දේශපාලන ඉතිහාසය

ඉතිහාසය යන වචනයේ තේරුම, එය මෙසේ සිදු විය
යන්නය. කිසියම් රටක, අතීතයේ දී සිදු වූ විවිධ දේවල්
විස්තර කොට ඇති වාර්තා සමූහය හැඳින්වෙන්නේ
එනමිනි. වසර 2500 ක ලිත ඉතිහාසයකට උරුමකම්
කියන අපගේ අතීත කතාව, ලෝකයේ පැරණිම
ඉතිහාස කතාවලින් එකකි.

නිදහස් අධ්යාපනයේ පියාණන් වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.
කන්නන්ගර මහතා පාසල් විෂය ධාරාවට ඉතිහාසයද
එක් කොට තිබුණු වග අපි දනිමු.
අප පාසල් ගිය කාලයේ, එනම්, විද්යා විෂයයන්
පාසල්වල උගැන්වීමට පටන්ගත් කාලයේද පාසල්
විෂය ධාරාවට ඉතිහාසය ඇතුළත්ව තිබිණි.
එය එසේ වුවද, ඡේ. ආර්. ජයවර්ධන මහතා 1977 දී
බලයට පත් වීමෙන් පසු ව, ඉතිහාසයට කුඩම්මාගේ
සැලකිල්ල දක්වන සෙයක් දැක ගත හැකි විය.
ඉතිහාසය යනු මුල මතක් කරවන්නකි. එය අමතක
කළහොත්, අපේ මුල අමතකව යන්නේ ඉබේමය.
"සිංහලයට ඉක්මනින්ම මුල අමතක වෙනවා" යි
ම්ලේච්ඡ එල්ටීටීඊ නායක ප්රභාකරන් වරෙක
ප්රකාශ කළ අතර කොටි සංවිධානය කලඑළි
බැස්සේ, ජයවර්ධන මහතාගේ පාලන කාලයේදීය.

"මෙන්න මේ කාලයේ සිදු වූ, මෙන්න මේ
සිදුවීම්වල ප්රතිවිපාක, මෙන්න මේ දේවල්ය." යන්න
ඉතිහාසය යන වචනයේ තේරුම යයි කිව හැකිය. අද
දවස උදා වන්නට පෙර ඊයේ, පෙරේදා, පළමුදා
ආදී වශයෙන් අතීත කාලයට අදාළ සිද්ධීන් ඊට
ඇතුළත්ය. එහි කෙළවරක් නැති තරම්ය.
රජ කාලයේ දේශපාලන සිදු වීම්ද පෘතුගීසි,
ලන්දේසි හා ඉංග්රීසීන්ද යටතේ, වසර 450 ක පමණ
කාලයක් තිස්සේ සිදු වූ දේශපාලන සිදුවීම්ද, 1948 දී
නිදහස ලැබුණු තැන් පටන් මේ දක්වා සිදු වූ
දේශපාලන සිදුවීම්ද ලංකා දේශපාලන ඉතිහාසයට
ඇතුළත්ය.

රාජාණ්ඩුවලද, නිදහසින් පසුව ප්රජාතන්ත්රවාදය
යටතේ ස්ථාපිත වු ආණ්ඩුවලද ආරම්භය හා අවසානය,
ඒවායේ ක්රියා පටිපාටි, ඒ ඒ වකවානුවල සිදු වූ
විවිධාකාර සිදුවීම්, ඒ ඒ ආණ්ඩුවල කාලපරිච්ඡේදයන්
යනාදිය දේශපාලන ඉතිහාසයෙන් උගත හැකිය.
ඌව වෙල්ලස්ස කැරැල්ල, මාතලේ කැරැල්ල,
1971 අප්රේල් කැරැල්ල යනාදී කැරලිවලට තුඩු දුන්
හේතුද දේශපාලන ඉතිහාසයෙන් දැනගත හැකිය .LTTE ත්රස්ත සංවිධානයට, එරෙහිව වසර 30 ක්
තිස්සේ කළ සටනද අපේ ඉතිහාස කතාවේ එක්
පරිච්ඡේදයකි.

දෙවන ලෝක මහා සංග්රාමයට වගකිවයුතු
පුද්ගලයන් දෙදෙනා වන, ජර්මනියේ නාසි
ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හා ඉතාලියේ
ආඥාදායක බෙනිටෝ මුසෝලිනිද
ඉතිහාසය වරදවා වටහා ගෙන, දෙරටේ ශිෂ්යයන්ට
ජාතික හැඟêම් පමණක් ඉස්මතු කරවන ඉතිහාසයක්
උගැන්වීමට වෙර දැරූහ. එහි ප්රතිඵලය, සමස්ත
ලෝකයම දැඩි අනතුරකට මුහුණ පෑමය.
ජාතික හැඟීම් ඉස්මතු වන ආකාරයට ඉතිහාසය
උගැන්වීමට තැත දැරුවහොත්, අනිසි ප්රතිඵල අත්විය
හැකිය.

ලංකා දේශපාලන ඉතිහාසය ආරම්භ වන්නේ මීට
වසර 2553 කට පෙර, ක්රිස්තු පූර්ව 543 සිටය. එනම්,
අප රාජවංශයේ ප්රථම රජු වූ විජය රජුගේ කාලයේ
සිටය. එතැන් පටන් 1815 උඩරට ගිවිසුම අත්සන් කරන
තෙක්, අප රාජවංශයේ වසර 2357 ක අතීත
කතාවද, 1815 සිට 1948 පෙබරවාරි 4 වැනිදා වන
තෙක් ඉංගිරිසි ආධිපත්යය යටතේ ගෙවීගිය වසර 133
ක කතාවද, ලංකා දේශපාලන ඉතිහාසයේ
වැදගත් පරිච්ඡේදය.

අප රටේ ප්රථම ඉංගිරිසි ආණ්ඩුකාරයා වූයේ සර්
රොබට් බ්රවුන්රිග්ය. ඔවුන් ඇතුළු ආණ්ඩුකාරවරුන්
ගණනාවක් යටතේ වසර 133 ක් ඉංගිරිසි ආණ්ඩුව
මෙරට ක්රියාත්මක වූ අතර, ලංකා නිදහස් ගිවිසුමට
අනුව 1948 නිදහස ලැබුණාට පසුව අප රටේ
ක්රියාත්මක වන්නේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු
ක්රමයකි.
රාජාණ්ඩු ක්රමයට පසුව ලංකාවේ මූලින්ම
ක්රියාත්මක කෙරුණු ආණ්ඩු ක්රමය සෝල්බරි ආණ්ඩු
ක්රමය වූ අතර, 1972 ජනරජ ව්යවස්ථාව ක්රියාත්මක
කෙරෙන තෙක් වසර 24 ක පමණ කාලයක් තිස්සේ
එය ක්රියාත්මක විය. සිරිමාවෝ බණ්ඩාරනායක
මැතිනියගේ පාලන කාලයේ ක්රියාත්මක කෙරුණු
ජනරජ ව්යවස්ථාව වෙනුවට ඡේ. ආර්. ජයවර්ධන
මහතාගේ පාලන කාලයේදී වෙනත් ව්යවස්ථාවක්
ක්රියාවට නැංවිණි. පාර්ලිමේන්තුවේ තුනෙන්
දෙකක බලයක් නොමැතිව එම ව්යවස්ථාව වෙනස්
කළ නොහැකි තත්ත්වයක් තිබුණද, තුනෙන් දෙකකට
වැඩි බලයක් පෙන්වමින් මීට, මද කලකට පෙර එම
ව්යවස්ථාවද වෙනස් කෙරුණු වග අපි දනිමු.

වසර 2357 ක්ම රාජාණ්ඩු යටතේ පාලනය වූ
ලංකාවේ රාජාණ්ඩුව, ලෝකයේ පැරණිතම
රාජණ්ඩුවලින් එකක් විය. මහනුවර රජකම් කළ ශ්රී
වික්රම රාජසිංහ රජු අවසාන රජු වූ අතර 1815
මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන්
තබන ලද උඩරට ගිවිසුම යටතේ, ශ්රී ලංකා මාතෘ
භූමිය ඉංගිරිසි කිරීටය යටතට පත්වීම අපේ
අවාසනාවට සිදු වූවකි.
ශ්රී වික්රම රාජසිංහ රජු ඉංගිරිසීන් විසින් අත්අඩංගුවට
ගන්නා ලද්දේ, 1815 පෙබරවාරි 18 වැනිදාය.
සිහසුනෙන් පහ කර දමන ලද රජු 1816 ජනවාරි 24
වැනි දින කෝර්න්වලිස් නමැති නැවෙන් මදුරාසියට
රැගෙන යනු ලැබීය.

මදුරාසියේ වෙල්ලෝර්හි
වසර 17 ක් සිරභාරේ සිටි රජු 1832 දී උදරාබාධයක්
වැළඳී කළුරිය කළේය.
මහනුවර මඟුල් මඩුවේ පැවැති රැස්වීම, රජු හසුව
දෙසතියකට පසුව පැවැත්වුණු අතර ඉංගිරිසි රජු
වෙනුවෙන් පෙනී සිටියේ, එවක ඉංගිරිසි
ආණ්ඩුකාරයාය. ලක් වැසියන් වෙනුවෙන් පෙනී
සිටියේ සිංහල රදළවරුන්ය.
උඩරට ගිවිසුම ඉංගිරිසියෙන් හා සිංහලෙන්ද
කල්තබා පිළියෙළ කර ගෙන තිබිණි. ගිවිසුමට අත්සන්
තබන ලද්දේ. ඉංගිරිසියෙන් හා සිංහලෙන්ද එය
කියවීමෙන් පසුවය. ගිවිසුමට වගන්ති 11 ක් ඇතුළත්ව
තිබුණු අතර රාජසිංහ රජු සිංහාසනයෙන් පහකර
දමන ලද බව කියෑවුණේ දෙවැනි වගන්තියෙනි.
රජුගෙන් පැවැතෙන්නන්ට හෝ රජුගේ ඥාතීන්ට
හෝ ඉංගිරිසි ආණ්ඩුවේ අවසරයක් නොමැතිව
ලංකාවට එන්න නොහැකි බව තෙවැනි
වගන්තියෙන් ප්රකාශ කෙරිණි.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බවට සහතික වූයේ
පස් වැනි වගන්තියෙන්ය.
වගන්ති 11 කින් යුතු උඩරට ගිවිසුම ඉංගිරිසියෙන් හා
සිංහලෙන්ද කියවීමෙන් පසුව ඊට අත්සන් තැබිණි.
එවක බ්රිතාන්යයේ රජු තුන් වැනි ජෝර්ඡ් රජු වූ අතර,
ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, ලංකාවේ රජු
බවට පත් කර ගන්නා ලද්දේ ඒ රජුය. 1815 මාර්තු 2
වැනි දින පටන් ලංකාවේ රජු තුන්වැනි ජෝර්ඡ් රජු
වුණ වග ප්රකාශ කිරීම සඳහා කාලතුවක්කු වෙඩිද
පත්තු කරන්න යෙදිණි.

ඉංගිරිසි ආණ්ඩු කාලය 1948 පෙබරවාරි 4 වැනිදා
නිදහස ලබන තෙක් පැවැති අතර, සෝල්බරී ආණ්ඩු
ක්රමය ක්රියාත්මක කෙරුණේ. ඉන් පසුවය. ජනරජ
ව්යවස්ථාව 1972 මැයි 22 වැනිදා ක්රියාවට
නංවන තෙක්ම, ලංකාවේ බල පැවැත්වුණේ, එම
ව්යවස්ථාවය. ශ්රී ලංකා මාතෘ භූමිය ජනරජයක්
බවට පත් කෙරෙන ජනරජ ව්යවස්ථාව එදින සිට
ක්රියාවට නැංවිණි.
සෝල්බරී ව්යවස්ථාව යටතේ ලංකාවේ
ව්යවස්ථාදායකය උභය මන්ත්රී මණ්ඩලයකින් සමන්විත
වූ අතර, නියෝජිත මන්ත්රී මණ්ඩලය හා සෙනෙට්
මන්ත්රී මණ්ඩලයද එම උභය මන්ත්රී මණ්ඩල විය.
නියෝජිත මන්ත්රී මණ්ඩලයට, මැතිවරණයකින්
තෝරා පත් කර ගන්නා මන්ත්රීවරුන්ද ඇතුළු මන්ත්රීවරු
101 දෙනෙක් ඇතුළත් වූහ. ඔවුන්ගෙන් 95 දෙනකු
ජන්දයෙන් තෝරා පත් කර ගත් මන්ත්රීවරුන් වූ අතර,
හය දෙනකු පත් කරන ලද්දේ ආණ්ඩුකාරයා, විසිනි,
සෙනෙට් මන්ත්රී මණ්ඩලයේ සිටි මන්ත්රීවරුන්ගේ
සංඛ්යාව 30 කි. ඔවුන්ගෙන් 15 දෙනකු තෝරා පත්
කර එව්වේ, නියෝජිත මන්ත්රී මණ්ඩලයේ
මන්ත්රීවරුන්ගේ කැමැත්ත අනුවය. ඉතිරි 15 දෙනා
තෝරා පත් කර එවන ලද්දේ අග්රාණ්ඩුකාරයා
විසිනි.
ජනරජ ව්යවස්ථාව යටතේ උභය මන්ත්රී මණ්ඩලය
වෙනුවට ජාතික රාජ්ය සභාව නමින් එක
ව්යවස්ථාදායකයක් පත් කර ගන්න යෙදුණු අතර,
ජනරජ ව්යවස්ථාව වෙනස් කරමින් ඡේ. ආර්.
ජයවර්ධන මහතාගේ කාලයේ ක්රියාත්මක කරන්න
යෙදුණු ව්යවස්ථාව අනුව ජාතික රාජ්ය සභාව
වෙනුවට පාර්ලිමේන්තුව, ව්යවස්ථාදායකය බවට පත්
විය.

ජනරජ ව්යවස්ථාව යටතේ අග්රාණ්ඩුකාරයා,
වෙනුවට නාමික ජනාධිපතිවරයකු පත් කර ගැනුණු
අතර, ප්රථම නාමික ජනාධිපතිවරයා විලියම්
ගොපල්ලව මහතා විය. ඡේ. ආර්. ගේ ව්යවස්ථාව
යටතේ, නාමික ජනාධිපතිවරයා වෙනුවට විධායක
ජනාධිපතිවරයකු පත් කර ගැනීමට විධිවිධාන
සැලසිණි. ප්රථම විධායක ජනාධිපතිවරයා ජයවර්ධන
මහතා විය.ලංකාව ඇතුළු සමස්ත ලෝකයේ ප්රථම
අගමැතිනිය, බණ්ඩාරනායක මැතිනිය වූ අතර
ලංකාවේ ප්රථම ජනාධිපතිනිය චන්ද්රිකා
බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වූවාය.

බ්‍රිතාන්‍ය කිරීටය සමග පැවැති ව්යවස්ථානුකූල
සම්බන්ධතා සියල්ලම අහෝසි කර දමන ලද්දේ ජනරජ
ව්යවස්ථාව තුළිනි. ජනරජ ව්යවස්ථාව, ආණ්ඩු ක්‍රම
ව්යවස්ථා, සම්පාදන ඇමතිවරයා වශයෙන් එවක
කටයුතු කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විසින්
සම්පාදනය කරන ලද ව්යවස්ථාවක් විය.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ