පවසන් ඩයනා --නොපවසන් කුමරිය ඩයනා" Call me Diana --Not Princess Diana
වෙල්සයෙහි
කුමරිය,රොත්සි හි
ආදිපාද
දේවිය ,කොන්වොල් හි ආදිපාද දේවිය යන
නම් වලින් හැඳින් වු ඇය මිහිපිට පහළ වු
මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වි
දේවිය ,කොන්වොල් හි ආදිපාද දේවිය යන
නම් වලින් හැඳින් වු ඇය මිහිපිට පහළ වු
මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වි
-ම වැරදි නැතැයි මා සිතමි.ඇය නමින් අප
කවුරුත් දන්නා හඳුනන ඩයනා කුමරියයි.
🌻 නොෆොක් හි , ෂැන්ඩ්‍රින්හැම් ප්‍රාන්තයේ ,
8 වන අර්ල්වරයා වු ජෝන් ස්පේන්සර්ට දාව
ෆ්‍රාන්සිස් ෂාන්ඩ් කිඩ්ගේ කුසින් මේ පින්වත්
කුමරිය එළිය දැකිය.ඒ 1961 ජුලි මස 01
වනදාය .ඇය ඉපදුනේ දරුවන් පස් දෙනෙකු
අතර සිව්වැන්නා ලෙසය.ඩයනා ස්පෙන්සර්,
ඩයනා ෆ්‍රාන්සිස් යන නම්වලින් ද හැඳින්වු
ඇය මුළු ලොවම වශි කරගත් මානව
දයාවේ කුමරිය වුවාය .
8 වන අර්ල්වරයා වු ජෝන් ස්පේන්සර්ට දාව
ෆ්‍රාන්සිස් ෂාන්ඩ් කිඩ්ගේ කුසින් මේ පින්වත්
කුමරිය එළිය දැකිය.ඒ 1961 ජුලි මස 01
වනදාය .ඇය ඉපදුනේ දරුවන් පස් දෙනෙකු
අතර සිව්වැන්නා ලෙසය.ඩයනා ස්පෙන්සර්,
ඩයනා ෆ්‍රාන්සිස් යන නම්වලින් ද හැඳින්වු
ඇය මුළු ලොවම වශි කරගත් මානව
දයාවේ කුමරිය වුවාය .
🌻ස්පෙන්සර් පෙළපත බ්‍රිතාන්‍යයේ පැරණිතම සහ
වැදගත්ම පෙළපතක් වූයේය. සිය පෙළපත් නාමය ඉදිරියට ගෙනයාමට ස්පෙන්සර් පවුලේ
තුන්වැන්නා වූ පුත්‍රයාට වරම් ලැබුණේ නැත. ඒ ඔහු උපතින් දින කීපයක් ගිය තැන
දෙවියන් වහන්සේ විසින් ආපසු කැඳවාගත් බැවිනි .සාරා ,ජේන් ,සහ චාල්ස් යන අය ඩයනා කුමරියගේ සහෝදර ,සහෝදරියන් වුවෝය.
🌻නමුත් ඩයනා උපදින්නට වසරකට පෙර මියගිය ජෝන්
පිළිබඳ මතකය සෑමවිටම ඔවුන්ගේ නෙත්
කඳුළින් පුරවාලීය. ඩයනාට වයස අවුරුදු 7 සපිරෙන විට තම දෙමාපියන් දික්කසාද වූ නිසා ඇයට පියාගෙන් ඈත්වන්නට සිදුවිය.
කඳුළින් පුරවාලීය. ඩයනාට වයස අවුරුදු 7 සපිරෙන විට තම දෙමාපියන් දික්කසාද වූ නිසා ඇයට පියාගෙන් ඈත්වන්නට සිදුවිය.
🌻1968 දී රිඩ්ල්න්වර්ත් හෝල්හි බාලිකා පාසලට ඇතුළුවූ
ඩයනා, ඉගෙනීමෙහි
දක්ෂකම් දැක්වූ ශිෂ්‍යාවක් වූයේ නැත. පසුව ඇයට වෙස්ට්හෙල්ත් කාන්තා පාසලට ඇතුළු
වීමට සිදුවිය. එහිදී ඇයට සිය
s7පළමු පෙළ විභාගයෙන් දෙවරක්ම අසමත්වීමට සිදුවූයේද එබැවිනි.රාජ කුමාරිකාවක් වුවද ඇය ඉගෙනිමෙහි දක්ෂතාවයන් නොපෙන්නුවාය.
s7පළමු පෙළ විභාගයෙන් දෙවරක්ම අසමත්වීමට සිදුවූයේද එබැවිනි.රාජ කුමාරිකාවක් වුවද ඇය ඉගෙනිමෙහි දක්ෂතාවයන් නොපෙන්නුවාය.
🌻ඩයනා පාසලේ ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට
හේතුවූ කාරණා 2ක් තිබිණි.
ඉන් පළමුවැන්න ජෝන් ස්පෙන්සර් අර්ල්වරයාගේ තෙවැනි දියණිය දෙවරක්ම
පළමු පෙළ විභාගය අසමත් වීමයි.
පළමු පෙළ විභාගය අසමත් වීමයි.
🌻 දෙවැන්න මුළු පාසලෙන්ම දක්ෂ ලෙස පියානෝ වාදනය
කළ හැකි එකම ශිෂ්‍යාව ඇය වීමයි. 1977 දී පාසල් අධ්‍යාපනය නිම කළ ඩයනා සංගීතය සහ බැලේ
නර්තනය තවදුරටත් ප්‍රගුණ කරනු ලැබුවාය. බැලේ නර්තනයටත්, පියානෝ වාදනයටත් අමතරව ඇය පිහිනීමට සහ කිමිදීමට
අතිදක්ෂකම් ප්‍රදර්ශනය කළාය.
🌻ඩයනාගේ 18 වැනි උපන් දිනයට ඇයට සිය මවගෙන් ලැබුණේ අමතක
නොවන ත්‍යාගයකි. ඒ පවුම් 50,000ක මිලක් ගෙවා
අර්ල්ස් කෝට් ප්‍රදේශයෙන් මිලදී ගත් නිවසකි. 1979 වසරේ සිට 1981 දී විවාහ වනතුරු ඩයනා ජීවත්වූයේ මෙම
සුඛෝපභෝගී නිවසේය. එහිදී මව විසින් ඩයනාට විශේෂ ආහාර වට්ටෝරුවලට අනුව ඉවුම්
පිහුම් කටයුතු පුහුණු කළද ඇය ආහාර පිළියෙළ කිරීමෙහි දක්ෂතා දැක්වූයේ නැත.
🌻ඇගේ අනාගතය තීරණය වන හමුව සිදුවූයේ 1978 දීය. සිය
සොයුරිය සාරාගේ මාර්ගයෙන් ඔටුන්න හිමි චාල්ස් කුමරු දැන හැඳින ගත්තේ උත්සවයකට
සහභාගි වීමෙනි. මෙම දැන හැඳිනීම අවසන් වූයේ 1981 ජූලි මස 29 දින සිදුවූ සුරංගනා කතාවක් වන් විවාහ මංගල්‍යයකිනි.
🌻1982 දී උපන් විලියම් බිලිඳා ද, 1984 උපන් හැරී
බිලිඳා ද මේ සුරංගනා කතාව තව තවත් ලස්සන කළහ. එසේ වුවද රාජකීය විවාහය දෙදරා යන්නට
වැඩි කලක් ගතවූයේ නැත. රාජකීය පවුලේ හැලහැප්පීම්වලට ලුණු ඇඹුල් එක් කළ පැපරාසීන්, තම පුවත්පත් අලෙවිය සිය ගුණයකින් ඉහළ දමා ගත්හ.
🌻පාඨකයන්ද රජ පවුලේ වතගොත රස කරමින් භුක්ති
වින්දහ. අමිහිරි විවාහ දිවියක වසර 11ක් ඇලීගැලී හුන් ඩයනා කුමරියගේ ඉවසීමේ සීමාව
බිඳී ගියේ 1992 වසරේදීය. ඇය
විසින් ප්‍රකාශ කරන ලද ‘ඩයනා සහ ඇගේ සත්‍ය කතාව’ ඇන්ඩෲ මොට්න්ගේ කර්තෘත්වයෙන් මුද්‍රණය
වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එමගින් ඇය රජ පවුල දෝෂාරෝපණයට ලක් කළා පමණක් නොව
චාල්ස් සහ කැමිලා අතර තිබූ අයථා සම්බන්ධයද හෙළි කර සිටියාය.
🌻 ඒ සමගම ඔවුන් නීතියෙන් වෙන්වූහ. කැමිලා සහ
චාල්ස් අතර සිදුවුණු පෙම් කතා පටිගත කළ කැසට්පටයක් ‘කැමිලා ගේට්’ නමින්
එළිදැක්වුණේද මේ කාලයේදීමය. එයට සවන් දුන් බ්‍රිතාන්‍ය වැසියන් චාල්ස් කුමරු රජකමට
සුදුසු නොවන බව ප්‍රකාශ කරමින් විරෝධතාද පවත්වන්නට වූහ. විවිධ අපහාස හමුවේ මුනිවත
රැකි චාල්ස් කුමරු, සිය මිතුරියක
මෙන්ම රාජකීය ප්‍රකාශිකාවද වූ ජෙනී ජූනර් වෙත තම කතාව කියන්නට තීරණය කළේය. ඒ අනුව 1991දී ‘චාල්ස් -
ඩයනා විවාහක ප්‍රතිරූපය සහ දෙවැනි එළිසබෙත් රැජින’ නමින් ග්‍රන්ථයක් නිකුත් විය.
ඩයනා යනු මානසික සමබරතාව ගිලිහුණු (එනම් බියුලිමියා රෝගී) කාන්තාවක ලෙස එහි සඳහන්ව
තිබිණි. එපමණක්ද නොව ඇය පස් වතාවක් සියදිවි නසාගන්නට උත්සාහ කළ බවද, එයට හේතුව ඇය කුඩා කල මුහුණ දුන් අප්‍රසන්න
පවුල් වාතාවරණය බවද එය චාල්ස් කුමරුගේ වරදක් නොවන බවද එහි වැඩිදුරටත් සඳහන් විය.
🌻මේ නිසා විලියම් සහ හැරි කුමරුගේ ජිවිතද විවිධ
වෙනස් විම් වලට ලක්විය.එක් අවස්ථාවකදි ඔවුන් පියා සමඟ නොෆොක් හි සැන්ඩින් නම්
රාජකීය වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරිමට යාම නිසා ඩයනා කුමරිය මහත් සේ කිපුණාය
.පසුව ඇය ඔවුන්ව කොලරාඩෝ සහ කැරිබියන් දුපත් වල විනෝද විම සඳහා රැගෙන ගියාය.සත්‍ය
වශයෙන් ම මෙම දෙමාපියන්ගේ පැවති අසමගිය නිසා ඔවුන් මහත් සේ කම්පනයට ලක් වුහ.තම
පියා කැමිලා නැමති තැනැත්තිය සමඟ සම්බන්ධ විමත්,මව අශ්වාරෝහක උපදේශකයකු සමඟ පෙමින් වෙලිමත් මිට
හේතු කාරණා ලෙස පෙන්වා දිය හැකිය.මේ නිසා ,උසස් පාසලේ දි පවා ඔවුන්ට විශේෂිත පුද්ගලයන් සේ
සැලකුම් නොලැබුනහ.ඔවුන්ගේ ,තාඩන,පිඩන සහ විවිධ උසුළු ,විසුළු වලට පවා ඔවුන්ට මුහුණ දිමට සිදු විය.
🌻 ඊට්න් හි ,උසස් විදුහලේදී පවා ඔවුන් දෙදෙනාට රාජකීය පවුලේ
සාමාජිකයන් ට මෙන් සැලකුම් නොලැබුනහ .දික්කසාද වු දෙමාපියන් සිට්න දරුවන් සඳහා
පවත්වනු ලබන විශේෂිත දේශන සඳහා ද ඔවුන්ට සහභාගී විමට සිදුවිය .1996 පෙබරවාරි මස 28 වන දින ඩයනා සහ චාල්ස් නිතියෙන් වෙන්වන
ලදි.ඔවුන් නිතියෙන් වෙන් වුවද අනාගත බ්‍රිතාන්‍ය රජුගේ ,එනම් විලියම් කුමරුගේ මව වන නිසා
"වෙල්ස්භි කුමරිය" යන ගෞරව නාමය එලෙසම තබා ගැනිමට ඇයට නිතියෙන් අවසර
ලැබුණි.නමුත් මෙම කුමන තනතුරු වලටත් වඩා ඇයට වටිනාකමක් එක්කලේ ඇයගේ රූපශ්‍රීයත්, අසරණ සරණ සේවයත් නිසා ,බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් රටවැසියන්ගේ සිත් හි
රැඳි " හඳවතේ කුමරිය " නම් වු මානුෂිය ගෞරව නාමයයි.
🌻🌻 මේවන විට ස්ක්විඩ්ගේට් දුරකථන සමාගමේ ,ජේම්ස් ගිල්බ්,රෝයල් කේවට් ආදින්ද ඩයනාගේ නම හා ඈදි
සිටියහ.නමුත් එය ඩයනාටවත්,ඩයනාට පෙම්
බඳින් ලෝවටා සිටින ජනතාවටත් කිසිදු ප්‍රශ්නයක් නොවිය.ඩයනා පිළිබඳව සිදුවු
ආන්දෝලාත්මක සිද්ධිය වුයේ ,චාල්ස්
කුමරුගේ එකම සහෝදරියගේ දෙවනවර විවාහ උත්සවේදි ය.ඩයනා සහ චාල්ස් නිතියෙන් වෙන්විමට
තීරණය කර ඇති බව ඈ ප්‍රසිද්ධියේ දන්වා සිටියේ මේම මංගල්‍යය අවස්ථාවේදී ය.එයින්
චාල්ස්ගේ නැගණිය වු ඈන් කුමරිය මහත් සේ කිපුණාය .ඈ පැවසුවේ ඩයනා කුමරියට යම්
පිස්සුවක් සැදි ඇති බවය.එලේස පැවසුවේ ඔවුන්ට සිදු වු අපකීර්තිය නිසා විය හැකිය.
🌻ඩයනා කුමරියගේ ප්‍රතිරූපය කිසිවෙකුට වෙනස්
කිරිමට නොහැකි වියේ ඈ තුළ තිබු මානුෂික ගුණාංග ඊට වඩා ප්‍රභල වූ නිසාය.ඒඩ්ස්,ලාඳුරු වැනි මුළු ලෝකයෙන්ම ගැරහුම් පවා ලැබු
රෝගින් දෙස ඈ තම කරුණාබර දෑස් යොමුකලේ තමාගේ වටිනාකම තව තවත් ලෝකයාට දැනෙන
පරිද්දෙනි .
🌻🌻 බ්‍රිතාන්‍යයේ " හැරඩ්ස්" නම් වු
සුපිරි වෙළෙඳ සමාගමේ හිමිකරු වු ඩොඩ් ඇෆ්ඩම් නම් වු ඊජිප්තු සම්භවයක් පැවති
මුස්ලිම් ජාතික ධන කුවේරයා විසින් ඩයනා කුමරියට බෙහෙවින් උදව් උපකාර කළහ.මේ
සම්බන්ධතාවය නම් පැපරාසින්ගෙන් සඟවා තබා ගැනිම එතරම් පහසු කාර්යක් නොවිය.
🌻1997 අගෝස්තු 31 වන දින ප්‍රංශයේ නිවාඩුවක් ගත කරමින් ඊට්න්
හෝටලේ නවාතැන් ගත් එම යුවළ පසුපස පැපරාසින් පැන්වුයේ හිත්පිත් නැති සුනඛ රැළක්
පරිද්දෙනි .ඔවුන්ගෙන් මිදි තම සුඛෝපභෝගී බෙන්ස් රථයට ඩයනා කුමරියව නංවා ගත් ඩෙඩ්
රියදුරාට අණකලේ ඉතා වේගයෙන් පැරසිය දෙසට ගමන් කරන ලෙසටය.පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් ගත් රථය සෙන් නදියේ උමං පාලම
තුළින් ගමන් කිරිමේදී, රියදුරාට
වාහනය පාලනය කරගත නොහැකි විය. වාහනය පාලමේ කොන්ක්‍රීට් බිත්ති වල ගැටි මාරාන්තික
අනතුරක් සිදු වුයේ ,කිසිවෙකුත්
නොසිතු පරිද්දෙනි .ලොවක් සුවදින් නැහැවු ඒ රෝස කුසුම සදාකාලිකව නිදියහනට වැදුනේ මේ
මාරාන්තික අනතුර හේතුවෙනි.
🌻තම හිටපු බිරිඳ ගේ අභාවය දැනගත් චාල්ස් කුමරු
ඇයගේ දේහය බ්‍රිතාන්‍යයට ගෙන්වා ගත්තේ රාජකීය අවමංගල්‍යය උත්සවයක් පැවැත්විම සඳහා
ය.මේ සඳහා බකිංහැම් මාළිගාවත්,ශාන්ත ජේම්ස් මාළිගාවත් ,කෙන්සිංටන් මාළිගාවත් මල් කළඹ වලින් පිරි ඉතිරි
ගියහ.දින 07ක ශෝක කාලයක් බ්‍රිතාන්‍ය
තුළ නියම කරන ලදි.ලෝවටා ජනතාව මල් කළඹවල් ඈ වෙනුවෙන් ගෙන ආහ .ඇඩු කඳුලින් ඇගේ
නික්මිම දෙස බලා සිටිහ.
🌻 වෙල්ස් හි කුමරිය ලොවක් හඬවමින්,අර්ල්කොප් හි කුඩා දුපතක සමාදානයෙන් සැතපිමට
පියඹා ගියේ,එල්ටන් ජෝන්ගේ
,"කැන්ඩ්ල් ඉන්
අ වින්ඩ්" ගීතයෙන් දෙසවන් පුරවාගෙනය.කොටියක් ජනතාවගේ දෑස් කදුලින් තෙත් කළ
කුමරිය ඩයනා සදාකාලිකව අප අතරින් වෙන් වි ගියාය...😓
Comments
Post a Comment