පවසන් ඩයනා --නොපවසන් කුමරිය ඩයනා" Call me Diana --Not Princess Diana
වෙ ල්සයෙහි කුමරිය , රොත්සි හි ආදිපාද දේවිය , කොන්වොල් හි ආදිපාද දේවිය යන නම් වලින් හැඳින් වු ඇය මිහිපිට පහළ වු මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වි - ම වැරදි නැතැයි මා සිතමි.ඇය නමින් අප කවුරුත් දන්නා හඳුනන ඩයනා කුමරියයි. 🌻 නොෆොක් හි , ෂැන්ඩ්‍රින්හැම් ප්‍රාන්තයේ , 8 වන අර්ල්වරයා වු ජෝන් ස්පේන්සර්ට දාව ෆ්‍රාන්සිස් ෂාන්ඩ් කිඩ්ගේ කුසින් මේ පින්වත් කුමරිය එළිය දැකිය.ඒ 1961 ජුලි මස 01 වනදාය .ඇය ඉපදුනේ දරුවන් පස් දෙනෙකු අතර සිව්වැන්නා ලෙසය.ඩයනා ස්පෙන්සර් , ඩයනා ෆ්‍රාන්සිස් යන නම්වලින් ද හැඳින්වු ඇය මුළු ලොවම වශි කරගත් මානව දයාවේ කුමරිය වුවාය . 🌻 ස්පෙන්සර් පෙළපත බ්‍රිතාන්‍යයේ පැරණිතම සහ වැදගත්ම පෙළපතක් වූයේය. සිය පෙළපත් නාමය ඉදිරියට ගෙනයාමට ස්පෙන්සර් පවුලේ තුන්වැන්නා වූ පුත්‍රයාට වරම් ලැබුණේ නැත...