අධික තරබාරුව මට්ටු කරන්න හෙළ ඔසු...


පිරිපුන් සිරුරක් ඇතිකරගන්න සමහරු කැමති වුණත් හැඩක් නැති තරබාරු සිරුරකට නම් බොහෝ දෙනෙක් කැමති නැති බව රහසක් නොවෙයි. ඒත් තරබාරු වීම ඔබේම වරදින් ඇතිවෙන්නක් බව ඔබ මොහොතකටවත් සිතන්නට නැතිවා වෙන්නට පුළුවනි. එහෙත් තරබාරුව ඇතිවීමට බලපාන හේතු දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම පැහැදිලිව දක්වා ඇති බැවින් ඒ අනුව එම හේතු මැඩපැවැත්වීමට ඖෂධ යෙදීම තුළින් තරබාරුව මට්ටු කළහැකි බව ඔබට අලුත් ආරංචියක් වේවි.
තරබාරු බව මනින්නේ කොහොමද?
බොහෝදෙනෙක් තරබාරු බව මනින්නේ ඇසට පෙනෙන පෙනුම තුළින්. මෙය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඇතැමුන් ශරීරයේ බර අනුව මහත තීරණය කරන්නට උත්සාහ දරනවා එයත් තරබාරුව මනින සාර්ථක ක්‍රමයක් නෙවෙයි. නමුත් තමන් තරබාරුද යන්න දැනගන්නට එක් සාර්ථක ක්‍රමයක් පවතිනවා. ඒ යම් කෙනෙකුගේ පපුවේ මිම්මට වඩා උදරයේ මිම්ම විශාලව පවතින්නේද යන්න සොයා බැලීමෙන්. එසේ පවසන්නේ උදරය විශාල නම් ඒ සමගම උකුල දෙපසින්ද විශාල වී අත් ගොබ මෙන්ම කලවා වලද වඩා විශාල වීම තුළින් සිරුරේ තරබාරු බව පෙනෙන්නට පටන්ගන්නා නිසයි.
මෙසේ වන්නේ ඇයි?
තරබාරුව ඇතිවෙන්නට ආහාරවලින් ලොකු බලපෑමක් ඇති වන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අප පළමුව විමසා සිටිමු. ආහාර ගොඩක් එකවර ගැනීම ටිකෙටින් ටික වේල් හත අටක් ගැනීම වැනි පුරුදු මෙන්ම ආහාර වේල් මගහැර ගැනීම ඉතාම වැරදි පිළිවෙත් කීපයක්. ප්‍රධාන ආහාර වේල් තුන අතර මැදිව කෙටි ආහාර වේලක් ගැනීම සුදුසු බව සැලකුවත් ඒ ආහාරවලට අයත් විය යුත්තේ පළතුරක් වැනි කැලරි අඩු ආහාරයක් පමණයි. නමුත් බොහෝ දෙනා බිස්කට් කේක් හෝ වෙනත් රසකැවිලි වලට නැඹුරුවීම තුළ අනවශ්‍ය තරමේ මේද කොටස්, සීනි ලුණු වැනි දෑ ශරීරයට එක් කරවනවා. එමෙන්ම ඒවා දහනය වීමක් නැහැ සිරුර වෙහෙසා වැඩ කරන ප්‍රමාණය අඩු වුනාම මේ මේදය එක්රැස්වෙන්නට පටන් ගන්නේ උදරය, පිට කළව, පපුව, අත්ගොබ යන ස්ථානවලයි. එමෙන්ම දහවල් කාලයේ නින්ද තරබාරුබව ඇති කරන්නට ඉතාම සහයක් දක්වන කරුණක්. සමහරු ආරයටත් මහත් වෙනවා. ඇතැම් ඖෂධ වර්ග මෙන්ම හෝර්මෝන අසමතුලිතා නිසාත් මෙසේ මහත් වෙන්නට පුළුවන්. උපත් පාලන ක්‍රම මෙන්ම ආර්ථවයේ ඇතිවන වෙනස්කම් නිසාත් අයෙකු මහත් වෙන්නට පුළුවන්. නමුත් මහත් වෙන්නට ඉඩ හැර සිට සිහින් වෙන්නට ක්‍රම සොයනවාට වඩා මහත් වෙන්නට පටන් ගත් වහාම එය නවතාගන්නට පිළියම් යෙදීම වැදගත්.
තරබාරු වීම නිසා ඇතිවන අපහසුකම්
බර අඩු සිහින් සිරුරක නම්‍යශීලී බව සම්බන්ධයෙන් අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. සිරුරේ සන්ධි ගෙවීම අත් පා රුදා ඇතිවෙන්නේ බොහෝවිට තරබාරුවීමත් සමග යයි කිවොත් එහි වරදක් නැහැ. අවලස්සන පෙනුමක්, අධික රුධිර පීඩනය ඇතිවීමට, කොලෙස්ටරෝල් මට්ටම ඇතිවීමට ඉඩ තිබීම, පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩි වීම, සිරුරේ යම් යම් ස්ථානවල සම අව පැහැ ගැන්වීම වැනි දෑ ඇතිවිය හැකියි.
තරබාරු අයෙකු බර අඩු කරගැනීම සහ සිහින් බව ඇතිකරගැනීම වෙනුවෙන් කළ යුතු දේ.
උදෑසන අවදි වූ සැණින් තේ පානය කිරීමෙන් වළකින්න. පළමුව හොඳ වතුර වීදුරුවක් පානය කර අනතුරුව තේ කෝප්පයක් වෙනුවට කොළ කැඳ වීදුරුවක් පානය කරන්න.
එසේත් නැතිනම් සීනි නොයෙදූ ස්වාභාවික පළතුරු යුෂ වීදුරුවක් හෝ තැඹිලි වතුර ස්වල්පයක් පානය කරන්න. නමුත් ඔබට වකුගඩු ආබාධ ඇතොත් පළතුරු යුෂ හා තැඹිලි පානය අහිතකර විය හැකිය.
උදෑසන ආහාරය සඳහා මුං ඇට, කව්පි, කුරක්කන්, කඩල, රතු හාලේ බත් කුරක්කන් ඉදිආප්ප වැනි යමක් ගන්න. කිසිවිටෙක පාන් හෝ බනිස් වැනි දෑ මෙන්ම කෙටි කෑම වර්ග වලට හුරු නොවෙන්න.
දිවා ආහාරයට රතු කැකුළු බත් සමග සුදු මාළු වර්ගයක්, කෙඳි සහිත එළවළු වර්ගයක් පලා වර්ගයක් ගන්න. කිසිවිටෙක රාත්‍රී ආහාරය මග නොහැරිය යුතුය. දිවා ආහාරයට ගත් ඒවා වුවද දිවා කාලයට වඩා අඩුවෙන් ගැනීම යහපත්ය. නැතිනම් එළවළු වර්ග කීපයක් තම්බා ආහාරයට ගැනීමට පුළුවන්. බැදුම් තෙම්පරාදු රාත්‍රී ආහාරයට තහනම් කරන්න. එමෙන්ම බොහෝ රෑ බෝවන තුරු සිට ආහාර නොගන්න. අඩුම තරමේ රාත්‍රී හතටවත් රාත්‍රී ආහාරවේල අරගන්න. හරක් මස් ඌරු මස් ලුණු මාගරින් භාවිතයෙන් හැකිතාක් ඈත්වෙන්න. සරල ව්‍යායාම් වල යෙදෙන්න.
දේශීය ක්‍රමයට තරබාරුව මට්ටු කළ හැකි පොදුවේ යෙදිය හැකි සරල ප්‍රතිකාර
පොල්කිරි රහිතව හෝ ඉතාම ස්වල්ප වශයෙන් පොල්කිරි යෙදු කරපිංචා කොළ කැඳ සතියට තුන් හතරවතාවක් පානය කරන්න.
කොහිල අල කැඳද මෙවැනිම ගුණයක් ඇතිකරන බැවින් කොහිල කැඳද සුදුසුය.
කරපිංචා සහ සුදු ලූණු ගෙන එයට ගොරකා කැබැලි සහ ලුණු ස්වල්පයක් යොදා සිහින්ව අඹරා ශීතකරණයක තබාගෙන සෑම ආහාර වේලකටම නෙල්ලි ගෙඩියක තරමේ ප්‍රමාණයක් ආහාරයට එක්කරගන්න.
සිහින්ව ලියාගත් හෝ අඹරා ගත් සුදු ලූණු නිතර ආහාරයට ගන්න.
සිහින්ව ලියාගත් කරපිංචා ලියාගත් රතු ලූණු සහ සුදු ලූණු දමා සම්බෝලයක් සේ සාදා ආහාරයට ගැනීමත් සුදුසුයි.
හීන් මිදී මුල් කළං හයයි, අරළු බුළු නෙල්ලි කළං දෙක බැගින් ගෙනපත අට එකට හිඳවා මී පැණි දමා දෙවේලෙට බොන්න. මෙම කසාය දිනපතා සති දෙකක් පානය කිරීම තුළින් තරබාරු බව පාලනය කළ හැකිය.
උපුටා ගැනිමකි

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ