Fb යන අක්කට ,නංගිට
රත්තරන් අම්මලා ,තාත්තාලා මලක් වගේ පරිස්සමට හදපු ආදරණිය අක්කලටයි ,නංගිලටයි ලියන්න හිතුනා. :-)
ලස්සන ලස්සන ගවුම් පොඩි අන්දලා අපේ හැඩ වැඩ බලපු අම්මගෙයි ,තාත්තාගෙයි හිතේ අපි ගැන කොච්චර නම් හීන තියෙන්න ඇතිද? ටිකක් කරදඩු උස් මහත් උනාම ,සමාජයට ඇතුළු වුනාම ,අපි දැන් ටිකක් ලොකුයි කියලා හිතලා, හෙන ගැම්මෙන් ඉන්න කාලයක් තමයි ඔයත් මමත් අපි හැමෝමත් මේ ගෙවන්නේ.
ඒ ගැම්ම තවත් ටිකක් වැඩි වුනා නේද අපේ අතට ස්මාර්ට් ෆෝන් එකක් හම්බ වුනාම.O/L හරි A/L හරි පාස් වුනාම තෑග්ගකට කියලා ඉල්ලුවේ පොඩි කාලේ වගේ රූං පෙතියි,ජපන් බෝනික්කොයි නෙමෙයි නේහ්.එක්කෝ ලැප්ටොප් එකක් නැත්තම් ,ස්මාට් ෆෝන් එකක්.
එයාලා ආදරෙන් හුරතල් කරලා හදපු අපිට ඉල්ලපු දෙයක් අරන් නොදි ඉදලා තියෙනව ද? කලාතුරකින් අනවශ්‍ය දෙයක් අරන් නොදුන්නත් ,බැනලා බැනලා හරි අපිට ඒ දේවල් අරන් දුන්නා නේද? කියපු ගමන්ම ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා නම් ඒක බොරුවක්.මොකද ඕක ගන්න හත අට පාරක්වත් කෙදිරි ගාන්න වුනා නේද?.ඔයාට මතකද ඕක අතට දෙනකොට දාපු කෝන්දේසි ටික?
ඒ ටික මතක නම් අද කිසිම ගැහැණු ළමයෙක් අම්මගේ සාරි පෝටේ එල්ලිලා බෙල්ලේ වැල දා ගන්නේ වත්, පිරිම් ළමයි කොච්චියට බෙල්ල තියන්නෙත් නෑ නේද? අහස උසට හදපු මාලිගා කුඩු කරන්න හදපු සැම්සුන් ,ඇපල් කියන බෝම්බ වලට විනාශ වුන ජීවිත කීයක් නම් අකාලයේ අපෙන් වෙන් වෙලා ගියාද?
ෆෝන් එක අතට හම්බ වුන ගමන් අරවා මේවා සෙටින්ස් හදා ගෙන ගුගල් එකවුන්ට් එකක් එහේම හදා ගෙන ඊළඟට ගියේ මාර්ක් අයියගේ ෆේස්බුක් ඇප් එකට නේද?
ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා ,පුළුවන් උපරිම යාළුවෝ සෙට් එකක් ඇඩ් කරගෙන හරිම විනෝදකාමී ජිවිතයක් නේහ් අපි මේ ෆේස්බුක් එකත් එක්ක පටන් ගත්තේ.යන්නේ කොහේද සෙල්ෆියක් අරන් දාන්න පුරුදු උනා,අළුත් ඇඳුමක් ගත්ත ගමන් ඉස්සර නම් හැඩ වැඩ පෙන්නුවේ අම්මට නෙහ්.දැන් කරන්නේ ෆෝටෝ එකක් ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කරලා ලයික්ස් ගන්න බලන් ඉන්න එක නේද?.අපි ඒ දේවල් කරන්න ඕන තමයි .මොකද අපි තාමත් ඉන්නේ සුන්දර තරුණ කාලේ විඳින ගමන් නිසා.එත් යම් සීමාවක් තුළයි හැමදේම කරන්න පුරුදු වෙන්න ඕන.
ඔයා ලස්සනට ඇදලා දාන ෆෝටෝ එක මෙකේ ඉන්න හැමෝම වැදගත් විදියට බලනවා නම් කොච්චර එකක් ද? එහේම නෑ නේහ්.අතේ ඇගිලි පහ වෙනස් වගේ තමයි මෙතනට රැස් වෙලා ඉන්නේ විවිධ අදහස් තියෙන,එකිනෙකට වෙනස් වු මානසික මට්ටම් තියෙන මිනිස්සු කොට්ඨාසයක්.ඔයා හිතන තරම් හැමෝම හොඳ නෑ.මං මේ කියන්නේ පවුලේ අය ඇරුනාම අදුරන්නේ නැති අයව ඇඩ් කරගෙන ඉන්න අයට.වාව් නංගි ,ෂෝක් කියලා කමේන්ට් කරන අයම තමයි ඔයාගේ ෆෝටෝස් එඩිට් කරලා ඉන්ටර්නෙට් එකේ වටේම යවන්නේ.හැමෝම එහේම නෑ.එත් සමහර මිනිස්සු හිතන්නේ තමන්ගේ සතුට මිසක් මේ මගේ නංගි ,අක්කා වගේ කෙල්ලෙක් නේද කියලා හැඟිමෙන් නෙමෙයි.
ගැහැණු ළමයි උනාම පොඩි සංවර කමකුත් තියෙන්න ඕන.මොකද දැන් කාලේ ඉන්න මිනිස්සු කාලා බැලුවත් විශ්වාස කරන්න පුළුවන් උදවිය නෙමෙයි.හැඟිම් කියන දේවල් පාලනය නොකර ඔහේ ජිවත් වෙන මිනිස්සු වැඩියි මෙකේ ඇතුලේ.සමහර ගැහැණු ළමයින්ගේ එකවුන්ට් වල ඉන්නේ ගොඩක් ෆේක් නම් වලින් ඉන්න අය නේද? කොහෙවත් ඉන්න චිත්‍රපටි වල නළුවොයි ,ගායකයෝ න් ගේ ෆොටෝස් දා ගෙන එයාලා හැංගිලා නේහ් මෙකේ ඇතුලේ ජිවත් වෙන්නේ.එහෙව් අය ඇඩ් කරන් ඔයා ඔයාගේ ෆැෂන් ශෝ මෙකේ ඇතුලේ පෙන්නන්න ගියාම,කෙල්ලෙක් විදියට ආරක්ෂා කර ගන්න ඕන ඔයාගේ ප්‍රයිවසි එකෙන් වැඩක් තියෙනවා ද?
පුරුෂාධිපත්‍ය කියන දෙයට දැන් ගැහැණු අපි ටිකක් විරුද්ධ යි නෙර්හ්. 😂 . ඉතිං එයාලා කරන දේම අපිටත් කරන්න පුළුවන් කියලා හිතලා නෙර්හ් සමහර ගැහැණු ළමයි මෙකේ ඉන්නේ. ඉස්සර කාලේ කියපු කතාවක් තියෙනවා කොල්ලෝ නාවලා ගෙට ගත්තම හරි කියලා .කෙල්ලොන්ට එහේම බෑ නේහ්.ඒ නිසා ගැහැණු ළමයි කරන්න ඕන දේවල් විතරක් මෙකේ කරා නම් හරි. ඔයා දනහිසෙන් උඩට ඇදලා පොඩි ඇන්ගල් එකකුත් දාලා මෙකට ෆොටෝ දැම්මම ,ඔයාගේ දුක සැප හොයන්න එන අයියලා ,මල්ලිලා වැඩියි මෙකේ.ඒ තමයි යථාර්ථය .මේ දේට ගොඩක් අහුවෙන්නේ අද ඊයේ ෆේස්බුක් එකට අළුතෙන් ඇවිල්ලා මෙක ඩිස්නිලන්තයක් කියලා හීන මවන් ඉන්න පොඩි පොඩි නංගිලා සෙට් එක.
හායි කියලා කොහෙවත් ඉන්න අයියා කෙනෙක් දාන මැසේජ් එක අන්තිමේදී ඉවර වෙන්නේ මේන් මේ කෙල්ලගේ හැටි කියලා එයා මෙකේ ඇතුලේ ම ඔයාව ප්‍රමෝට් කරලා ඉවර උනාම.එක එතනින් ඉවරයක් නෑ නේහ්, පුළුවන් උපරිම විදියට මඩ ගහලා,කියන්න පුළුවන් හැමදේම කියලා ඔයාව චාටර් කරලා තමයි ඔක නවතින්නේ.මෙන් මෙයා තමයි දැන් බුකියේ හිට් එක කියලයි ඔයාට ලේබල් එක වදින්නේ.ඒ නිසා පවුලේ දන්න කියන අය ,තමන් ළගින් ආශ්‍රය කරන ,වැදගත් කියලා හිතෙන අයව විතරක් තමන්ගේ ෆේන්ඩ් ලිස්ට් එකේ තියා ගන්න.දාන ෆොටෝ එකක් ෆේන්ඩ්ස් ඔන්ලි දාලා මුල ඉදන්ම ප්‍රයිවසි එකක් හදා ගන්න.හැබැයි සමහර වේලාවට අම්මා ,තාත්තත් තමන්ගේ සහෝදර සහෝදරියනුත් ඔයාගේ ෆෝටෝස් වලට සෙක්සි කියලා කමේන්ට් කරනවා නම් ,අයේ ඉතිං ඒ ෆැමලි බැක්ග්‍රවුන්ඩ් එක ගැන අපි කථා නොකර ඉමු.එහේම අයත් ඉන්නවා මෙකේ ඇතුලේ.එහෙම නැති එදාවේල හම්බ කරන්න දහදුක් විදලා ළමයින්ට උගන්නන්න හදන ,අහිංසක අම්මලා ,තාත්තා ලා ඉන්න ළමයින්ට යි මේ කථා කරන්නේ.මොකද, ඔය අර ෆොටෝස් මේ ෆොටෝස් ලීක් වුනා කියලා බෙල්ලේ වැල දාන් මැරෙන්නේ කුරුදුවත්තේ බේබිලා නෙමෙයි නේහ්.අහිංසක දෙමාපියන් ගේ හයක් හතරක් නොතෙරෙන කෙල්ලෝ නේද?මතයක් තියෙනවා නේහ් එහෙම නොකරොත් ඔයා පොෂ් මදි කියලා ලේබල් එකක් වදින.එහේම නෙර්හ් සමහරු හිතන් ඉන්නේ.එක තමයි වැරැද්ද .
තව කොට්ඨාසයක් ඉන්නවා අනුකරණය කරලා එයාලගේ ජිවිතය ,ආත්ම ගෞරවය නැති කර ගන්න හදන ගැහැණු ළමයි ටිකක්.රැප් කියන්නේ හරියට කරනවා නම් හරි ලස්සන කලාවක්.අයියලා ,මල්ලිලා වගේ කැප් එකක් දාගෙන විඩියෝ එකක් කරාට කමක් නෑ .කෙල්ලෝ අපිත් ආසයි අළුත් ට්‍රෙන්ඩ් එකේ ජිවත් වෙන්න.එහේම නේද? 😂.එකේ වරදක් නෑ.එත් දැක්කම හිතට ලොකු වේදනාවක් දැනෙනවා හදපු අම්මට බැනලා කියන්න ඕන සේරම කුනුහරප ටික ඉංග්ලිෂ් වලින් කියලා රැප් කියලා විඩියෝ කරලා මෙකේ ඇතුලේ හිට් වෙන්න හදන ගැහැණු ළමයිනුත් ඉන්නවා. මේ දේවල් ෆේස්බුක් එකේම දැකපු දේවල්.ඔය දේවල් වලට වාව් කියන අයම තමයි ,ඔයාට වැරදුනාම නොකරපු දේවලුත් කියලා හංවඩු ගහන්නේ.ඒ දේ තේරෙන කොට ඔයා ගොඩක් පරක්කුයි අක්කේ නංගියේ.එහෙව් දේවල් දැක්කම ඔක වැරදියි කියලා ගොඩ ගන්න හදන අයියලා,මල්ලිලා ටිකකුත් මේ ෆේස්බුක් එක ඇතුලේම ඉන්නවා. එහේම අය ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. ඒ වගේම බැදලා ළමයින්ගේ ළමයිනුත් ඉන්න ශාරුක් ඛාන් ගේ ෆිගර් එක දාන් ඇවිත් යු ආ සෙක්සි ගර්ල් කියන අයියලත් ඉන්නවා .ඒ නිසා පරිස්සමින්.
අවුරුදු දහසයක් ,දාහතක් වෙද්දි බොයි ෆ්‍රේන්ඩ් කෙනෙක් නැති ගර්ල් කෙනෙක් නෑ නේහ්.හරි බොයි කෙනෙක් හම්බ උනොත් එක ගැහැණු ළමෙක්ට ලැබෙන ලොකුම වාසනාවක් එයාගේ ජිවිත කාලය තුළදි .ඒත් වැරදි කෙනෙක් හම්බ වුනොත් ඔයාගේ මුළු ජිවිතේම ඉවරයි නේද? සමහර විට ඔයාට ඔයාගේ ජිවිතෙනුත් වන්දි ගෙවන්න වෙනවා.ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔයාව ඉස්සෙල්ලම රූම් ගානේ එක්කන් යන්නේ නෑ.ෆෝටෝස් අරන් විඩියෝ කරලා අරවගේ මේවගේ දානවා කියලා බ්ලැක්මේල් කරන්නෙත් නෑ .ඔයා දක්ෂ වෙන්න ඕන එහෙව් අවස්ථාවාදි අයගේ හැටි මුලදිම අදුර ගන්න.ඔයා ඉගන ගන්න කෙනෙක් නම් එයා වෙහෙසෙන්න ඕන ඔයාගේ ජිවිතේ ගොඩ දාන්න.අයියා කෙනෙක් වගේ ළගින් ඉදන් උපදෙස් දෙන්න.අද ක්ලාස් කට් කරමු කියන කෙනෙක් නෙමෙයි ,නොගියොත් ඔයාට වෙන පාඩුව පෙන්නලා දෙන කොල්ලෙක් හොයා ගන්න.ටිකක් කොටට අදින කොට එකේ වැරැද්ද පෙන්නලා තමන්ට ගැළපෙන විලාසිතා කරන්න කියලා උපදෙස් දෙන කෙනෙක් , ඔයාට බෑ කියලා ඔයාගේ ඉලක්ක වලට යන ගමනේදි ඔයා වැටෙද්දි ,නෑ පුළුවන් කියලා ඔයාව දිරිමත් කරන කෙනෙක් හොයා ගන්න.එහෙව් අයට වරදින්නේ හරි අඩුවෙන්.
ඔයාට තියෙන අවයව ටිකම තමයි ගැහැණු හැමෝටම තියෙන්නේ .එකේ විශේෂත්වයක් නෑ නේහ්.ඔවා පෙන්න ෆොටෝ දැම්මා කියලා ඔයාට වෙන හොඳකුත් නැත්තම් ඇයි නොපෙනෙන්න වහන් ඉන්න ඕන එවා ප්‍රදර්ශන භාණ්ඩ කරන්නේ.එක තමයි නූගත් මෝඩ කම කියන්නේ.එහේම කරන්න එපා කියලා උපදෙස් දෙන අයව ටිකක් ගොඩේ ටයිප් එකට තමයි එයාලට මුලින් පෙන්නේ.මේක තමයි ට්‍රේන්ඩ් එක,ඔයාලා ගොඩේ,ලංකාවේ තාම වැදි මානසිකත්වයේ ඉන්නේ ,ඔය වගේ ලොකු කතාන්දර ගොඩක් තමයි අහන්න වෙන්නේ එයාලගෙන් අපිට.එත් වැරදුන දවසට නම් කනට ගැහුව්වා වගේ තේරෙයි .එතකොට නම් ඉතිං ටු ලේට් තමයි.
ගැහැණු ළමෙක්ගේ දෙවල් ලොකේ වටේ නරක විදියට ෂෙයා වෙද්දි එවට උල් පන්දම් දිදි ඒ ළමයගේ මානසික මට්ටම තවත් පහතටම ඇදලා දාන්න තරම් කුහක මිනිස්සු වෙන්න එපා.ගහන්න පුළුවන් මඩ සේරම ගහලා ඒ ළමයට ඔවා දරාගන්න බැරුව ජිවිතයෙන් වන්දි ගෙව්වම R.I.P සිස් කියලා මෙකේ වටේ ෂෙයා කරාට වැඩක් නෑ නේහ්.එතකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි .
පහුගිය කාලේ ගොඩක් තරුණ ජිවිත බෙල්ලේ වැල දා ගත්තේ,කොච්චියට බෙල්ල තිබ්බේ මේ වගේ වගකිමක් නැතුව කරගත්ත වැඩ නිසා තමයි .ඔයා මෙතන ෆැෂන් ෂෝ කරලා ,නොදන්න අයියලා ජිවිතේට ළං කරගෙන ජිවිතෙත් විනාශ කරගෙන, ඒවා දරාගන්න බැරුව මේ ලොකෙත් දාලා යයි ,fb එකේම ස්ටේටස් එකකුත් දාගෙනම.එත් අන්තිමේදී මැරි මැරි දුක් විදින්න වෙන්නේ මේ මෙලෝ දෙයක් නොදන්න අහිංසක අම්මටයි ,තාත්තටයි .
ෆැෂන් කියන දේ හරි ලස්සන කලාවක්.හරියට කරනවනම්.ඒ නිසා තැනට ගැළපෙන විදියට ඒ දේවල් කර ගන්න.ඔයා දන්නවා ද ඔයා මෙකේ අඩ නිරුවත් වෙලා දාන ෆොටෝ නිසා එවට වන්දි ගෙවන්නේ අර කොහෙවත් ඉන්න හද්ද පිටිසර ගම්වල දුක් විදින කෙල්ලෝ කියලා .එහෙම හිතෙන්නෙවත් නැතුව ඇති නේද?නිළියෝ කියන අයයි මෙකේ ඉන්නේ අක්කලා ,නංගිලයි කරන බහුරූ කෝල්ම් දැකපු නුගත් මිනිස්සු එයාලගේ හැඟිම් පිටකරගන්නේ ඒ අහිංසක ළමයින්ගෙන්
ඒ නිසා තමයි පුංචි සේයා වගේ ළමයි එවට වන්දි ගෙව්වේ.අයියට ,අක්කලා ,නංගිලව අමුත් විදියකට පෙන්නේ,හැට පැනපු හොට බිම ඇනුන අයට තමන්ගේ දුවලා වගේ කෙල්ලෝ නරක විදියට පෙන්නේ ඔය බහුරූ කෝලම් නිසා තමයි.ඒවා ඉතිං එක්කෙනෙක් ට විතරක් හදන්න පුළුවන් දේවල් නෙමෙයි .ඕවා සමාජ ප්‍රශ්න.තමන් ගැන හිතලා හැමෝම හැදෙනවා නම් මේ ප්‍රශ්න වලට උත්තර
හම්බෙයි.කෙසේ හෝ මේ ෆේස්බුක් කියන්නේ තමන්ගේ පෞද්ගලික දේපළක් කියලා හිතලා හැමදේම මෙක ඇතුලේ නොකර පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩ කරා නම් ලස්සන තැනක් වෙයි ෆේස්බුක් එකත්.
හැඟිම් පාලනය කියන එක තරුණ ගැහැණු ළමෙක්ට ගොඩක් වටින දෙයක් එයාගේ ජිවිතයට.ආසයි කියලා බදා ගන්න දේවල් හරි තාවකාලික තෘප්තියක් දෙන්නේ ඔයාට.උගත්කමත් එක්කම සංවරකම කියන එකත් අරන් යන්න ඔයාගේ ජිවිතයත් එක්කම.එහෙව් අයට බෙල්ලේ වැල දා ගන්න වෙන්නේ නෑ.කොහෙවත් යන අවස්ථාවාදි අයියලා නිසා කොච්චියට බෙල්ල තියන්නත් ඔන වෙන්නේ නෑ.ඒ නිසා තමන්ට ලැබුන ජිවිතය විනාශ නොව් බලා ගන්න,වගකිමෙන් වැඩ කරන්න හැම ගැහැණු ළමෙක්ම හිතට ගත්තා නම් ඔයාලා හැමෝම එන්ජල්ස් ලා තමයි සිස්. :-)
https://youtu.be/Cf6rTWHiSJ4 NMK.
Comments
Post a Comment