හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපටි වල දක්නට #A113 කේත අංකය කුමක්ද ?

🌻 අපි ගොඩක් ආසයි හොලිවුඩ් චිත්‍රපටි නරඹන්න.ඒ අතුරින් ඇනිමේෂන් චිත්‍රපටි කියන්නේ ලොකු ,පොඩි කවුරුත් වයස් භේදයකින් තොරව නරඹන චිත්‍රපටි විශේෂයකි.මේ සිනමාපට එකක් නෑර නරඹන  කෙනෙකුට නම් A113 කියන කේත අංකය  නම් ඒ තරම් නුහුරු දෙයක් නොවනු ඇත.නමුත් එම අංකය යෙදිමේ හේතුවනම් බොහෝදෙනෙක් නොදන්නවා ඇති.Disney සහ pixar යන සමාගම් වලින් නිර්මාණය කරනු ලබන චිත්‍රපටි සඳහා මේ කේත අංකය යොදා ගනු ලබයි.උදාහරණ ලෙස පහත චිත්‍රපටි හඳුන්වා දිය හැකිය .
               ✔Toy Story
               ✔.Monsters University
               ✔Up
               ✔Finding Nemo
               ✔Lilo And Stitch
               ✔Ratatouille
               ✔Cars
               ✔Brave
               ✔The simpsons
               ✔The incredible
               ✔Wall-E
               ✔Inside out
               ✔The good dinosaur
               ✔Finding Dory
               ✔ Alpha and Omega
               ✔The iron giant

ඒ වගේම,පහත සිනමාපට සඳහා ද මේ කේත අංකය යොදා ගනු ලැබිය.
                ✔  Avengers,
                ✔ Hunger Games:
                ✔Catching Fire,
                ✔Mission: Impossible

පහත video game වලද මෙම අංකය ඇතුළත් වේ.
                   ✔Prototype
                   ✔A Vampyre Story
                   ✔ Back to the Future
                   ✔ Fallout 4
                   ✔ Destiny

සත්‍ය වශයෙන්ම මේ කේත අංකය කුමක් ද?A113 කියන්නේ කැලිෆෝනියා චිත්‍රකලා අධ්‍යන ආයතනයේ පන්තිකාමරයක්.මුල්කාලයේ මේ ඇනිමේෂන් නිර්මාණකරුවන් ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම අනෙක් දේවල් ද ඉගෙන ගත්තේ මේ පන්තිකාමරයේ ඉඳලා.ඉතිං තමාගේ පාසලටත්,තමන්ට ඉගැන්වු ගුරුවරුන්ටත් කෘතගුණ දැක්විමක් වශයෙන් ඔවුන් මෙම කේත අංකය ඔවුන්ගේ නිර්මාණයන් සඳහා යොදා ගනු ලබනවා.එයනම් සැබෑම කෘතගුණ දැක්විමක් ලෙස හඳුනා ගත හැකිය.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ