ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)

01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)

1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති  මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ  Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.  


02 – The Last Supper (1498)

ඩාවින්චි විසින් සිතුවම 1495 දී  ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි


03 – The Adoration of the Magi (1481)

මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි  "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි  


04 – Baptism Of Christ (c. 1472)

මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන්  මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.   


05 – Virgin of the Rocks (1483-1486)

මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත  චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ. 


06 – Madonna of the Carnation (1478-80)

තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.  


07 – St. John the Baptist (1513-16)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.    


08 – The Virgin and Child with St Anne (1510)

මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.     



09 – Lady with an Ermine (1489–1490)

මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි 



10 – Portrait of Ginevra de’ Benci (1474-1476)

මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.   


Comments

  1. Blackjack, Roulette & Casino | Mapyro
    Find the best Blackjack, Roulette 충주 출장마사지 & Casino locations 강릉 출장마사지 in 용인 출장샵 New York, IN and around 광주 출장샵 the world. Play at the casino or play 포항 출장샵 Blackjack online for real money.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ