සමාජ පරිහානිය හා අසම්මතය



වැඩිහිටි සමාජය විසින් වල්මත් කර අමතක කරදමා ඇති
යොවුන් දරුදැරියන් වෙත ළංවන්නේ වෙළඳ
ආර්ථිකයයි. ඒ තරුණ පිරිස කෙරෙහි
ඇති ආදර කරුණාවකින් නොවේ.ඔවුන්ට අවශ්ය වනුයේ
යොවුන්දරුවන් බිලිගෙන හෝ සිය ධනවාදී ආකල්ප
මුදුන්පමුණුවාගැනීමයි.සමාජ සදාචාරයට බියෙන්
යටපත් කර දමාඇති යොවුන් දරුවන්ගේ ආශාවන්
අවදිකර ඔවුන්ගේ සිත් කළඹා ‍ඔවුන්ව යායුතු
මාර්ගයේ නොව නොයා යුතු වැරදි මාර්ගයේ
කැඳවා ගෙනයාමට වාණිජඅර්ථ ක්රගමය විද්යු
ත්ජනමාධ්යා භාවිතයෙන් මෙරටතුළ දියත්කර ඇති
සූක්ෂම වැඩපිළිවෙල පහසුවෙන් අවතක්සේරුකළ
නොහැක.

තරුණ දරුවන්තුළ නිසර්ගව විද්යෙමානවන
අළුත්දේ අත්හදාබැලීමට ඇතිආශාව විවිධ
වෙළඳසමාගම් විසින් කූට ලෙස සූරා කෑමට
ගොදුරකරගනිමින් පවතී.“වැලන්ටයින්
දිනය”“වැලන්ටයින් සැමරුම්” “වැලන්ටයින්
උත්සව”වැනි ‍දේ සමාජගත කර ඒතුළ තාරුණ්යබයට
හිමි සොඳුරුයොවුන් හැඟීම්වල හිරි ඔතප්බිඳීමට වාණිජ
වෑයම්කරති.සිය හදදිනූයෞවනයා හෝ
යෞවනිය සමඟ ජීවිතය විඳවීමට නොව විඳීමට සතුටින්
එක් වන්න මෙහි එන්නයැයි කෙරුණු ආයාචනා
තොරම්බල් කොට තාරුණ්යවයේ හැඟීම් පහසුවෙන්
බිලිබාගැනීමට හා එමඟින් සිය නිෂ්පාදන අලෙවි
ඉලක්කවෙත ලඟාවීමට වාණිජ සමාගම් අතර පවතින
තරඟකාරීත්වය නූතන සමාජයේ කුණුවී ගඳ ගසන
ස්වරූපය මනාවපෙන්වන පැහැදිලි කැඩපතකි. මුළු
වසරටම එක්දිනක් කුමන කරුණකින් හෝ නම් කර ඒ
දිනය හැකිතාක් සිය නිෂ්පාදන අලෙවිකරගැනීමට
තාරුණ්යුය නොමඟයවන නිෂ්පාදන සමාගම්
සමාජසාරධර්ම පිළිබඳ දක්වන උනන්දුවේ
තරම ‍මින්පැහැදිලිවේ.සමාජයේ පවතිනහර පද්ධතිය
විනාශකරදමා තාරුණ්යඳය මානසික ඔද්දලවූ
පිරිසක්බවට පත්කරවා හෝ ආර්ථිකවාසි
සලස්වාගැනීම මොවුන් තුළ ඇති එකම අභිප්රාියවී
තිබේ.වෙළඳ දැන්වීම්කලාව යනු කිසිදු
ආචාරධර්මයක් නොතකා ක්රිනයාකළහැක්කක්ද
නොවේ.

වර්තමානයේ තරුණදරුදැරියන් යොදවා පහසුවෙන්
මුදල්හරිහම්බ කරගැනීමේ කලාවක්ද සමාජය තුළ
පවතී. එය සිය දරුවා කුමන හෝ ක්රමමයකින්
සමාජයේ ජනප්රි යකරවීමට ඇතැම් දෙමව්පියන්ගේ
පවතින අවිචාරපූර්වක ආශාව සමඟ එක්වූ විට දරුවෙකුට
කළහැකි හානිය සුවිශාලය.එකරැයකින් තරුවක්
කරවීමට වඩා කාලයක් තිස්සේ අධ්යසයනය කරමින්
ක්රිමානූකූලව අදාළ ශිල්පය ප්රකගුණකිරීම වෙනුවට
ක්ෂණිකව ලැබියහැකි ජනප්රි යත්වය පසුපස්සේ
සියදරුවාගේ අනාගතය අවදානමට තබමින් දුවයෑම
කිසිදු අර්ථයක් නැති නිෂ්ඵලවූ ක්රිවයාවක් ලෙස
පෙන්වාදියහැක.නූතනයේ දෙමව්පියන්ගේයම්
ආකල්පද දරුවන්ගේ අනාගතය අවදානමට ලක්කිරීමට
හේතු සාධකවී තිබේ.මන්ද වර්තමානපරපුර මුදල්
පසුපස හඹායාම හුරුපුරුදුවීමට නිවසින් ලැබෙන
අනුබලය,උත්තේජනය විශාල හේතුවක්වියහැකි
බැවිනි. පුරාණයේදී මුදලට වඩාවැදගත් කොට
සලකන ලද්දේ නිවැරදිදේ කිරීමයි. බොහෝ
ප්රාසිද්ධ සොරෙකු මරණීය දණ්ඩනය ලබාදීමට
රැගෙනයද්දී සිය මවට යම්දෙයක් ප්රිකාශකිරීමට
ඇතිබව පවසා මව සමීපයට පැමිණිවිට කණ සපා
කැවේය.එයට හේතුවිමසූවිට සොරාපැවසූයේ
සුළුහොරකමක් කළ මුල්ම දිනයේ සියමව එය
වර්ණනාකර ප්රරශංසාකළ බැවින් මෙසේ
දරුණුසොරෙකුවීමට ඉඩසැලසුනු බවයි.ඒවරදට
දඬුවමක්ලෙස මෙසේ කළ බවයි.

මේ
කතාපුවතතුළින් ලබාගතහැකි ආදර්ශය නම් කුඩාකළ
දෙමව්පියන්ගේ ඇසුරෙන්ලබන අත්දැකීම් දරුවෙකු
ගේ පසුකාලීන ජීවිතය දිශා ගතකරවීමට ප්රදබලව
උපස්ථම්භවියහැකි බවයි.සමාජයේදී උසස් ස්ථානයකට
පත්වූ ප්රපබල පුද්ගලයින්ගේ චරිතකථා අධ්යීයනයේදී
දැකගතහැකි ප්රවබලතම කරුණක්නම් කෙතරම්දුක්
වින්දත් ඔවුන් සිය ප්රරතිපත්ති පාවාදීමට ඉදිරිපත් නොවූ
බවයි.එසේම අප්රහමාණව අඟහිකම්වලින් බැටකමින්
ජීවිතයජයගත හැකි මාර්ගය ‍ධෛර්ය සම්පන්නව
සොයා ගිය බවයි. මෙබඳුචරිතකථා දෙමව්පියන්
විසින් හැකිතාක් සිය දරුවන්ට කියවීමට ලබාදීම ඉතා
වැදගත්ය.

තරුණදරුවන් යමක් පිළිබඳව ගුරුහරුකම් ලබාගැනීමට
යොමුවන්නේ තමාට සමීයතම අයගෙන්ය.මේ සමීත
ම අය විවිධ තරාතිරම්වල පසුවියහැක.තමාගේ
මිතුරුමිතුරියන්වියහැක.දෙමව්පිය ගුරුවර වැඩිහිටිආදීන්
වියහැක. එසේ නැතිනම් දරුවන්ට වඩාත් සමීප ඉහත
කීවර්ගවලට අයත්නොවන පිටස්තර පුද්ගලයින්
වියහැක.ප්රවශ්නය ඇත්තේ එහිය. ඒ දරුවන්ට පිටස්තර
පුද්ගලයින් අනවශ්යදලෙස සමීපවීමයි.මෙය දරුවන්ගේ
වරදක්ද නොවේ.වරද ඇත්තේ දරුවාට සමීපවී සිතැඟි
හඳුනානොගන්නා හෝ සියදරුවාට සමීපවීමට
කිසිදුකාලවේලාවක් වෙන්කර නොගන්නා
දෙමව්පියන්, ගුරුවරුන් වැඩිහිටියන් අතය.මන්ද මේ
හේතුව නිසා දරුවන් තමන්ට වඩාත් සමීප
පුද්ගලයින්ගේ ඇසුරට වැටීමයි.

වයස අවුරුදු17ක දැරියක ඇඳුම්මාරුකරමින් සිටින
අවස්ථාවකදී ඒ කාමරයට පැමිණි ඇගේ පියාගේ
මල්ලි විසින් ඇයව අතවරයට බඳුන්කළ පුවතක් පළවී
තිබිණ.මෙබඳු සිදුවීම් අද සමාජය ගමන්කරනුයේ කුමන
දිශාවකටදැයි කදිමට නිරූපනය කරන කැඩපතක්
බඳුය.ඒ දැරියගේ පියාගේ මල්ලි ඇයට
බාප්පාය.අදාළ සිදුවීමේදී දැරියට අතවරයට බඳුන්වී
ඇත්තේ ඇගේම පියාගේ බාලසොයුරා
අතිනි.කුඩාකාලයේදී අනන්තවාරයක් ඒදැරිය
ඒබාප්පා විසින් වඩාගෙන සිටින්නට ඇත.එවිට ඔහුට
ඒදැරිය පිලිබඳ ඇතිවන්නට ඇත්තේ පිය සෙනෙසහට
සමාන හැඟීමක් විය යුතුය. ක්රඇමානූකූලව කරදඬුඋස්
මහත්ව සිරුර අඟපසඟ මනාව වැඩී යොවුන්දැරියකවූ
පසුව ඒබාප්පාට ඒදැරිය කුඩාකාලයේ වඩාසිටිද්දී
ඇතිවූ හැඟීම්ඇති නොවූයේ මන්දැයි කුකුසක්
නැඟේ.ඇතැම්විට ඇය පාසැල්ගොස් පැමිණ
ඇඳුම්මාරුකරද්දී ඇගේ යටඇඳුම් අතරින් කැපී
පෙනෙනපිබිදුණු තුරුණු අඟපසඟ දැකීමෙන් ඔහුගේ
හැඟීම් ඇවිස්සී මෙසේවිය හැක. නැතහොත්
මත්වතුරකින් සිහිවිකල්ව ගොස් කරන්නේ කුමක්දැයි
නොදැන සිටියා වීමට ඉඩතිබේ. කෙසේහෝ
මෙබඳු සිදුවීමක් සිදුවී තිබේ.මෙබඳු සිදුවීමකින් පසුව
ඒදැරිය යළි නිවසට,සමාජයට,පාසැලට, මුහුණ
දෙන්නේ කෙසේද,එසේම ඒනරුමයාද යළි
සියවැඩිමහල් සොයුරාට සිය පවුලට මුහුණදෙන්නේ
කෙසේද,ඔහු විවාහකයෙකු නම් බිරිඳට,දරුවන්ට
මුහුණදෙන්නේ කෙසේද වැනි ප්රපශ්නනැඟේ.
මෙබඳු සිදුවීමක් සිදුවූවාට පසුව ආඩපාළි,
දෙස්දොවොල් තැබීමට පළමු එබඳු සිදුවීම්
සිදුවියහැකි අවස්ථා වළක්වාගැනීමට ක්රිෙයාකිරීම
වඩාත් ප්රාඥාගෝචරය. ..

මන්ද මෙබඳු සිදුවීමකදී
වඩාත්ම හානිය අදාළ දැරියට වනබැවිනි.ඇගේ
කායිකසෞඛ්යව මෙන්ම මානසික සෞඛ්යර
පිළිබඳවද අවධානය යොමුකළ යුතුය. ලැජ්ජාව,බිය
නිසාවිවිධ මානසිකරෝගීතත්වයන්ට පවා මෙබඳු
දැරියන් පත්වියහැක. අද සමාජයේමේවා බහුලය.
මෙහි මානව හා සමාජවිද්යාිත්මක පැතිකඩක්ද
තිබේ.එනම් ලාබාල දැරියන්,යුවතියන් විවිධ දූෂණයට,
අතවරයට ලක්කර ඉන් අමානුෂික විකෘති මානසික
සතුටක් ලැබීමට යොමුවූ පාපතරවූ අධම අමනයින්
වර්තමාන සමාජයේබහුලව විද්යඅමානව
ඇතිබවයි.මේ පිළිබඳ කාන්තා,පරිවාස හා ළමා
ආරක්ෂක කේෂ්රනතවල නියැළිඅය දක්වන උනන්දුව
අවමවීඇති බවක් විද්යනමානවනුයේ විවිධ
ජනසන්නිවේදන මාධ්යරයන්හි පළවන විවිධතොරතුරු
අනුවය.මන්ද නූතන සමාජයේමෙබඳු අපරාධ බහුලවී
තිබේ.මීට කිසියම් සමාජවිද්යාවත්මක හේතුවක් තිබිය
යුතුය.එය සාමාන්ය යෙන් සමාජවිද්යාු
දැනුමක්නැති අයෙක් සිතන ආකාරයේ හේතුවක්
නොවියහැක.එබඳු විද්යාවත්මක කරුණු,හේතුසාධක
සමාජවිද්යාාත්මක පර්යේෂණක්රි යා මඟින්
හෙළිපෙහෙලි කරගෙන ඒවාට නිසිවිසඳුම් සැපයීම
නූතන සමාජවිද්යාු පර්යේෂකයින්ගේ යුතුකම හා
වගකීමද වේ. සන්නිවේදන මාධ්ය තුළින්
වාර්තාගතවන මේපුවත් අනුව බොහෝවිටම මෙරට
යොවුන්පරපුර ගිලගැනීමට දියත්වන එක් අඳුරු
පැතිකඩක් ඉතා ක්රිියාශිලීවනු පැහැදිලිවම දැකගත
හැක.අද මේ පිළිබඳ සිදුවන පර්යේෂණප්ර මාණය
ඉතාම අල්පය.

කුපිත වූ ආශාවන්ගෙන් යුතුවූ විට හැකිඋපරීම ලෙස
කෙසේ හෝ ඒවා තෘප්තිමක් කරගැනීමට මඟක්
පාදා ගැනීමට ඔවුන්උත්සුක වේ.එබඳුඅවස්ථා වලදී
යොවුන් දරුවෙකු හුදකලාව අනාරක්ෂිතව ඔවුන්ට
හමුවීමද ඒ දරුවාගේ මුළු මහත් ජීවිතයම විනාශ වීමට
හේතුවකි. මෙබඳු අසම්මත ක්ර්මවේදවලට පහසුවෙන්
පෙළඹෙන වැඩිහිටියන් මේගැන පෙර අත්දැකීම්,
ඇබ්බැහිකම් ඇති කර ගත් අයයි. යොවුන් දරුවන්ගේ
ලිංගික අපරිණත බවද ඔවුන් පහසුවෙන්ම මෙබඳු
අපයෝජන සඳහා ගොදුරු කර ගැනීමටද හේතුවකි.
යොවුන් වියට එළඹෙන දරුවන්ට ලිංගික
අධ්යානපනයක් ලබාදීම මෙබඳු දේවලින් ඔවුන්ව
වලක්වා ගැනීමට හේතු සාධකයකි.ලිංගික
අධ්යාටපනය ලබාදීම යනු නොමේරු දැරියන්ට
ලිංගික කරුණු උගැන්වීම ලෙස වරදවා
නොවටහාගතයුතුය.මෙහිදී කරනුයේ යොවුන්
පිරිසගේ කායික, මානසික පරිණතියට ගැලපෙන
ඔවුන්ට අවශ්යටවන ජීව විද්යා ත්මක කරුණු
කියාදීමකි.මේවා නොදැන සිටීම නිසා එබඳු දේ
වැරදි ක්රඔමවලින් වැරදියට දැනගන්නවාට වඩා
සුදුසුකම් ඇති ගුරුවරුන්ගෙන් ඉගෙනීම හොඳම
ක්රිමයයි. අනෙක් කරුණ නම් මෙබඳු දේ දැනගැනීම
නිසා තමා ආරක්ෂාවිය යුතු අන්දම පිළිබඳ ඒ දරුවන්ට
වැටහීමක් ඇතිවේ.මෙය ඔවුන්ගේ මතුආරක්ෂාව ඇති
කරවීමේ ප්රියත්නයකි.ලිංගික අධ්යා පනය යනු
දරුවන්ට අසභ්යවදේ ඉගැන්වීම නොවේ.
අසම්මත, ව්යාුභිචාරී, නොමනා පහත් සල්ලාල
පැවතුම් සහිත විෂම පුද්ගලයින්ගේ ක්රිංයාකාරීත්වය
සෑම තැනක දීම දැක ගත හැක. පොදුප්රීවාහන
සේවාවන්හිදී මේතත්වය වඩාත් බහුලය.බස්රථවල
මිනිසුන් බහුල නොවන අවස්ථා වලදී පවා යොවුන්
දැරියන්ට කිටිකිටියේ හිරවී, තෙරපී ඇඟෙහි
ඇතිල්ලෙමින්,සිය රහස් ඉඳුරන් ඇඟෙහි අතුල්ලමින්
අසීරුවෙන් මෙන් අඟවමින් ගමන්ගන්නා හිස නිකට
පැසුණු අයගෙන් පවා බේරීයෑම අද කාලේ පහසු
නැත. යොවුන් දරුවන් මෙබඳු අවස්ථාවල දී වඩාත්
අසරණවී කරකියාගත නොහැකි අවස්ථාවන්ට
අසීරුවෙන් මුහුණ දෙන බව නිරීක්ෂණය කල
හැක.දරුවන්ට මෙබඳුඅවස්ථාවල එබඳුවූ ක්රියයාවන්
අසීරුවෙන් ඉවසා සිටීම හැර ඊට ‍එරෙහි වීමට
ධෛර්යක් නැතිවීමද මෙබඳු අධම පුද්ගලයින් රුකුළක් වී
තිබේ. එවිට එබඳු අසරණවීම් සිය අසම්මත ක්රිඑයා
දාමය තව තවත් ඉදිරියට ගෙනයාමට
උත්තේජනයක්සේ භාවිතා කිරීමට පවා මෙබඳු
සූක්ෂමය.බොහෝවිට දැරියන් තමාට මුහුණ පෑමට
සිදුවූ අමුතුදේ නිසා මානසික දැඩිව
වික්ෂිප්තවීමට ‍ගොදුරුවේ.මේ වික්ෂිප්තබව තමාගේ
වාසියට යොදා ගැනීමට එබඳු අය
නොපැකිලෙනබව නිරීක්ෂණයවේ.වැරදීමකින් සිදුවූ
බව අඟවා සිය අතක්,පයක් වැනි යමක් දැරියකගේ
රහස්ලිංගික ස්ථාන ආශ්රිීතව මුලින් ගැටීමට සලස්වීම
මෙබඳු අයගේ තවත් එක් උපක්රයමයකි.මෙබඳු
අවස්ථාවක ඔවුන්ට අවශ්යන තමාගේ
ගොදුරුකරගැනීමට අරමුණුවූ දැරියගේ ඒ ක්රියයාවට
දක්වන ප්ර්තිචාරය කුමක්දැයි නිරීක්ෂණය කිරීමයි. එය
සුබවාදීද,නැද්ද යන්න මත දෙවනුව ඔවුන්ගේ ඊට
එහාගිය ක්රිරයාකාරකම සැලසුම් කෙරේ. බස් රථ
වලදී යාබද අසුනේ සිටින දැරියකගේ ළැම,පියයුරු
අසල සිය අතේ වැළමිට,බාහුවේ උඩ කොටස
ස්පර්ශවීමට සලස්වා ඇය දක්වන ප්රාතිචාරය පිළිබඳ
විමසිලිමත්වීම මීට නිදසුනකි.ප්රුතිචාරය ගණන්
නොගෙන සිටීම වැනි සුබවාදී එකක්නම් බොහෝ
විට මේ අය දෙවනුව සැරසෙන්නේ ඊට එහා ගිය
දෙයකටවීම බියකරුය.මෙබඳුදේවලදී ඔවුහු
නින්දේපසුවනබව අඟවති.

කාමුකයින් වැරදීමකින් සිදුවූවා සේ පෙනෙන
අයුරින් සිය අත හිඳසිටින අසුන මත ඇති මෙබඳු
දැරියකගේ දෙකලවා වෙතහඹා යවති.දැරිය
කෝපයට පත්වී වේගවත් ප්ර තිචාරයත්
දැක්වුවහොත් එය වැරදීමකින් සිදුවූ බව ඇඟවීම මෙහි
උපක්රතමයයි.ක්ර මානූකූලව ඇයට නොදැනුවත්වම
වැරදීමකින් මෙන් ඇඳුම්යටින් අතයවමින් සිය දෑගිලි
මඟින්දෙකලවා සෙමින් ස්පර්ශකර ඇගේ
ප්රයතිචාරය කෙසේදැයි නිරීක්ෂණය කරති.එවිට
ඇගේ ප්ර තිචාරය මේ ක්රිායාව ගණන්
නොගැනීමක් නම් ඉන් ධෛර්යමත්ව ක්රකමානූකූලව
සිය අතැඟිලි ඇගේ දෙකලවා අතරින් රහස්
ප්රණදේශ කරාද සැලසුම් සහගත ලෙස ගෙනඒම
මෙබඳු පාපතරයින්ගේ ක්රිමයා අතර වේ.මෙබඳු
අයපහසුවෙන් හඳුනා ගැනීමට හැක.සිය උකුලමත
ගමන්බෑගයක් හෝ එබඳු යමක් තබාගෙන සිටීම
මෙබඳු අයගේ සිරිතකි. එය සිය අවකල් ක්රිායා
සමාජ දෙනෙතින් වසන් කොට
වැදගත්මහත්වරුන්සේ පෙනීසිටීම පිණිසය.සිය උකුල
මත ඇතිදේ ආධාරකරගෙන අන් මඟීන්ට
නොපෙනී,වැදගත් මහත්වරුන් ‍සේ හිඳ මෙබඳු පහත්
අශිලාචාර දේවල නිරතවන අය සිටිති. සමහරු
මෙසේ සිටින අතර මුවින් කුඩා ශබ්ද නිකුත්කර හෝ
අතින් කුඩාතට්ටුවක් දමා හෝදැරියගේ අවධානය
සිය රහස් ස්ථානවෙත යොමුකර සියරහස් ලිංගික
ඉන්ද්රිකයන් ඔවුන්ට ප්රකදර්ශනයකර සතුටක්ලැබීමට
යොමුවන අවස්ථාද තිබේ.

බස්රථආදියෙහි ආසන අතර ඇති කුඩාඉඩකඩ අතරින්
මඟීන්ට මාරුවීම අපහසුය.මඟීන් අධිකව තදබදවී යන එන
අවස්ථාවලදී විශේෂයෙන් එබඳු ස්ථාන ආශ්රි්තව
ගැවසෙමින්,ඒ ස්ථාන අතරින් ගමන්ගන්නා යොවුන්
යුවතියන්ගේ සිරුරට තෙරපෙමින්,ඉන්ද්රි යන්
ස්පර්ශකරමින් මනෝ ලෝක තුළ කොටුවී ස්වයංවින්දයක්
ලැබීමට යොමුවූ අයද සිටිති. ඇතැම්අවස්ථාවලදී
පාසැල් නිලහැඳුමඇඳ ගමන්ගන්නා
ලාබාල යුවතියන්ගේ පවා සිරුරට හේත්තුවී
තෙරපාගනිමින් ඉන්ද්රිසයන් ස්පර්ශකරමින් අයුතු,පහත්
සතුටක්ලැබීමට යොමුවූ අවස්ථාවාදී පිරිස්ද සිටිති.
ලාබාල දැරියකගේ නිහඬ බව නිසා
පාසැල්නිලඇඳුම අතරින් අතයවා පිරිපුන් ඇගේ පිබිදුනු
තුරුණු ඉඳුරන් මිරිකමින් අතවරයට ලක්කරන පාපතර
යින්අතින් සිදුවනුයේ සුළුපටු වරදක්දනොවේ.මෙබඳු
ඇතැමෙකු පාසැල් නිල ඇඳුම වූ සුදුගවුම යටින්
අතයවා කළවා, පිටුපස මිරිකා, පපු පෙදෙස,පියයුරු
සිය මුළුසිරුරට හේත්තුවන පරිදිතුරුළු කර ගනිමින්
ලාබාල දැරියන්ට විවිධ අපහසුතා ගෙනදෙන බව
නිරීක්ෂණය වේ.සියසමහරු බ්ලේඩ්තල කැබලිවලින්
යුවතියන්ගේ ඇඳුම් වල පසු පස පෙසෙද කපා
දමමින්,තුවාල සිදුකර විකෘති සතුටක් ලැබීමට මෙන්ම
එන්නත් කටුවලින් ඇණ විවිධ විශබීජ වර්ග ශරීර ගත
කොට මානසික රෝගී සතුටක්ලැබීමට යොමුවී සිටීම
අවාසනාවන්තය. මෙය පරපීඩා කාමුකත්වය සේ
හැඳින්වේ.
මේවා සායනික මනෝවිද්යාාවේ විවිධ මානසික
රෝගී තත්ව ලෙස හඳුන්වා තිබේ.මෙබඳු
ක්රිමයාවකදී බොහෝවිට යොවුන් දැරියන් මුලදී
නිහඬව සිටිනුයේ හුදෙක් මෙබඳු සිදුවීමකට එරෙහිව
කිසිවක් කරකියා ගත නොහැකිවීමේ ලැජ්ජාව බිය
නිසාවිය හැක.නමුදු මෙබඳු විකෘති මානසික
මට්ටම්වල පසුවෙන්නන් සිතනුයේ එබඳු දෙයකදී
දැරියක නිහඬ වනුයේ තමාට කැමති නිසාබවයි.
නැතහොත් තමා කරන ජුගුප්සා ජනක පාපතර
කටයුත්තට කැමති නිසා බවයි. අවසානයේදී මේ
පාපතරයාගේ මේ ක්රිතයාවලියේ නිමාවක්
නොමැති තැන එක්කෝ දැරිය අධික
ලැජ්ජාවට,බියට පත් වී හඬන්නීය. නැතහොත්
කෑගසන්නීය. මෙවිට බසයේසිටින සෙසු මඟීන්ගේ
ගුටිබැට සංග්රාහයක් විඳ පොලිසියට හසුව නීති මඟින්
දඬුවම් ලැබීමට සිදුවීමේ අනිවාර්ය ප්රබතිවිපාකය
මෙබඳු සල්ලාලයින්ට අත්විඳීමටද සිදු වේ.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ