ජීවිතයෙන් බිඳක්

මිනිස් ජීවිතය සුන්දර යි. සුසිනිඳු යි. මල් පියල්ලක් වගෙයි.
සැහැල්ලුයි. මඳ සුළඟකට පාවී යන මල් පියලි
කොතරම් දැකුම්කළු ද ?. මිනිස් ජීවිතයත් ඒ වගෙයි.

දැකුම්කළු යි. තමා විසින් ම මේ සැහැල්ලු බවත්
දැකුම්කළු බවත් ගොඩ නගා ගත යුතු බව ඔබට
වැටහෙනවා ඇත. අප එකිනෙකා ජීවත් වන්නේ
විවිධාකාර, එකිනෙකට වෙනස් සමාජ හා ආර්ථික
මට්ටම්වල ය. එපමණක් ද නොවේ. එකිනෙකාට
වෙනස් වූ සිතුවිලි පරාසයන්වල ය.

ඔහු හෝ ඇය මුහුණ දුන්නා වූ හෝ මුහුණ දෙන
අද්දැකීම් පරාස මත ය. මේ කවුරුන් හෝ වේවා
කුමන ආර්ථික මට්ටමක වුවද කුමන සමාජ වපසරියක වුව
ද තම තමන්ගේ ජීවිත ගොඩ නගා ගන්නේ තම
තමන්ම බව ඔබට ප්රත්යක්ෂයි නේද ? එසේ නම්
දයාබර මිනිසුනි, තම තමන්ගේ හෘදයට දැනෙන
හෘදයට සමීප දෑ පමණක් ජීවිතවලට එකතු කර ගන්න.

ලෝකය පුළුල්. අපට දෑත බදා ලොව අල්ලා ගත
නොහැකියි. ලෝකය දුවන වේගයට අපේ ජීවිත
කොටු කර ගත යුතු නැත.
එසේ වුවහොත් අපේ ජීවිතවල සැහැල්ලු බව පළා
යන්නේය. අපේ සීමාව අප දැන ගත් පමණින්
හෘදයාංගම වූ විටකදී අපේ ලෝකය
මැවෙන්නේය. අපට ලැබුණු කෙටි කාලීන මිනිස්
ජීවිතයට මෙය සෑහෙනවා නොවේද ? එවිට අපට
ජීවිතයක් ලැබෙයි නේද ?.

මිල්ල සොයා විදෙස්ගත වූ පවුල්වල සදා ශෝකජනක
අඩහැරයට ඔබ මුහුණ දුන්නා විය හැකිය. එසේ නම්
ඔබ ලැබූ අද්දැකීම් අනන්ත අප්රමාණ විය හැකිය.
ඇතැම් විට ඔබ මනසින් ශක්තිමත් නම් යථාර්ථයට මුහුණ
දී නිවැරදි මාවතකට ප්රවිශ්ට වූවා විය හැකිය.

කෙසේ වෙතත් ඔබේ හිත වේදනාවට පත් වූ ඔබේ
හිත හඬා වැටුණු කතා හෝ ඔබ අසන්නට ඇත.
දකින්නට ඇත. ජීවිතත් නැති, මුදලුත් නැති කඳුළු
පමණක් උරුම කර ගත් ජීවිත ගොඩ නගන්නට අපට
අවැසි නැත.

ඔබටත් අවැසි නොවන බව අප හොදාකාරව දනිමු.
ඔබේ ලෝකය ඇත්තේ දුරු රටක නොවේ. මිල්ල
සොයා යන රටවල ද නොවේ. ඔබ අසලම ඔබේ
ලෝකය පවතී. හදුනාගන්න එය. ළං කර ගන්න
ජීවිතය. වටහා ගන්න යථාර්ථය. ඔබේ සිතට එකඟව
හෘද සාක්ෂියට එකඟව කරන සියලු කටයුතු ඔබව යහපත්
මාවතකට නැඹුරු කරාවි.

ඔබට සුන්දර සුසිනිදු මල් පියල්ලක් වැනි සැහැල්ලු
දිවියක් ලැබෙනු අපට ප්රතක්ෂ බව පවසන්නෙමු.
ඔබගේ හෘදයාංගම බව අනෙකා ජීවත් කරයි.
අනෙකාගෙන් ඔබට ලැබෙන හෘදයාංගම බව
ඔබට ජීවිතය ලබා දෙනු ඇත.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ