පැවදි දියණියගෙන් ආදරණිය පියාණන්ට,
නමෝ බුද්ධාය!
ශ්රී බු.ව. 2557ක් වූ දුරුතු මස පුර අටවක දා
බෝ සෙවණේ හිද...
පින්වත් තාත්තා වෙත.
තාත්තේ අපි මේ ගෙවාගෙන ආව සංසාර
ගමනේ මිනිසුන් වෙලා උපදින්නට අපිට මෙවර පින්
තිබුණා. මේ මිනිස් ජීවිතය හරිම දුර්ලභ එක්ක. අපි
හැමදා ම සසරේ එනකොට මිනිසුන් වෙලා
ඉපදුණේ නෑ තාත්තේ. සත්තු, සර්පයෝ,
ප්රේතයෝ, යක්කු වෙලා අපි ඕන තරම් ඉන්න ඇති.
මට මේ උතුමි මනුෂ්ය ජීවිතය දුන්නේ මගේ අම්මයි,
තාත්තයි. අම්මයි, තාත්තයි මාව මිනිස් ලෝකයට
ගෙනාවා. මං නිසා අප්රමාණ දුක් දොම්නස්
වින්දා. අප්රමාණ කරදර වින්දා. ඒ වුණත් කවදාවත්
තාත්තලාට මාව වදයක් වුණේ නෑ. දවසින් දවස
මාව ආදරයෙන් සෙනෙහසින් ලොකු මහත් කලා.
මම ටික ටික ලොකු වෙද්දී තාත්තට මගෙන් ගොඩක්
වෙනස්කම් වුණා. හිත් රිදවීමි වුණා. ඒ වුණත් දැන්
මට තේරෙනවා මං ගැන තාත්තගේ හිතේ
අල්පමාත්ර වෙනසක් වෙලා නෑ කියලා. ඒ දරු
සෙනෙහසෙන් අල්පමාත්රයක්වත් වෙනසක් වෙලා
නෑ කියලා මට තේරෙනවා තාත්තේ.
බුදුරජාණන් වහන්සේ කියා දුන්නා තාත්තේ
දෙමාපියන්ගේ හිතේ තියෙන දරු සෙනෙහස
සම්,මස්, නහර විනිවිද ගිහින් ඇට මිදුලුවලට ම දැනෙන
දෙයක් කියලා. එදා බුදුරජාණන් වහන්සේ වදාළ
දේ මොන තරම් ඇත්තක් ද කියලා මට තේරෙනවා
තාත්තේ.
මගේ වටේ කොයි තරම් අය හිටියත් උතුමි බුදු සසුනක
පැවිදි වෙන්නට ඕන කියලා මට හිතුණු වෙලාවේ
මම තනි වුණා තාත්තේ. මගේ ජීවිතයේ උතුමි ම
දෙයට ශක්තියක් වෙන්න මට හෙවනැල්ලක් වගේ
ළගින්ම හිටියේ තාත්තා විතරම යි. මගේ සතුට
වෙනුවෙන් තාත්තලාගේ සතුට කැප කරලා, මාව
උතුම් බුදු සසුනට පූජා කල වෙලාවේ තාත්තට රැස්
වුණ පින ගැන කියන්න මට වචන මදි තාත්තේ.
මගෙන් කොයි තරම් දේවල් සිදු වුණත් මං උතුම් බුදු
සසුනක පිළිවෙත් පුරන්නට සූදානම් වන මොහොතේ
ඒ හැම දේ ම අමතක කරලා තාත්තා මුලු හදවතින්ම
මට ආශීර්වාද කළා. ඒ හැම තැනකදී ම තාත්තගේ
ජීවිතේ සැගවිලා නිබුණ උතුමි මිනිස් ගුණ මම
දැක්කා තාත්තේ.
මේ සංසාරේ තාත්තට කොයි තරම් දරුවෝ
ඉන්නට ඇද්ද? ඒ හැම කෙනෙක් ම ජීවිතය ඉවර
වෙන කොට වෙන් වෙලා ගියා. ප්රිය මනාප වූ
දරුවන් දුරස් වෙනකොට තාත්තා ඇස්වලින් කොයි
තරමි නම් කදුලු හෙළන්නට ඇද්ද? බුදුරජාණන්
වහන්සේ වදාළා මේ සංසාරේ අපේ දරුවන්
අපෙන් වෙන් වෙන කොට හෙලු කදුලු, සාගරයටත්
වඩා වැඩියි කියලා. මේ වතාවෙත් තාත්තට
මගෙන් වෙන් වෙනකොට දුක හිතුණා නේද?
ගොඩාක් ඇඩුවා නේද?
ඒත් තාත්තේ තාත්තා මෙවර ඒ දුක දරාගෙන
කළේ මහා ශ්රේෂ්ඨ දෙයක්. උතුමි අත්හැරීමක්.
දවසක බුදු සසුනේ සිවුරු දරාගෙන මං ගුණ දහමි
දියුණු කරන කොට ඒ පින් පළමුවෙන්ම උරුම
වෙන්නේ තාත්තාටම යි. එදාට තාත්තා මේ
ගෞතම බුද්ධ ශෘසනයේ ලේ ඥාතියෙක්. බුදු
සසුනේ නෑදෑයෙක් වෙලා මේ රුදුරු
සංසාරයෙන් නිදහස් වෙලා උතුම් බුදු සසුනක සියලු
දුක් නිවන්නට ම තාත්තට ඒ පින උපකාර වේවි.
ගැහැණූ ළමුන් ඇදුමි, පැළදුමි, විසිතුරු දෙයින් සතුටු
වෙන ලෝකේ උතුමි පූජනීය විරාගී ජීවිතයකට ගමන්
කරන්න තාත්තා මට උපකාර කළා. ඒ කළ
උපකාරයට මම කොහොම නම් මගේ තාත්තට
කළගුණ දක්වන්න ද?
තාත්තට දැන් ගොඩාක් අභියෝග ඇති. ලෝකයා
කියන - අහන දේවල්වලට මුහුණ දෙන්න ඕන
තාත්තනේ. "දෝණි කෝ" අහනවා ඇති. "එයාට
මොකද වුණේ" අහනවා ඇති. "ඇයි දෝණිව ගෙදර
එක්කන් එන්න බැරිද" කියලා අහනවා ඇති. "දෝණිට
පිස්සු හැදිලද?" කියලත් අහනවා ඇති. ඒ විතරක්ද මගේ
යාලුවෝ, මගේ වයසේ ඉන්න අනික් ළමයි හොද
රස්සාවල් කරනවා, හොද හොද වාහනවල යනවා,
සමහරු හොද තැන්වලින් විවාහ වෙලා සතුටින් ඉන්න
හැටි තාත්තට දකින්න ලැබෙයි.
ඒත් තාත්තේ ඒ හැම දේම බොහෝම ටික
කාලයයි තියෙන්නේ. ඉක්මනටම වෙනස් වෙලා
යනවා. කවුරු මොන දේ කිව්වත් තාත්තා හිත
වට්ටගන්න එපා. තාත්තා කළ දේ අනෙක් අය එක
එක විදියට විවේචනය කරයි. ඒත් මගේ තාත්තා තමා
මේ ලෝකේ හරි ම දේ කළ තාත්තා. තාත්තේ
දුවෙකුට මේ ලෝකේ දෙන්න තියෙන උතුමි ම දේ
දුන්නේ ඔයයි තාත්තේ. ඒ නිසා කවුරු ඇහුවත්
තාත්තා සතුටින් අභිමානයෙන් ම කියන්න "මගේ දුව
පැවිදි වෙන්න ගියා" කියලා. කියන්න තාත්තේ
"හිතේ දුකක් දරාගන්න බැරුව නෙවෙයි මේ
භයානක සංසාරය ගැන ධර්මය අහන්න ලැබිලා
ඇති වෙච්ච ශ්රද්ධාවෙන්මයි දෝණි පැවිදි වෙන්න
ගියේ" කියලා.
දෙමාව්පියෝ කවදාවත් කැමති නෑනේ දරුවෝ
දුක් විදිනවට. ඉතිත් තාත්තා මගේ මේ ලෝකේ දුක්
විතරක් නෙවෙයි පරලොව දුකත් නැති කර ගන්න මට
උපකාර කළා. ඒ වගේ තාත්තා කෙනෙක්
ලැබුණේ මගේම පිනට ම යි.
හැම දෙනාම මේ උතුමි දේට විරුද්ධ වෙනකොට
තාත්තගේ ආශීර්වාදය මට මේ ගමනට යෝධ
අත්වැලක් වුණා. ඒ හින්දා අද මේ ජීවිතේ තුල සිල්
ගුණ දහමි දියුණු කරලා ධාතූන් වහන්සේලාට
වන්දනාමාන කරලා පින්වත් මැණියන් වහන්සේලාට
උපකාර කරලා වත් පිළිවෙත් කරලා යහපත් දරුවෙක්
විදියට මං රැස් කරන හැම පිනක් ම තාත්තගේ
ජීවිතයට අනුමෝදන් කරනවා.
තාත්තත් මේ ලැබුණු දුර්ලභ මොහොතේ
බුදුරජාණන් වහන්සේ සරණ යන්න ධර්මය සරණ යන්න
සග රුවන සරණ යන්න. අපේ මේ ප්රශ්න ඉවර වුණාම
ධර්මයේ හැසිරෙනවා කියන එක කවදාවත්
වෙන්නේ නැති දෙයක් තාත්තේ. එක ප්රශ්නයක්
ඉවර වුණාම ඊට නො දෙවෙනි වෙන්න තව
ප්රශ්නයක් අපිට ඇවිල්ලා. එහෙම නේද?
හැම මොහොතෙම ධර්මයේ හැසිරෙන්න
තාත්තේ. බස් එකේ යන එන වෙලාව වත් අත හැර
ගන්න එපා තාත්තේ. මම එදා කියලා දුන්නේ
මතකයි නේද? ඒ විදියට හැමෝට ම මෙත් සිත
පතුරුවන්න තාත්තේ. තාත්තා ධර්මයේ හැසිරෙන
එක තමා මගේ සතුට.
සියලු දෙවියන්ගේ ආශීර්වාදය සැලසේවා!
කරදර දුරු වෙලා සතුටින් මේ ගෞතම බුදු සසුනේ
ධර්මයේ හැසිරෙන්නට පින් රැස් කර ගන්නට මං
අන්මෝදන් කරන සියලු පින් උපකාර වේවා!
මීට
ගෞතම බුදු සසුන තුල මෙත් සිතින්
දෝණි —
Comments
Post a Comment