සන්නාලිපුර දියණියෝ•°•°•°•°•°



දුර ඈත කඳු අස්සේ ඉඳලා සීතල සුළං රැලිති බිත්ති
කවුළු අතරින් ඇවිත් ශානිගෙ නින්දට බාධා කෙරුවත්
එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව තව
ටිකක් පොරෝනය ඇතුළට ගුළි වුණා. හැමදාම
උදේ පාන්දරින් කෑගහන බට්ට ඔරලෝසුවේ සද්දෙ
නොනවත්වාම ඇහුණත් ශානිට ඇඳෙන් නැඟිටින්න
නම් හිත දුන්නෙම නෑ. ඒ වුණත් මොනව කරන්නද...?
එක දවසක් වැඩට නොගියොත් හරිහමන් පඩියක් අතට
ගන්න බැරිවෙන බව මතක්වෙච්චි ශානි දඩි බිඩි ගාල
ඇඳෙන් පැන්නෙ ඉක්මනින් ලෑස්තිවෙන්න
හිතාගෙන.
මේ එක චරිතයක් විතරයි. සන්නාලිපුර දහදිය සුවඳ
පතුරවමින් මැෂින් එක්ක පොර බදන තවත් එක චරිතයක්
විතරයි.

ශානි කියන්නෙ දුප්පත්කමේ ඇතුළු කොනක
ඉඳන් ඉකිබිඳින අහිංසක කෙල්ලෙක්. තමන්ගෙම
එවුන්ගෙ අසරණකම් නැතිකරල දාන්න හිතාගෙන
කාෂ්ටක පොළවකට පයගහපු ශානි ඇත්තටම හිත හයිය
කෙල්ලෙක්. ඒත් මේ ජීවිතේ එයා හිතපු තරම්
ලේසි වුණේ නැහැ. කලාපෙ වැඩ කරන අපේ
කෙල්ලන්ගෙ ජීවිත මෙන්න මේ වගේ තමයි. බඩට
නොකා ඇස් දෙකට නින්දක් නැතිව හරිහමන් ඇඳුමක්
පැලඳුමක් නැතිව මේ ගෙවන ජීවිතේ එකම දුක්
ගොඩක්. ඒත් කිසිම කෙනෙක් මේක තේරුම් අරන්
නැහැ. තමන් ගන්න පඩියෙන් හතරෙන් එකක්වත්
එයාලට තමන් වෙනුවෙන් ඉතුරුම් පොතකට දාගන්න
ලැබෙන්නෙ නැහැ. තාත්තගෙ බෙහෙත්වලටයි,
මල්ලිලගෙ නංගිලගෙ පන්තිවලටයි බෝඩිමේ
ඇන්ටිගෙ ලෑලි කාමර කුලියටයි සල්ලි වෙන් කරාම
ඇත්තටම පාර අයිනෙ තියෙන කෑලි මූට්ටු කරපු
ගවුමක් ගන්නවත්, පුංචි සැලෝන් එකකට ගිහින් හීනියට
මේක්අප් එකක් දාගන්නවත් ශානි ළඟ සතයක්වත් ඉතිරි
වෙන්නෙ නෑ.

ශානි වගේ ගොඩ දෙනෙක් මේ සන්නාලිපුර
ලෑලි කාමර අස්සෙදුක් විඳිනව. ඒත් ඒ දුක සීතල
කාමරවල සැප මෙට්ටවල නිදියන කාටවත්ම
ඇහෙන්නෙවත් තේරෙන්නෙවත් නැහැ. ශානි
වගේම අසරණ හදවතකට විතරයි මේ පපු කුහර අස්සෙ
කැකෑරෙන දුක වේදනාව යාන්තමට හරි
තේරෙන්නෙ. පරිප්පු හොදියි පානුයි, කරෝල
හොදියි බතුයි කාල වේල පිරිමහගන්න ශානි වගේ
තුන්වැනි පන්තියෙ කෙල්ලො මාසයක් තිස්සෙ
නැහිල නැහිල අතට ගන්න සොච්චම් පඩිය
ප්රශ්නවලටම දියවෙලා යනකොට පුංචි මනමාලියක්
වෙලා ආදරණීය හීන කුමාරයකුගෙ තුරුලට යන්න
දකින හීන බොඳවෙලා විසිරිලා යන්නෙ කාටවත්
නොදැනීමයි. හිත කොනක පුංචි වේදනාවක්
නැතුවමත් නෙවෙයි. හැඟීම් දැනීම් තියෙන
කෙල්ලෙකුට ඒ වගේ පුංචි හීනයක්වත් නෑ කියලා
කිව්වොත් ඇත්තටම ඒක ලොකු විහිළුවක්. ඒත් ඒ හැම
හීනයක්ම හිත ඇතුළෙ ගුළිකරගෙන ශානිලා දුක්
විඳින්නෙ කා වෙනුවෙන්ද? ඇත්තටම ඒක ලොකු
ප්රශ්නයක්.

අතේ මිටේ සල්ලි හිඟවෙනකොට ගෙදරට යවන්න
පිච්චියක් අතේ නැතිවෙන කොට අකැමැත්තෙන්
වුණත් සල්ලිකාර මුදලාලිගෙ ගඳ ගහන යටිපතුල්
පාමුල ශානිලගෙ හිරිමල් හීන ඉහිරිලා යනව. ජීවිතේ
බලාපොරොත්තු තමන්ටත් නොදැනී බොර වතුරට
ගහගෙන යනකොට තමන් වෙනුවෙන්වත් හෙළන්න
කඳුළක් ශානිලගෙ ඇස් කොනකවත් ඉතිරිවෙලා
නැතිව තියෙන්න පුළුවන්. තමන්ගෙ ආත්මයට
තමන්ගෙ ශරීරයට ඒක මොන තරම් වේදනාවක්
වුණත්, තමන් ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඒ
දේවල් විඳදරාගන්න ශානිලගෙ හදවත් ශක්තිමත්. ඒ
වුණත් වට පිටේ ඉන්න සුද්දවන්ත නෝනල ශානිල
වෙනුවෙන් අකුරු දෙකේ චරිත සහතිකයක් ලියන්නෙ
එයාලටත් හොරෙන්. ඕක තමයි ඇත්ත. අපි අහන්න
කැමැති වුණත් පිළිගන්නම වෙනව. මේ ලෑලි
කාමර අස්සෙ ශානිලගෙ දුක අහන්න කවුරුත්ම නෑ.
තමන්ගෙම පන්තියෙ එකෙක් ඇරෙන්න.

හෙම්බිරිස්සාවකට කොත්තමල්ලි ඇටයක්වත් තම්බල
දෙන්න අම්ම වගේ ළඟින් ඉන්නෙ එකට වැටිල
නිදාගන්න තවත් ශානි කෙනෙක් විතරයි. මේකද
තරුණ කෙල්ලෙකුගේ ජීවිතේ...
ජීවිතේ අපි හැමෝම කැමැතියි හීන දකින්න. පාට
පාට දේදුන්නක නැඟලා ඒ හීන අතරින් පියාඹල
යන්න. ඒත් දුප්පත්කම කියන බැම්ම ඒ හැම හීනයක්ම
බොඳ කරල දානවනම්, ශානිල කොහොමද
වැඩිදුරක් පියාඹන්නෙ. අනේ මන්ද... අපේ ඇස්වලට
පේන නොපෙනෙන දුරින් ශානිල ගොඩක් එහෙ
මෙහෙ සැරිසරනව.

සමහරවිට අද දවසට විතරක් අපි
නොදැනුවත්ව ඒ වගේ චරිත දෙක තුනක්වත්
හමුවෙන්න ඇති. ඒ වුණත් එයාලගෙ දුක කිසිම
කෙනකුට පේන්නෙ නැහැ. අපිට ඒක
දැනෙන්නෙත් නැහැ. ඒත් එයාල බලා ඉන්නව. අද
විතරක් නෙවෙයි. හැමදාමත්. සන්නාලිපුර කඳුළුවලට
වටිනාකමක් ලැබෙනකන්.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ