ඇමරිකානු රෝහලක් අංක එකට ගෙනෙනු ලැබූ ලංකික වෛද්‍යවරිය.

ලංකාවේ ඉපදී අධ්‍යාපනය ලබා වෛද්‍යවරියක වූ මාලිකා ඇමෙරිකාවට ගොස් ඇයට භාරවුණ රෝහල මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ අංක එකේ රෝහල බවට පත්කරන්නට සමත් වුණාය. එමෙන්ම එම රෝහල ඇමෙරිකාවේ ජනාධිපති කවයට අයත් රෝහල් පහ අතරින් එකක් බවටද පත්විය.

“මගෙ ගම බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ මුලින්ම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයේ. ඊට පස්සේ දේවි බාලිකා විද්‍යාලයේ. පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයෙන් තමයි වෛද්‍ය උපාධිය ලබන්නේ. ගාල්ල කරාපිටිය රෝහලෙන් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරලා මහනුවර මහ රෝහලෙත්, කොළඹ ජාතික රෝහලෙත් වැඩ කළා. ඔය අතරේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවීම පටන් ගත්තා. ඒ කා‍ලේ තමයි මං මුලින්ම ඇමෙරිකාවට යන්නේ.”

ඒ 1992 බවට ඇගේ මතකයයි. එතැන් පටන් වසර විසිපහක් තිස්සේ ඇය ඇමෙරිකාවේ රෝහල් ගණනාවක සේවය කළාය.

“ඇමෙරිකාවේ විවිධ රෝහල් අතරේ කායික පුනරුත්ථාපනය සඳහා හෙල්ත් සවුත් කෝපරේෂන් එකේ කරන රෝහල් ජාලයක් තියෙනවා. ඒ රෝහල් ජාලයට රෝහල් 140ක් අයිතියි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 10 ගානේ අහුවෙන්න පළාත් පහක රෝහල් 28 ගානේ මේ රෝහල් 140 පිහිටුවලා තියෙනවා.
මේ රටේ අය විවිධ රෝගාබාධයන්ට රෝහල්ගතවෙලා සුවය ලැබුවත් සම්පූර්ණම සුවය ලබන තුරු ගෙවල්වලට අරන් යන්නේ නෑ. රෝහලින් පිටවන රෝගීන් ඉන්පසුව එන්නේ කායික පුනරුත්ථාපන රෝහල්වලට.

එහිදී ඔවුන් හොඳින් බලා කියාගෙන සම්බාහනවලින් තවදුරටත් ප්‍රතිකාර ලබාදීලා රෝගියා සම්පූර්ණයෙන් සුව කරලා කායික නිරෝගීතාවයෙන් මෙන්ම මානසික සතුටෙනුත් යුතුව ගෙදර යවන එක තමයි මේ රෝහල්වල වගකීම.

2013 වසරෙදි මම ලාස් වේගාස් පුනරුත්ථාපන රෝහ‍ලේ වැඩ කළා. ඒ රෝහලට මම යනකොට රෝහ‍ලේ තත්ත්වය පහළටම වැටිලා තිබ්බේ. හැම දෙයක්ම නරක පැත්තට තිබුණේ. එතකොට පාලන අධිකාරිය වැඩ කරන්නේ නෑ. රෝගීන් එන්නෙ නෑ. ඉන්න රෝගීනුත් ගෙවල්වලට යවනවා සුවපත් වෙන්නේ නැති නිසා. ඔහොම වෙනකොට ඒ පළාතේ තියෙන අනෙක් රෝහල්වලටත් ඒ ලෙඩේ බෝවෙනවා.”

එවන් තත්ත්වයක් යටතේ පැවැති ලාස් වේගාස් පුනරුත්ථාපන රෝහලට මාලිකා යහපත් තත්ත්වයක් ගෙන දුන්නාය. ඒ වසරේ ඇය ඒ ප්‍රාන්තයේ හොඳම වෛද්‍ය අධ්‍යක්ෂවරිය වූවාය. හෙල්ත් සවුත් පාලනාධිකාරියද ඈ ගැන සතුටට පත්වූයේ එම තත්ත්වය ප්‍රදේශයේම රෝහල්වලට බලපෑ නිසාය.

“මම ඊට පස්සේ 2014 ලංකාවට ආවා. අවුරුද්දක් ලංකාවේ හිටියා. ඒ ආවේ දිගටම ලංකාවේ ඉන්න හිතාගෙන. මම කලින් අවුරුදුවල වරින් වර ලංකාවට ආවා. ගොඩක් සමාජ සත්කාරක වැඩ කළා. ස්වේච්ඡා වෛද්‍යවරියක් ලෙස හමුදාවට වැඩ කළා. මම තමයි ස්වේච්ඡාවෙන් යුද්ධය තියෙන පැත්තේ වැඩ කරපු පළමුවැනි වෛද්‍යවරිය. ඒත් මම, මගේ සේවය අත්දැකීම් ලංකාවට දෙනවට සමහරු කැමැති වුණේ නෑ.

ඔය අතරේ ලංකාවේ ඉන්නකොට මට හෙල්ත් සවුත් එකෙන් කතා කළා රොක්හිල් රෝහල භාරගන්න කියලා. ඒ වෙනකොට රොක්හිල් රෝහල් පහතටම වැටිලා තිබුණේ. ගණන් බැලුවා නම් රෝහල් 140න් 139 වැනියට වගේ ඉඳලා තියෙන්නේ. එහෙම වුණාම මුළු ප්‍රදේශයේම රෝහල්වලට ඒ නරක තත්ත්වේ බලපානවා. මම යන්නෙ නැතුව ඉඳලා 2015 දෙසැම්බර් 01දා ආයෙත් ඇමෙරිකාවට ආවා. ඒ ඇවිත් මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ රොක්හිල් පුනරුත්ථාපන රෝහ‍ලේ වෛද්‍ය අධ්‍යක්ෂ විදිහට වැඩ භාරගත්තා.

එතකොට ඒක තිබ්බෙත් ලාස් වේගාස් රෝහල වගේ නරක අතට. එහෙම වුණාම ලෙඩ්ඩු දෙන්නේ නෑ. මෙහේ ඉස්පිරිතාලවල වෛද්‍යවරු කැමැති වෙන්න ඕනෑ රෝහල්වලට එවන්න. රෝහලට නමක් තියෙනවා නම් ඕනෑ තරම් ලෙඩ්ඩු එනවා.

රොක්හිල් රෝහ‍ලේ ඇඳන් 60ක් තියෙනවා. මම යනකොට රෝගීන් හිටියේ 29ක් තිහක් වගේ. ඒ ඉන්න අය සුවපත් වෙන්නෙත් නෑ, ඉක්මනට ගෙදර යවන්න.
මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම රෝහ‍ලේ ඉහළ ඉන්න කෙනාගේ ඉඳලා පහළම ඉන්න කෙනාට යනකල් අවබෝධ කරලා දුන්නා සේවයේ වටිනාකම. ඒ අයව එකට බැඳීමකින් බැඳලා තියන්න උත්සාහ ගත්තා.



Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ