රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්
බස් එකක යද්දි විඩාව නිවා ගන්න සිංදු අහන එකයි, විනෝදාංශයක් විදියට ලස්සන සිංදු ටිකක් තෝර ගෙන ඒවායේ අරුත් විමසා අහන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඉස්සර කාලේ සමහර අපේ ගායකයෝ ගායනා කරපු සිංදු වල සරල සුගම බස් වහරක් තිබුනත් එහී ගැබ්වු අර්ථය නම් බැලු බැල්මටම සරළ නොවන බව නම් සැබෑය. එත් දැන් කාලේ ඇහෙන සරල, බොළඳ සිංදු වලට අනාගතයේ අපේ ළමයි කොහොම ගීත විචාරයක් දෙයි ද කියලා හිතන්නවත් බැරි තරම් . ඒ වගේම සිංදුව ඒක පාරක් ඇහුව ගමන් ගීත රචකයාගේ ඊළග සිංදුවට දාන වචන උනත් කියන්න පුළුවන්. ඒ තරම් සරලයි, සිල්ලරයි ආදරය ගැන තියෙන සිංදු වලට වඩා විරාහව ගීතයට නගලා තියෙන අවස්ථා වැඩියි. එහේම නේද? ආදරය කළාට අපි අහන්නේ විරහා සිංදුම නේහ්. ආදරයට වඩා ගොඩක් දෙනා විරහා රසට ඇගළුම් පානව වගේ . කෙසේ හෝ මා පෞද්ගලිකවම අගය කරන, රස විදින ගීත රචකයෙක් ඉන්නවා නමින් ඔහු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කරපු රත්න ශ්‍රී විජේසිංහ මහතායි. ඔහු රචනා කරපු ලස්සන ගීත කිහිපයක අරුත් හොයා බලන්න මට හිතෙන්නේ ඔහුගේ “අජානේය ස්කූටර” සිංදූව ඇහුවාට පස්සේ. අරුත් රසයෙන් අනූන සිංදු කිහිපයක් පාථක සියළු දෙනා ර...