විෂබීජ නාශක සබන් දියර ඕනෑවට වඩා පාවිච්චියත් නරකයි
බොහෝ දෙනා අත් සෝදන්නේ පිරිසුදුකම රැකගැනීමට හා විසබීජවලින් ආරක්ෂා වීමටය.
සබන් වර්ගයක් දියර වර්ගයක් හෝ ලෝෂන් වර්ගයක් අත් සේදීම සඳහා යොදාගැනෙයි.
ඒවා විසබීජ නාශක සහිත සබන් හා දියර වර්ග ලෙස වෙළෙඳ පොළේ පවතී. ඒවා නිෂ්පාදනය කරන ආයතනවලට තම නිෂ්පාදනවල විසබීජ බැක්ටීරියා දිලීර වර්ග විනාශ කිරීමේ හැකියාව තිබේ ද නිසි ප්රමිති තත්ත්වය අනුව පවතිනවා ද නැද්ද කියා තහවුරු කර බැලීමට පහසුකම් බොරැල්ල වෛද්ය පර්යේෂණායතනයේ විශේෂිත බැක්ටීරියාවේදී රසායනාගාරය සතුව පවතී.
එම රසායනාගාරය තුළ දී බැක්ටීරියා වර්ග 4 ක් හා එක් දිලීර වර්ගයක් නැසීමේ ගුණය එවැනි විසබීජ නාශක සබන් වර්ග දියර හෝ දියර වර්ගවල අඩංගු දැයි පරීක්ෂා කෙරේ.
<b>ස්ටැෆ් ඕරියස්, සියුඩොමොනාස්, ප්රෝටියස්, ඊ කෝලයි</b> යන බැක්ටීරියා වර්ග හතර සහ කැන්ඩිඩා දිලීරය නැසීමේ ගුණය අදාළ සබන් වර්ගයේ හෝ විසබීජ නාශක දියරේ පවතිනවාදැයි සොයා බැලීමයි බැක්ටීරියාවේදී රසායනාගාරයේදී සිදුකර බැලේ.
වැසිකිළි ගියාට පසුව සබන් ගා හෝ විසබීජ නාශක දියරයක් භාවිත කර අත සෝදා ගන්නේ අපේ මහ අන්ත්රයේ රැඳී තිබෙන ඊ කෝලයි බැක්ටීරියාව නිසයි. හරියට අත සෝදා නොගෙන ආහාර පිළියෙල කරන්නට ගියහොත් ඊකෝලයි බැක්ටීරියාව නිසා අහිතකර ආසාදන තත්ත්වයන් හටගන්නට ඉඩ තිබේ.
එසේම විසබීජ හා බැක්ටීරියා නසන්නට යොදන රසායනික ප්රමාණයත් පමණට වඩා අඩංගු වුවහොත් එමඟින් සම මතු පිට අසාත්මිකතා ද ඇතිවිය හැකිය.
එසේම පමණට වඩා විටින් විට අනවශ්ය ලෙස අත් සේදීමට යාම ද සම මතුපිට තිබිය යුතු සමට හිතකර බැක්ටීරියා සමෙන් සේදී යාමට හේතු වේ. ස්ටැස් ඇල්බස් සමට හිතකර බැක්ටීරියාවකි. එවැනි බැක්ටීරියා ඕනෑවට වඩා අත් සේදීමේදී සමෙන් ඉවත් වී යාම කිසිසේත්ම හිතකර නොවේ.
Comments
Post a Comment