Fb යන අක්කට ,නංගිට
රත්තරන් අම්මලා ,තාත්තාලා මලක් වගේ පරිස්සමට හදපු ආදරණිය අක්කලටයි ,නංගිලටයි ලියන්න හිතුනා. :-) ලස්සන ලස්සන ගවුම් පොඩි අන්දලා අපේ හැඩ වැඩ බලපු අම්මගෙයි ,තාත්තාගෙයි හිතේ අපි ගැන කොච්චර නම් හීන තියෙන්න ඇතිද? ටිකක් කරදඩු උස් මහත් උනාම ,සමාජයට ඇතුළු වුනාම ,අපි දැන් ටිකක් ලොකුයි කියලා හිතලා, හෙන ගැම්මෙන් ඉන්න කාලයක් තමයි ඔයත් මමත් අපි හැමෝමත් මේ ගෙවන්නේ. ඒ ගැම්ම තවත් ටිකක් වැඩි වුනා නේද අපේ අතට ස්මාර්ට් ෆෝන් එකක් හම්බ වුනාම.O/L හරි A/L හරි පාස් වුනාම තෑග්ගකට කියලා ඉල්ලුවේ පොඩි කාලේ වගේ රූං පෙතියි,ජපන් බෝනික්කොයි නෙමෙයි නේහ්.එක්කෝ ලැප්ටොප් එකක් නැත්තම් ,ස්මාට් ෆෝන් එකක්. එයාලා ආදරෙන් හුරතල් කරලා හදපු අපිට ඉල්ලපු දෙයක් අරන් නොදි ඉදලා තියෙනව ද? කලාතුරකින් අනවශ්‍ය දෙයක් අරන් නොදුන්නත් ,බැනලා බැනලා හරි අපිට ඒ දේවල් අරන් දුන්නා නේද? කියපු ගමන්ම ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා නම් ඒක බොරුවක්.මොකද ඕක ගන්න හත අට පාරක්වත් කෙදිරි ගාන්න වුනා නේද?.ඔයාට මතකද ඕක අතට දෙනකොට දාපු කෝන්දේසි ටික? ඒ ටික මතක නම් අද කිසිම ගැහැණු ළමයෙක් අම්මගේ සාරි පෝටේ එල්ලිලා බෙල්ලේ වැල දා ගන්නේ වත්, පිරිම් ළමයි කොච...