කොන්දෙ අමාරුව කරදරයිද? මේ දේවල් පොඩ්ඩක් කරල බලමු
අද වෙද්දි ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට තියෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි කොන්දෙ කැක්කුම. මේකට ප්‍රතිකාර සොයන්න වෛද්‍ය පර්යේෂණ ගණනාවක් අතීතයේ ඉඳලම ක්‍රියාත්මක වුනා. ඒත් අවාසනාවකට වගේ මේ බොහොමයක් පර්යේෂණ 100%ක්ම සාර්ථක උනෙත් නැහැ.
කොන්දෙ කැක්කුමෙන් පීඩා විඳින බහුතරයක් දෙනා සිතන්නෙ කොඳු ඇට පේළියෙ ප්‍රශ්නයක් නිසා හෝ වැරදි ඉරියව් නිසා මේ තත්ත්වය ඇතිවෙනව කියල.
නමුත් තත්ත්වය ඊට වඩා වෙනස්.
කොන්දෙ කැක්කුමට හේතුවෙන විවිධ ආබාධ තියෙන්න පුලුවන්. මේව මුල් කාලයෙදිම හඳුනාගන්න හැකි උනොත් වැඩේ ගොඩ. ඒත් හුඟක් අය පුරුදුවෙලා ඉන්නෙ මොකක්හරි සරල ප්‍රතිකාරයක් කරල තාවකාලිකව ෂේප් කරගන්න. ඒකෙන් වෙන්නෙ පහුවෙනකොට වැඩේ ජෝන් බාස්ට ගිහින් තිබ්බටත් වඩා අමාරු වෙන එක.
කොන්දෙ කැක්කුමක් හැදුනම මොනවද කළ යුත්තේ කියන එක දැන් බලමු.
01. ගෙදරදීම කරගන්න පුලුවන් ප්‍රතිකාර.
Image: vripmaster.com
ලොකු බරක් උස්සන්න ගිහින් හදාගන්න කොන්දෙ අමාරුවට සරල ප්‍රතිකර්මයක් තියෙනව. රිදෙන ප්‍රදේශය අයිස් බෑග් එහෙකින් තවන්න. දිනකට තුන් වතාවක් විතර විනාඩි 15 ගානෙ දින කිහිපයක් මේ විදිහට කරල පස්සෙ උණු වතුරෙන් තැවීම යෝග්‍යයි. අනිත් කාරණේ තමයි ඇඳේ මෙට්ටෙ. තද මෙට්ටයක් සහිත ඇඳක නිදාගන්න පුරුදුවෙන්න. නින්දට යද්දි දණහිස් අතර කොට්ටයක් තබාගැනීමත් හොඳයි. හැබැයි ලෙඩේ අඩුවීමක් නැත්නම් දොස්තර මහත්තය මුණගැහෙන එක තමයි හොඳම දේ.
02. ව්‍යායාම.
Image:blog.codyapp.com
උදේට නැගිටිද්දි හැමදාම කොන්දෙ කැක්කුමද? ඒ කියන්නෙ ඔබේ ශරීරයට ව්‍යායාම අනිවාර්යයි. දවස් කිහිපයක් උදේට ව්‍යායාම් කරද්දි මේ තත්ත්වය නැතිවෙලා යනව. දැනට සිදුකරල තියෙන පර්යේෂණවලිනුත් සනාථවෙලා තියෙනව ක්‍රියාකාරී ජීවිත ගෙවන පුද්ගලයින්ට කොන්දෙ අමාරු ඇතිවීම අඩු බව.
03. මනස සැහැල්ලු කරගන්න.
Image: Image: foundationpsychiatry.net
මානසික ආතතිය, අප්සට් මූඩ්, නොසන්සුන්වීම වගේ කාරණා කොන්දෙ අමාරුවට බලපාන්න පුලුවන් සාධක. ඒකට හේතුව මේ වගේ තත්ත්වයන්වලදි මස්පිඩු තදවීමක් සිදුවෙන්න පුලුවන් අවස්ථාව වැඩිවීම. මේ නිසා යම් යම් මානසික ප්‍රතිකාර ලබාගැනීමත් කොන්දෙ අමාරුව අඩුකර ගන්න උපකාරී වෙන්න පුලුවන්.
04. භෞත චිකිත්සක ප්‍රතිකාර.
Image: Image: completewellnessphysio.com.au
මේකටනම් හොඳ දැනුමක් තියෙන භෞත චිකිත්සකවරයෙක් අවශ්‍යවෙනව. සුළු භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මඟින් පිටකොන්දෙ වේදනාවට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. සමහර වෙලාවට මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ අපේම වැරදි ඉරියව් නිසා. ඒ වෙලාවට මස්පිඬු දුර්වල වීම, අස්ථිවල පිහිටීම වෙනස්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මේ වැරදි ඉරියව් හදාගන්නත්, වේදනාවට සුවයක් ලබාගන්නත් පුලුවන්.
05. සම්බාහනය.
Image: naturalhealingtucson.com
සම්බාහනය එහෙමත් නැත්නම් මසාජ් කිරීම මගින් පිටකොන්ද විතරක් නෙමෙයි ශරීරයේ බොහෝ තැන්වල වේදනාවන් රැසක්ම සුවකරගන්න පුලුවන්. මෙතෙන්දි වෙන්නෙ මාංශ පේශිවලට රුධිරය ගලාගෙනයාම. ඒ මගින් ශරීරයට සහනයක් ලැබෙනව. විශේෂයෙන් නිල සම්බාහනය සිදුකිරීම වඩා වැදගත්. මෑතක ඉඳන් වඩාත් ජනප්‍රිය ක්‍රමයක් තමයි පැරණි චීන කටු චිකිත්සාව.
Comments
Post a Comment