නැන්දම්මයි -ලේලියි ,අම්මයි දුවයි වගේ සහයෝගයෙන් ඉමුද?
තම ආදරණීය පුතණුවන්ට නිසි වයසේදි යහපත් බිරිඳක් සොයා දෙන්න සෑම මව්පිය යුවලක්ම හීන දකිනවා. දරුවන්ගේ අනාගතය සාර්ථක කීරිමට නිසි අධ්‍යාපනයක් ලබා දුන් ඔවුන් ඊළඟ ට වෙහෙසෙන්නේ දරුවන්ගේ විවාහයට ය. නිවසට සිරිකත වන් දුවෙක් කැන්දා ගෙන එන්නට නැන්දාම්මාවරුන් හීන දකින්නේ පුතා හීන දකීන්නත් පෙර සිටය.
ගැහැණු ළමයි පොඩ්ඩක් මේ ගැනත් හිතලා බලමු ද? දියණියක්, සොහොයුරියක්, ලෙසින් නිවසේ නිදහසේ සැරිසරමින් හිටපු කාලයට තිත තබන්න වෙන්නේ ඔබගේ විවාහ ජිවිතයේ ආරම්භයත් සමගම ය. තමාගේ ගෙදරින් නිකිමී සැමියාගේ ගෙදරට අඩිය තියන මුල්ම දවසේ ඉදන් ඔබේ හිස මත වැටෙන වගකීම් සමුදාය ගැහැණියක් ලෙස සතුටින් භාර ගන්න තරම් ඔබ ශක්තිමත් කාන්තාවක් වෙන්න ඕන. “පිටින් බලන අයට ලේසියි වගේ පෙනුනාට එකේ තියෙන බරපතළකම ඉතිං බැදලම බලන්න ඕන”. බැඳලා මාසයක් විතර ගියාම අහන්න හම්බෙන ප්‍රසිද්ධ කියමනක් තමයි ඔය ඉතිං.
එකිනෙකට වෙනස් සංස්කෘතියක් තියෙන පවුල් පරිසර දෙකක හැදි වැඩුන දෙදෙනෙකු පොදු සංස්කෘතියක් තියෙන නිවසක් වටා ජිවත් විමට හුරුවක් ලබා ගැනිම තමයි මෙතනදි වෙන්න ඕන වැදගත්ම කාරණය. ඉවසීම, නම්‍යශීලී භාවය, කැපකිරිම්, අවබෝධය වගේ දේවල් නම් ඉතිං විවාහ ජිවිතයකට අනිවාර්යයෙන් ම බලපාන දේවල්. නැත්තම් ඉතිං ඒ දේවල් ප්‍රගුණ කරලාම විවාහ උනා නම් හොඳයි කියලා හිතෙයි පස්සේ කාලයකදි.
බැන්දා කියලා ඔයා සැමියාගේ බිරිඳ විතරක් නෙමෙයි. ඒ ගෙදර අම්මෙක්, තාත්තෙක්, සහෝදර, සහෝදරියෝ කියලා පිරිසකුත් ඉන්නවා කියලා මතකයේ තියා ගන්න. ඒ දෙය අමතක කරලා තමුන්ට ඕනෑ විදියට ජිවත් වෙන්න ගියොත් ඉතිං වැඩේ පොඩ්ඩක් අවධානම්.
ඔයා සැමියාට අවංකව ආදරය කරනවා නම්, එවන් සැමියෙක් ඔබට ලබාදුන් ඔහුගේ මවට ද එතරම්ම ගරුත්වයක් ඔයාගේ හිතේ තියෙන්න ඕන. මොකද එකිනෙකාට ගරු කිරිම මත තමයි විශ්වසනීය සම්බන්ධතා බිහිවෙන්නේ. ඔයා එහෙම කෙනෙක් නම් ඔහුගේ මව දෙස නැන්දම්මා යන සංකල්පයෙන් නෙමෙයි , අම්මා යන අරුතින් බලන්න පුරුදු වෙන්න. එවිට ඔබේ හිත සෑම විටම ආදරයෙන්, කරුණාවෙන් ඇයට සලකන්න පෙලඹෙනවා.
01. ඔයා හිල්ටන් එකේ chef කෙනෙක් උනත් ගෙදර කුසියේ මුල්තැන නැන්දම්මාට දෙන්න.
ඕනෑම කෙනෙක් දන්න කාරණාවක් තමයි නැන්දම්මයි,ලේලියි හබය මුලින්ම පටන් ගන්නේ ගෙදර මුළුතැන්ගෙයින් කියලා. ඒකට හේතුව කාන්තා පාර්ශ්වය වැඩිපුරම රැදෙන ස්ථානය නිසා වෙන්න ඕන. ඔයා ගෙදර ඉන්න කාලේදි රසට උයපු කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්තම් කුස්සිය තියෙන තැන හොයා ගන්න මාලිමාවක් අවශ්‍ය වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්
මේ මොන කැටගරි එකේ හිටියත් ඔයා නැන්දම්මාගේ තියරියට කැමැති කෙනෙක් වුනොත් ඉතිං වැඩේ ගොඩම තමයි. . මෙහෙමයි ඔයා මොන කුකරි ක්ලාස් ගිහින් ආවත් නැන්දම්මාගේ රෙසිපිය ඔයාගේ ඒකට වඩා ගොඩක් හොඳයි කියලා ඔයාට පිළිගන්න වෙනවා. හේතුව තමයි වැඩිහිටියන්ගේ අත්දැකිම් සහ සූප ශාස්ත්‍ර දැනුම තරුණ පරම්පරාවට වඩා ගොඩක් ඉහළ තැනක තියෙනවා. ඔයා නොදන්න දේවල් ඇයගෙන් අසා දැන ගන්න පුරුදු වෙන්න. ඒක කාන්තාවක් ළඟ තියෙන්න ඕන නිහතමානී ගති ගුණයක්. එවිට ඇයටත් ඔබ කෙරෙහි යම් පැහැදීමක් ඇති වෙනවා අනිවාර්යයෙන් ම. කිසි දවසක, ඒක ඔයාට මදි කමක් වෙන්නේ නෑ. ඇයට අවනතයි කියලා හැගුන විට දෙදෙනා අතර පවතින සහයෝගය තවත් හොඳින් වර්ධනය වෙනවා. සමහර විට ඇයට බටහිර ආරේ කෑම,බීම ගැන දැනුමක් නොතිබෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඇයටත් ඒ දෙවල් කියලා දීලා සහයෝගයෙන් වැඩේ කරගෙන යන්න. සාමකාමී ව කුස්සියේදි අදහස් හුවමාරු කර ගන්න පුරුදු වෙන්න. දෙන්නම සහයෝගයෙන් වැඩේ කරගත්තොත් සැමියටයි, මාමටයි කන් දෙක නිවි සැනසිල්ලේ තබා ගැනිමේ අවකාශය බෝහෝ දුරට වැඩි වෙන්න පුළුවන් ඉතිං .
02. ගෙදර හිටපු කාලේ අනුගමනය කරපු තියරිය පොඩ්ඩක් වෙනස් කර ගනිමු ද?
ඔයාගේ නැන්දම්මා විලාසිතා වලට කැමති කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා කැමති විදියට අදින්න පළදින්න. විලාසිතා නැහැදිච්ච කමක් කියලා හිතන නැන්දම්මා කෙනෙක් නම් ඔයාට ඉන්නේ, ඔයාට වෙනවා ස්වයං වාරණයක් දා ගන්න ඉතිං. මෙහෙමයි, සමහර කෙනෙක් කියන්න පුළුවන් එයාට ඕන විදියට නෙමෙයි මං අදින්නේ, මං අදින්නේ මට ඕනෑ විදියට කියලා. එහෙමයි කියලා ඔයාට කැමති විදියට ඉන්න ගියොත් වැඩේ ටිකක් අවුල් නේද? හැබැයි ඔයාගේ දක්ෂකම තියෙනවා නම් ඔයාටම පුළුවන් සාමකාමීව මේ දෙවල් වලට ඇයව කැමති කර ගන්න. මේ ගැටළුව තියෙන්නේ ගොඩක්ම නාගරිකව නෙමෙයි ග්රාමීයව. ඇය හිතන්නේ පවුලේ ගෞරවය ගැන නම් ඔයාට පොඩ්ඩක් ඒකට අවනත වෙන්න වෙනවා. මොකද ඔයා පැයකට දෙකකට කොටට ඇදලා එළියට ගියාම එයාලා අවුරුදු ගානක් පරිස්සම් කරන් ආපු නම්බුව නැති වෙනවානම් කොටට ඇදපු එකෙන් වැඩක් තියෙනවද? නෑ නේද? එහේම නෙමෙයි, අපි හිතමු එයත් විලාසිතා ගැන උනන්දු කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්නත් එක්ක එකටම බියුටි සෙන්ටර් එකට යන්න.
ඔයා බලන්නේ ඉෂිතාගෙයි,රමන්ගෙයි ලව් ස්ටෝරි ඒකද ? නැත්තම් ස්වප්නාගේ වීර කථා ද? එතකෝට නැන්දම්මා බලන්නේ ජාතීක රූපවාහිනීයේ යන ටිකක් බැරෑරුම් නාට්‍යක් හරි Buddhist TV එකේ යන බණ කථා ද?.ඒතනත් පොඩි ගැටළුවක් නේද? හොඳම දේ තමයි TV ඒක එයාලට ඕන විදියට බලන්න දිලා ඔයා නයිට් ඩේටා වලින් යු ටියුබ් එකෙන් එපිසෝඩ් ටික බලන ඒක.
මං මෙතනදි කියන්න උත්සාහ කරේ යම් නොගැළපිම් තියේනවා නම් ඒ දේවල් ගළප ගන්න විදිය ගැන. මොකද ඔයා වයසින් අඩු කෙනෙක් එයා වයසින් වැඩි අත්දැකීම් වැඩි කෙනෙක් හරියටම තමන්ගේ අම්මා වගේ. ඒ නිසා ඔයා හැමවේලාවේම ඇයට මුල්තැන දෙන්න තරම් නිහතමානී ලේලියක් වෙන්න උත්සාහ කරන්න. මන්ද පරිත්‍යාගශීලී බව, කැපකිරිම් කියන්නේ හරිම වැදගත් දෙයක් විස්තෘත පවුලක් තුළ ජිවත් වීමේදි.
03. ඉවසීමෙන් සැනසීම ලබා ගනිමු ද?
ඔයා දැන් ජිවත් වෙන්නේ සැමියාගේ ගෙදර කියලා ඔයාට මතකද ? ඒකනම් අමතක කර ගන්න එපා හොදේ. අදහස් කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නා වු දෙයක්. විවාහය කියන්නේ නොගැළපිම් ගලපාගෙන ජිවත් වෙන එකට නේහ්. සමහරවිට ඔයත්, සැමියත් අදහස් ගළපා ගන්නේ අමාරුවෙන් වෙන්න පුළුවන්, එහෙව් එකේ අද ඊයේ එකට ජිවත් වෙන්න පටන් ගත්ත නැන්දම්මාගේ අදහස් ගලප ගන්නේ කොහොමද නේද?
මෙහෙමයි, සමහර විට යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔයාගේ මතයයි ,නැන්දම්මාගේ මතයයි අහසයි පොළවයි වගේ නෙමෙයි,අහසයි ,පොළවටත් වඩා දුරක් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා එයාගේ අදහස් මග ඇරලා ඔයාට ජිවත් වෙන්නත් බෑ නේහ්. සමහරවිට එයා හිතන ,පතන විදිය වැරදි වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔයා ඒවා මුණට දමලා ගහන්න වගේ කියලා ,සැර වැර දාන්න එපා. කාලයත් එක්ක එකින් එක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න. ඒකටනම් නංගීයේ,අක්කේ ඉවසීම කියන දේ උපරිමයටත් එහා තියෙන්න ඕන.
ඔයා ෂොපිං කරද්දි මොණරු වැඩියෙන් විසික් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැන්දම්මා ඒකට ටිකක් මුණ ඇඹුල් කර ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා අවුට් ඔෆ් ෆැෂන් කරන්නත් බෑ නේද? ගත්ත ඇඳුමේ උස, පළල ගැන ටක්කෙටම කිව්වත් මිළ ගණන් පොඩ්ඩක් එහා මෙහා කරලා කියන්න. එතකොට දෙන්නාගෙම හිත හොඳයි නේහ්. දෙපාර්ශවයටම හොඳක් වෙනවා නම් පොඩි බොරුවක් කිව්වට ඔයාට පව් පිරෙන එකක් නෑ. එයාටත් ටිකක් මිළ වැඩි ඇඳුමක් ගෙනත් දෙන්න.
ඔයා එයාට කියලා දෙන්න මේ වගේ ෆැෂන් තමයි දැන් අදින්නේ, මේකට අම්මාව ගොඩක් ලස්සනයි, වැදගත් පාටයි කියලා හිත හදන්න. ඒත් හොඳට මතක තියා ගන්න එයා ඉතුරු කීරිම් ගැන එක්ස්පර්ට් කෙනෙක් කියලා . ඒ වගේ උපදෙස් දෙන්නේ ඔයාලගෙ අනාගතය ගැන හිතලා කියලත් ඔයා සිහියේ තබා ගත්තොත් හොඳයි. හැම වැරැද්දම ආපු මුල් දවසේම හදන්න ගියොත් ඉතිං ඔයාට හැරුනු තැපෑලෙන් ගෙදරට එන්න වෙයි. ඔයා දක්ෂ වෙන්න ඕන කාලයට අනුරූපව හැම දෙයක්ම එකින් එක විසදන්න. කාලයක් යද්දි ඔයාගේ ගෙදර අයට වඩා එයාලා ඔයත් එක්ක මිත්‍රශීලි වෙන්න පුළුවන්. අන්න එතකෝට ඔය දේවල් පැහැදිලි කරලා, තේරුම් කරන්න උත්සාහ කරන්න. නැත්තම් ඔයා නිතර නිතරම ඔවුන්ගේ වැරදි ,අඩුපාඩු හොය හොයා උපදේශකයෙක් වෙන්න ගියොත් ඒකත් ටිකක් අවුල්.
ඒ නිසා ඔයාගේ හිත රිදුනත් කමක් නෑ කියලා හිතලා හැමදේම තේරුම් අරන් ජිවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට නොදැනුවත්වම නැන්දම්මා ඔයාගේ ඉවසිමේ ශක්‍යතාවය ගැන මැන ගෙන තියෙවි. අන්න ඒක නම් ඔයාට හොඳ දෙයක් වෙයි අනාගතයේ දි.
04. වාග් මාලාව පොඩ්ඩක් රීසෙට් කර ගමුද?
ඒක වචනයක් තියෙනවා මේ ලෝකේ ලස්සනම වචනයක් කියලා හැමදෙනාම තර්ක විතර්ක නැතුව ඒකහෙලාම පිළිගන්න. ඒ තමයි අම්මා කියන ලස්සන වචනය. ඔයා මැක්සිම් ගෝර්කීගේ “අම්මා” පොත කියවපු කෙනෙක් නම් මෙන්න මේ කියමන නොදන්නවා වෙන්න බෑ. මැක්සිම් ගෝර්කි කියනවා ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් කියලා.” ඔයාට ජීවය දීපු අම්මෙක් ඉන්නවා, ඒ වගේම ඔයාගේ විවාහයෙන් පස්සේ ඔයාට තව අම්මා කෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි නැන්දම්මා. ඒත් මං කැමතියි හැම ලේලියෙක්ම ඇයටත් අම්මා යන නමින්ම අමතනවා නම්. මොකද ඔබගේ මවත් ඇයත් අතර තියෙන්නේ ඔබට ජීවය දුන්නා සහ නොදුන්නා යන වෙනස පමණක් නිසා. ඔබ විවාහයෙන් පසුව වෙනස් කර ගන්න ඕන පළමු දේ තමයි නැන්දම්මා යන වචනය බැහැර කරඅම්මා යන නමින් ඇය ඇමතීම. ඇත්තෙන්ම ඒ වචනයෙන්ම ඔබලා අතර යම් යම් ප්‍රශ්න තිබුණත් ඒවා හැමදෙයක් විසදලා දෙවි.
අනෙක් කාරණාව තමයි ඔබගේ වචන වල උස් පහත් බව. ඔයා ගෙදරදි කථා බහා කරේ බේස් එක වැඩි කරලා , වොලියුම් එක මැක්සිමම් කරලා නම් ඒ සවුන්ඩ් මේතඩ් ඒක ස්වාමියාගේ ගෙදරට හරියන්නේ නම් නෑ. ඒහෙම කරොත් ඉතිං ඔයාට හැමදාම ඉන්න වෙන්නේ සවුන්ඩ් මියුට් කරන් තමයි. සමහර වචන තියෙනවා හරි ලස්සනයි, ඒත් ඒ වචනයේ උස් පහත් බව, තප්පරයට පිට කරන වේගයේ ස්වභාවය අනුව කනට ගැහුවා වගේ හැඟිමක් දැනෙනවා. ඉතිං ඔයා දැන ගන්න ඕන ඔයාගේ කට පරිස්සම් කරගෙන වැදගත් ගැහැනු ළමයෙක් විදියට හැසිරෙන්න. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමය සාක්ෂාත් කරමින් ඇයත් ඔබට වැදගත් ලෙසටම ප්‍රතික්‍රියා දක්වයි. .
මේක කරන්න, අරක කරන්න කියලා ඕඩර්ස් දෙන කැටගරියේ ලේලියක් නම් වෙන්න එපා. මෙහෙම කරමුද? අරම කරොත් හොඳයි නේද? ලෙස කථා බහා කරන්න පුරුදු වෙන්න.
මේක කරන්න, අරක කරන්න කියලා ඕඩර්ස් දෙන කැටගරියේ ලේලියක් නම් වෙන්න එපා. මෙහෙම කරමුද? අරම කරොත් හොඳයි නේද? ලෙස කථා බහා කරන්න පුරුදු වෙන්න.
05. පිළිවෙළයි ,පිරිසිදුකමයි කියන්නේ එකක් නෙමෙයි , දෙකක් කියලා තේරුම් ගමුද?
ඔයා ලස්සනට මේකප් දාලා ,හැඩ වැඩ කරලා ෆැෂන් කරලා හිටියට වැඩක් නෑ ඉන්න තැන කුණු ගොඩක් නම්! එහේම නේද? පිළිවෙළට අස් කරාට වැඩක් නෑ පිරිසිදු කමක් නැත්තම්. ඉන්න ගෙදර ලස්සනට අතු ගාලා, තියෙන බඩු මුට්ටු පිහදාලා පිළිවෙළට හදා ගන්න. මුලින්ම ඔයා ඉන්න කාමරය පිළිවෙළක් කර ගන්න. වැඩට යන කෙනෙක් නම් සතියකට ඔයයි , සැමියයි අදින ඇඳුම් ටික හොඳලා, වේලලා, අයන් කරලා ලස්සනට අල්මාරියේ නවලා තියා ගන්න.
S5 ක්‍රමය ගෙදරත් ක්‍රියාත්මක කරන්න. කාමරයේ පේන්ට් ඒක හිතට හොඳ මදි වගේ නම් ලස්සන පාටක් ගා ගන්න. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ගෙදර අනිත් තැනුත් අම්මත් එක්ක එකතු වෙලා ලස්සනට තියා ගන්න. අම්මත් කැමති, ඔයත් කැමති, ගෙදර අනිත් අයත් කැමති විදියට ලස්සනට ගෙදර සහ වටපිටාව හදා ගන්න.
තමන් ඉන්න වටපිටාව පිරිසිදුවට ,පිළිවෙළට තියා ගත්තොත් අම්මාගෙන් හම්බෙන ලකුණු ප්‍රමාණය ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි අන්තිමේදි .
මිනිසුන්ගේ මනසේ එහේ මෙහේ දුවන සිතුවිලි උනත් වෙනස් වෙන්න ඉන්න තැන බලපානවා. බොහෝදුරට ලස්සන ,පිරිසිදු තැනක ඉන්න මිනිසුන්ගේ හිත් පවා නිවුනු ගතිගුණ සහිත පුද්ගලයන්. 100%ක් ම එහේම නැති වෙන්න පුළුවන්. ඒත් සමස්තයක් විදියට බැලුවාම ඒක හරි. ඇසට දකින දේ ප්‍රිය උනාම වටේ ඉන්න මිනිස්සුත් පෙන්නේ තරහකින් නෙමෙයි එතකොට. මේ වගේ දේවල් කරද්දි ඔයාට අම්මත් එක්ක රණ්ඩු වෙන්න තියා රණ්ඩු වෙන්න හිතන්නවත් වේලාවක් නැතිවෙයි. මොකද ඔයාට හිතන්න, ප්ලෑන් කරන්න කොච්චර දේවල් නම් එනවද එතකොට හිතට. මුළුතැන්ගෙදරදි උනත් හැම වැඩේම පිළිවෙළට, ලස්සනට, පිරිසිදුවට කරන්න. එතකොට ඔය නැන්දම්මා, ලේලි අතර තියෙන ප්‍රශ්න බෝහෝ දුරට අඩු වේවි.
අතීතයේ සිට පැවත ආ මේ නැන්දම්මා, ලේලි හබය නිසා නැන්දම්මයි, ලේලියි දෙන්නා දිහා මුළු සමාජයම වපර ඇසින් බලන්න පුරුදු වෙලා තියෙනවා. සමාජය විතරක් නෙමෙයි මාමයි, සැමියත් එහේම තමයි. ඊට වඩා හොඳ නැද්ද, නැන්දම්මයි, ලේලියි කථා වෙලා හොඳින් හිටියොත් ?
සාම්ප්‍රදායික ලේලියක් නොවි ඇයට ආදරණීය දුවක් වෙන්න බලන්න. එතකොට ඔයා එළියට ගියත් ඔයා ගැන නිතර නිතර හොයා බලයි. ඔයාටත් ඔයාගේ අම්මා නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන එකක් නෑ. ගෙදරට නැතුවම බැරි ලේලියක් වෙන්න උත්සාහ කරන්න. අනිත් දෙය තමයි ඔවුන් අවුරුදු ගානක් කැපකිරිම් කරලා හම්බ කර ගත්ත ධනය ගැන පොඩි බලාපොරොත්තුවක්වත් තියා ගන්න එපා. මහගෙදර අපිට, අර ඉඩම අපිට ,අරක මේක අපිට කියලා දැන්ම ඉදන්ම අයිතිවාසිකම් කියන කෙනෙක් වෙන්න නම් එපා. මොකද ඔයාට ලැජ්ජාවක් තියෙන්න ඕන ඔයාගෙන් රුපියලක් වත් වියදම් නොවුන දෑ ගැන පොඩි බලාපොරොත්තුවක්වත් තියා නොගෙන ඉන්න එක. ඒක තමයි නියම ගැහැණු ළමයෙකුගේ ගතිගුණ.
ඇගේ උපන්දිනයට පොඩි තෑග්ගක් අරන් දෙන්න, සිල් ගත්තාම දානේ ටිකක් ගෙනිගිහින් දෙන්න පුරුදු වෙන්න. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ඇගේ හිත සතුටු වෙද්දි ඔයා හිතනවද රණ්ඩු සරුවල් ඇති වෙයි කියලා. කොහෙත්ම නෑ. කියපු හැමදේම හැම කෙනාටම අදාළ නොවෙන්න පුළුවන්, කෙසේ හෝ නැන්දම්මා යනු ආදරණීය අම්මා කෙනෙක් යන හැඟිමෙන් ජිවත් වෙන්න. තමා යුවතියක්ව සිටින කාලේ සිටම මේ දේවල් එකින් එක අධ්‍යනය කරන්න. එවිට කාලයා විසින් හැමදේම ලස්සනට විසදලා දෙයි.
මෑතකදි විවාහ වුන, එහෙම නැත්නම් ඉදිරි කාලයේදී විවාහ වෙන්න ඉන්න ඔයාලගෙ යාලුවන්ටත් දැනුවත් වෙන්න මේ ලිපිය share කරන්න.
Comments
Post a Comment