
01. හොඳම චිත්‍රපටය (Best Picture)
Moonlight
Image: mohawkcollege.ca
02. හොඳම අධ්‍යක්ෂණය (Best Director)
Damien Chazelle – La La Land
Image: metro.co.uk
03. හොඳම නළුවා (Best Actor)
Casey Affleck – Manchester by the Sea
Image: empireonline.com
04. හොඳම නිළිය (Best Actress)
Emma Stone – La La Land
Image: cinepremiere.com
05. හොඳම සහාය නළුවා (Best Supporting Actor)
Mahershala Ali – Moonlight
Image: collider.com
06. හොඳම සහාය නිළිය (Best Supporting Actress)
Viola Davis – Fences
Image: shadowandact.com
07. හොඳම තිරපිටපත (Best Original Screenplay)
Manchester by the Sea – Kenneth Lonergan
Image: theculturetrip.com
08. හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය (Best Animated Feature Film)
Zootopia – Byron Howard, Rich Moore, and Clark Spencer
Image: mouseplanet.com
09. හොඳම විදේශ භාෂා චිත්‍රපටය (Best Foreign Language Film)
The Salesman – Asghar Farhadi
Image: curzonartificialeye.com
10. හොඳම වාර්ථාමය චිත්‍රපටය (Best Documentary – Feature)
O.J: Made in America – Ezra Edelman and Caroline Waterlow
Image: nursingclio.org
11. හොඳම වාර්ථාමය චිත්‍රපටය – කෙටි (Best Documentary – Short Subject)
The White Helmets – Orlando von Einsiedel and Joanna Natasegara
Image: rottentomatoes.com
12. හොඳම චිත්‍රපට සිංදුව (Best Original Song)
“City of Stars” from La La Land – Music by Justin Hurwitz, Lyric by Benj Pasek and Justin Paul
13. හොඳම ශබ්ද සංස්කරණය (Best Sound Editing)
Arrival – Sylvain Bellemare
14. හොඳම සිනෙමාරූපණය (Best Cinematography)
La La Land – Linus Sandgren
Image: icgmagazine.com
15. හොඳම වේෂ නිරූපණය හා කොණ්ඩා විලාසිතා (Best Makeup and Hairstyling)
Suicide Squad – Alessandro Bertolazzi, Giorgio Gregorini, and Christopher Nelson
Image: complex.com
16. හොඳම ඇඳුම් නිර්මාණය (Best Costume Design)
Fantastic Beasts and Where to Find Them – Colleen Atwood
Image: thisisinsider.com
17. හොඳම සිනමා සංස්කරණය (Best Film Editing)
Hacksaw Ridge – John Gilbert
Image: people.com
18. හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Best Visual Effects)
The Jungle Book – Robert Legato, Adam Valdez, Andrew R. Jones, and Dan Lemmon
Image: screenrant.com
මොකද හිතෙන්නෙ සම්මාන බෙදිල ගිය විදිහ ගැන සෑහීමකට පත්වෙන්න පුලුවන්ද?
Comments
Post a Comment