01. දුම්පානයේ ඇත්ත ගැන තත්වය ගැන දැනුත්වීම. ඔබ දන්නවාද?

දුම්බීම නවත්වන මග: පුංචි පියවර 06කින් දුම්පානය ස්ථිර ලෙසම නතර කරමු



දුම්බීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා සෑම තත්පර 5-6 කට වරක් යම් පුද්ගලයකු මිය යන බව?

Barb Tarbox True story

තරුණ වියේ සිට වසර 20ක් නොකඩවා දුම්පානය කිරීම තුළින් ආයු කාලය වසර 25කින් අඩුවන බව?

Image: whizolosophy.com

අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා ආදී බරපතල රෝගාබාධවලට ලක්වන බව?

Image: ozonetherapymalaysia.com

පෙනහළු පිළිකා , මුඛ හා උගුර ආශ්‍රිත පිළිකා, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීමේ අවදානම වැඩිවන බව?

Image: Nairaland.com

ලිංගික ඛෙලහීනතාව, වඳභාවය හා ස්නායු දූර්වලතාවයන් ඇතිවන බව?

Image: dradvice.in

 

02. දුම්බීමේ දීර්ඝ කාලීන බලපෑම් දැනගැනීම.

Image: anatomystuff.co.ukකිරීටක ධමනි සිහින් වීම මගින් හෘදයාබාධ ඇතිවීම.ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු වීම.මොළයට රුධිරගත සපයන රුධිර නාල අවහිරවීම මගින් මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වී එමගින්අංශභාග රෝග ඇතිවීම.වයසට වඩා වැඩි පෙනුමක් ගෙනදීම.නිය, දත්, දූර්වර්ණ වීම.

03. අක්‍රීය දූම්පානය නිසා ඔබ ආදරය කරන අයට කරන හානිය අවබෝධ කර ගැනීම.

Image: dailymail.co.uk

දූම්පානය කරනු ලබන තැනැත්තා පමණක් නොව ඔහු ඇසුරේ සිටින බිරිඳ, දූ දරුවන්, අසල්වාසීන් සියළු දෙනාම දූම්බීමේ බලපෑම් වලට ලක්වේ.

Image: wonderwardrobes.com

කුඩා දරුවන් ඇදූම රෝගය ආදී ශ්වසනාබාධ වලට ලක්වීම හා දූම්පානය කරනු ලබන්නෙකු අසල සිටින ගැබිණි මාතාවකට අඩු බර උපත් හා විවිධ ආබාධ සහිත දරුවන් ලැබීමේ වැඩ අවදානමක් ඇතිවේ.

04. ඔබේ තීරණය ක්‍රියාත්මක කිරීම.

Image: aprilyus | ඔබගේ දුම්බීමේ පුරුද්ද ඔබට නතර කිරීමට නොහැකිනම්, පිළිකාව විසින් එය නතර කිරීමේ වගකීම බාරගනු ඇත

දුම්බීම නතර කිරීමට අධිෂ්ඨාන කර ගන්න.

Image: quitsmokingcommunity.org

ඒ සඳහා,ඔබගේ උපන් දිනය, දරුවෙකුගේ උපන් දිනය හෝ වෙනත් විශේෂිත දිනයක් තෝරා ගන්න.

Image: gethealthycarsoncity.org

ඒ සඳහා පෙර සුදානමක් තිබිය යුතුයි.

Image: AptGadget.com

මෙම තීරණය ක්‍රියාත්මක කරවීම ඔබට තනිවම හෝ ඔබේ හිතවතුන් කණ්ඩායමක් සමග එකතුවී හෝ සිදූකල හැකිය.

05. ස්ථිර ලෙසම දුම්බීම නවත්වන්නේ කෙසේද?

බොහෝ අයට දුම්පානය නතරකිරීමේ පුරුද්ද දිගටම පවත්වාගෙන යන්න අපහසු වෙන්නෙ මෙන්න මේ කරුණු නිසා. ඒ නිසා මේ ගැන නැවත හිතන්න.

ඉඳහිට යහලුවෙක් හමුවුන විටකදී හෝ මත්පැන් සාදයකදී සිගරැට්ටුවක් දල්වා ගත්තාට වරදක් නැතැයි නොසිතන්න.

Image: Imagefully.com

ඔබ දූම්පානය නතර කළ අයෙක් යැයි සිතමින් ස්වයං සාඩම්බර බවකින් නිතර පසුවන්න.

ඔබ දූම්පානය ස්ථිර ලෙසම නතර කල බව සිගරැට්ටුවක් දික් කරන ඔබේ යහළුවන්ටත් පවසන්න.

Image: nationalelfservice.net

සිගරැට්ටුවක් දල්වා ගැනීමේ ආශාවන් ඇති වු විගස ඔබ දැන් දූම්පානය අත්හල අයෙක් බව සිතන්න. ඔබගේ සිත පාලනය කර ගැනීමට ධෛර්යමත් වන්න.

සිගරැට්ටුවක් දැල්වීමට සිතෙනා විටෙක ඒ වෙනුවට පළතුරක් කෑමට හෝ පළතුරු බීමක් වැනි යමකට ක්‍රමානුකූලව හුරුවන්න.

Image: smokingcessationformula.com

සිගරැට් මිලදී ගැනීමට යොදන මුදල් එකතු කරන්න. එම මුදලින් දූම්පානය අත්හල මුල් දිනය, මුල් සතිය, මුල් මාසය, වසර අවසානයේ ඔබට වටිනා යමක් මිලයට ගෙන සතුටු වන්න.

06. දුම්බීම නැවැත්වීමෙන් ඔබ ඔබට අත්වන වාසි නිතර මෙනෙහි කිරීම.

Image: chowdhurysdigital.comවඩා නිරෝගී දිවියක් සඳහා දූම්පානය අත්හරින්න.හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුකර ගන්න.පිළිකා ඇතිවීමේ අවදානමෙන් මග හැරීමට කටයුතු කරන්න.තම දරුවන්ට ආදර්ශයක් වීම සඳහා ද මුදල් ඉතිරි කරගැනීමටද හැකිවේ.

තවමත් දුම්පානය කරන ඔබට රතු එළියක්: පිළිකා පිළිබඳ සැක කළ යුතු සංඥා 7 කි.

Image: wiseGEEK.comසුව නොවන තුවාලයක්.පියයුරු වල හෝ අන්තැනක ගැටයක් හෝ ඝන විමක්.අස්වාභාවික ලේ වහනයක්.ගැටයක, කළු ලප හෝ ඉන්නෙකුගේ වෙනස් විමක්.කල්පවතින අඡීර්ණ හෝ ගිලීමේ අපහසුවක්.කල් පවත්නා කටහඬ වෙනස්වීමක් හෝ කැස්ස.මළ පහවීමේ, මුත්‍රා පිටවීමේ වෙනසක් හෝ එමගින් ලේ පිටවීම.

දූම්බීමට ඇබ්බැහි වුවාට පසු, එය අත් හැරීම පහසු නැත. එහෙත් මේ ගැන සිතන්න.

Image: lanlinglaurel.comහෘද රෝග වලින් මිදුනු ඡීවිතයක්.පිළිකා අනතුරින් මිදීමට මගක්.සතුටින්, සැපවත් දිවියක් ගෙවීමට තිරසාර කාලයක් ලැබේ.

සිහි තබාගන්න

Image: imaginefm.netඅහාර සඳහා වැඩිපුර එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග අනුභව කරන්න.මේද අධික ආහාර සහ මස් වර්ග අනුභවය අඩු කරන්න.තම ශරීරය නිරෝගීව තබා ගන්න.මත්පැන් ,මත්ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න.

සැ.යු- සෑම මසකට වරක්ම දෙවන සතියේ ඉරිදා දින ශ්‍රීලංකා පිළිකා සංගම් මුලස්ථානයේ දී නොමිලේ පැවැත්වෙන සර්වරෝග සායනයට පැමිණ ඔබගේ පරීක්ෂාවන් සිදූ කර ගත හැකිය.

උපදෙස්- සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරිනි.

Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ